Peace journalism is when editors and reporters make choices – about what to report, and how to report it – that create opportunities for society at large to consider and to value non-violent responses to conflict.

මට ලියන්න බැරිවුන දෙයක් හෝ පුද්ගලයෙක් මෙතනට ඇතුලත් වෙන්න උවමනානම් එය පහත අදහස් වශයෙන් ලියන්න කියලා මුලින්ම කියන්න ඕනෑය. ඒ වගේම මෙහි අඩංගු පින්තූර හරියාකාරව නොගැනීම පිළිබඳ සමාවන්ට ඕනෑය.

හදිසියේ කඩාපාත්වෙන වැඩ සාමාන්‍යයෙන් හරියන්නේය. මාස ගනං සැලසුම් කර කරන වැඩ බොහෝවිට මැදදී කුමක් හෝ සිදුවීමෙන් ඇදවෙන්නේය. මේ මගේ ජීවිතේට පොදු න්‍යායයි.


ඒ වගේ හදිසියේ කඩාපාත්වූ වැඩක් ගැනයි මේ කියන්න යන්නේ. මේ කටයුත්තට මුල පිරුවාය කියලා මුලින්ම සලකන්නේ අජිත් ධර්ම මහතායි. කුඩා කාලයේ බදුල්ලේ ලුණුගල ප්‍රදේශයේ පාසල් ගොස් ඇති එතුමාට ඇතිවුන සිතුවිල්ලක් අනුව මේ කටයුත්තට මුල පිරෙනවා. කල්‍යාන මිත්‍ර නමින් හැඳින්වෙන හෙල බ්ලොග් කලාවේ පුරෝගාමී චරිතය අපේ හේමමාලි භාග්‍යා නංගී එක්ක මුලිංම මේ ගැන කියා තිවුනේ එක්තරා දහවලක මුහුනුපොතේ සංවාදයකදීයි. ඒ නගා ඇවිත්


“මේ අයියා.. හලෝ ... අහන්නකෝ... හාද... හොඳේ අර කල්‍යාන මිත්‍ර අයියා කියනව අපි කට්ටිය එකතුවෙලා...........................“


ආදී වසයෙං මේ වැඩේ කියාපෑවේ බොහොම හුරුබුහුටිවටය. ඒ එක්කම ආ ඊමේල් එකකිං කියවුනේ වැඩේ දැනටමත් පටං ඇරං හමාර බවය. ඒක එවලා තිවුනේ ඉහත කියූ කලයාන මිත්‍රතුමාය.

ළමයි!

ඔන්න දැනට මේ ඊ මේල් ත්‍රෙඩ් එකේ ඉන්න උන් අපි කියන වැඩේට කැමතියි. තව ඉන්න උන් බ්ලොග් හා බදුල්ලට යම්කිසි සම්භන්දයක් තියෙන උන් විතරක් කැමති නම් එකතු කර ගමු. සිංදු ඇනෝ ගේ යාලුවෙක් බණ්ඩාරවෙල ඇට්ලස් ඒජන්සිය කරන බව කියුවා. ඒ හරහා උදව් ගත හැකියි. මගේ ලොකු අයියා බදුල්ලේ පාසල් ගුරුවරයෙකු නිසා ගොඩක් දුෂ්කර පාසල්වල විදුහල්පතිවරු අඳුනනවා.. වඩාත්ම සුදුසු අවශ්‍ය පාසලක් ඔහු තෝරා දෙයි. ඒ විදුහල්පති තුමා හා සම්භන්දතාවයත් ඒ හරහා ගොඩ නගා ගත හැකියි.

මගේ අදහස ජනවාරි පාසල පටන් ගන්න මුල් දවස් දෙක ඇතුලත හෝ පාසැල පටන් ගන්න දවසට පෙර දින මේ වැඩේ කරන්න.

හැමෝගෙම අදහස් දෙන්න..

මගේ දුරකථන අංක **********/**********

අපිට ජයවේවා! වැඩේ සාර්ථක වේවා!

- ක.මි.

ආපහු හැරෙන්න කලක් නැත. හිතන්න දෙයක් නැත. කරන්න තිවුනේ ‘හා‘ යන්නක් දොට්ට දැමීම පමණි. නායකයා වැඩ පටංගෙන තිබුනි.


ඒ අතරේ වැඩේට මුල පිරූ අජිත් ධර්මතුමා මූලාරම්භය ලබාදෙමින් අසුවල් විදිහට මේ වැඩේ කලොත් හොඳ නේද කියා ඇසුවේ තමුං පොඩිකාලේ පාසල් ගියේත් බදුල්ලේ ලුණුගල පාසලකට බවත් මතක් කරමින්. ඒත් එක්කම නෙළුම්යායෙන් සෑහෙන බර පැනක් දරන්නද එකඟ වූයේ අපිට තවත් සහනයක් දෙමින්. ප්‍රථම ආධාරය ආවේ නදීර විජේසිංහ මහතාගෙන්. ඒත් එක්කම ඉවාන් පවුලුෂාත් මේං මේම ලියා එව්වේය


ආදරණීය කලුයාන වෙත ලියමිය .

වැඩ කප්පරක් තිබ්බත් බදුල්ලේ වැඩක් නම් යන්නට එමිය. කෙරෙන්නට ඕනා දේ කියාපම්ය. උඹ තාම දායක වෙන විදිහක් කිව්වේ නැතිය. ඕනා ඉල්ලවක්ය මම එමිය . ඒ නිසා විස්තර දන්වා ලියුම් කරදහීයක් එවපම්ය. නැත්තම් තෙලබනුවෙන් අමතාපන්ය. මගේ නොම්මරේ උඹ දන්නවා ඇතැයි සිතමිය.
එහෙනම්
මුතියංගන සෑ රදුන්ගේ පිහිට ලැබෙවාය
මම නවතිමිය
ජය ශ්‍රී ය


ඒ කියා ඩිංග වෙලාවකිං එතුමං විසින් යහමිං ගානක් එවන ලද බව සැලවිය. ඒ අතරේ භාග්‍යා නගාගේ අක්කා කෙනෙකුන් වන මෙත්මා රාජමුනි මේ කටයුත්තට එක්කාසු වෙමින් අපේ අරමුදල තවත් තරකලාය. ඒ අතරේ නිකමට මෙන් මතක් වූ සිංහල බ්ලොග් ලෝකයේ නවතම තරුව වන ගොඩේ කතා ලියන මේනකටද මේ පිළිබඳ දැනුං දුන් වහාම මේ වැඩේට සහය දක්වමින් “ඔන්න ලොක්කා මාත් ***** ක් දැම්මා“ කියා පණිවිඩයක් එව්වේය. ඔය අතරේ භාග්‍යා නගාත් මාත් හැකි අන්දමින් අතේ මිටේ තියෙන දෙයක් මීට දායක කරන්නට කටයුතු කලෙමු. මේ පිළිබඳව තිලක සිත ලියන තිලකසිරි ඒකනායක මහතාටත් මං දැනුං දුන්නේ එතුමාගේ එක්කුසේ උපං යාලුවාගෙං ටැලිපෝන් නොම්මරේ ඉල්ලා ගනිමිනි. නමුත් තිබූ රාජකාරි අහුඅස්සේ මේ වැඩේට සම්බන්ධ වෙන්න බැරිවෙච්චි එක ගැන එතුමා සිය කනගාටුව කියා එව්වේ මෙහෙමයි.


ගරු මහත්වරුණි , ප්‍රිය නෝනාවරුනි

තරහ අවසර. සුරංගගේ පෙර දැනුම් දීමක් ලැබුනත් මේ කාරිය ගැන හරියට දැනගත්තේ අද මේ මේල කියෙව්වාමයි. පහුගිය සතියේ කොච්චර කරදර වුනාද කියනවානම් මට අහස්යාත්‍රාවල හිටන් ගමන් බිමන් යන්ට සිදුවුණා . ඒ නිසා ගිය බදාදා වැඩේට අද බ්‍රහස්පතින්දා මක්කාවත් කොරන්ට බෑ . ලබන සතියේ හෝ ඉන්පසු පුළුවන් සම්මාදමක් ඉතා සතුටින් කරන්න බලාපොරොත්තු වෙනවා.

ඔබේ සද්කාරිය සාර්ථක වේවා !.
ඔබ හැමට ශරීර සනීපය හා හිතේ සතුට පිරි සුබ නව වසරක් වේවා !


මේ සඳහා මහා බරපැන දැරුවේ නෙලුම් යායෙන් බව පස්සෙං පහු සැලවුනා. කල්‍යාන මිත්‍රතුමාගෙනුත් සෑහෙන ගානක් යන්න ඇති බව මගේ හිතට දැනේ. නමුත් ඒ ගැන හාංකවිසියක්වත් වචනයක් කටෙං දොට්ට පන්නා ගන්න බැරිවිය.


මේ ආධාරය දෙන්න හිතා උන්නේ මීගහකිවුලෙනුත් එහා දුෂ්කර ගමක පාසලකට උනත් ඒ පාසල සම්බන්ධ කර ගැනීමේ ගැටළුවක් නිසා කල්‍යාන මිත්‍රගේ මිත්‍රයෙක් මගින් හඳුනාගත් කෝට්ටගොඩ උඩගම විදුහල මේ සඳහා තෝරාගෙන තිබුනා.


පාසල් උපකරණ සියල්ල මං ඉන්නා නිල නිවසට ගෙන්නාගෙන පාර්සල් හදාගන්න එකඟතාවට ආවේ කාටත් පහසු තැනක් හිංදයි. ඒ එක්කම අපේ සින්දු ඇනෝ විසින් තමුංගේ අතිජාත මිත්‍රයෙක් ගැටගසා අල්ලා දුන්නේ ‘මේං මුගෙං හෙන අඩුවට පාසල් උපකරණ ගන්ට ඇහැකි‘ බව කියාපාමින්. ඒ කී හැටියටම ගිය අවුරුද්දේ අන්තිම දවසේ බණ්ඩාරවෙලිනුත් එහා ඉඳං හැන්දෑවක මහ වැස්සේ ආපු ඒ වෙළඳ මිත්‍රයා අප විසින් ඉල්ලා තිවුනු බඩුමුට්ටු සියල්ලම ගෙනැත් දුන්නේ තොග මිලටත් වඩා අඩු මුදලකට. ගෙනා පොත්පත් පෑං පැන්සල් සියල්ලම එකක් ගානේ ගනං කරලා බාරදුන්නා.

IMG 20151231 181008 copy
පැයකට වඩා ගිය මේ බඩු බාරදීමේදී ගනං නොකලේ පොත්වල පිටු ගාන විතරක් බවයි මට මතක. නමුත් සන්නිවේදන දෝෂ නිසා අපි විසින් ඉල්ලපු බඩුවලින් පැන්සල්, පෑන් ආදී සමහරක් සුළු දේවල් අපිට ලැබී තිබුනේ නෑ. ඒ නිසා ඒවා නගරයේ කඩේකිං ගන්න සිද්ධවුනා.

 

 

 

 

 

 

 

 

 

 

 

IMG 20160101 161626 1copy
මේ ගෙනා බඩුටික පහුවදා ඉඳං පාර්සල් කිරීමේ වැඩේ තිවුනේ භාග්‍යා නංගී, චූටිමැණිකේ සහ මං යන තුංදෙනාටයි. ජනවාරි පලවැනිදා දවාලියෙං පටං ගත්තු උපකරණ පාර්සල් කිරීමේ මුල් අදියර වන එක් එක් දරුවාට දෙන උපකරණ වෙන් කිරීමේ කටයුත්තෙන් ටිකක් එදා ඉවර කරන්න පුලුවන් උනා. නමුත් මේ කටයුත්ත නියමිත කාලෙට අවසන් කරගන්න බැරිවෙන ලකුණක් අපට පෙනෙන්නට තිබුනා.

 

 

 

 

 

 

 

20160102 104331copy

 

 

 

 

 

 

 

 

 

 


IMG 20160102 104351 1copyඒ හංදා පහුවදාට උදේ පාන්දරම භාග්‍යා නංගී බණ්ඩාරවෙල ඉඳං බදුල්ලට ආවේ තමුංගේ නෑදෑ වන තවත් නංගි කෙනෙක්වත් අරගෙනයි. පින්තූරවලට පෙනී හිටින්ට වැඩි කැමැත්තක් නැති ඒ නංගිව අහුවෙලා තිවුනේ එකම එක පොටෝවකට විතරයි. ඒ කොහොම වෙතත් කලින් දවසේ වැරදිලා බෙදල තිවුනු ගොඩවල්වල වැරදිත් හදලා ඒ පාර්සල් වලින් කොටසක් ඩිමයි කොලවල ඔතන්නත් එදා දවසේ අපට පුලුවන් උනා. ඒ අතරේ හැන්දෑ වරුවේ මගේ නිල නිවසට ආපු අපේ කාර්යාලයේ කරුණාරත්නත් පාර්සල් වලට පොලිතින් යොදන්න උදව් කලා.

 

 

 

 

 

 

 

 

 

 

IMG 20151231 181008 copy

 

 


ඉරිදා දවසේ ඉතිරි වැඩටික චූටිමැණීකේත් මමත් අහවර කරන්න හිතං හිටියත් හැන්දෑවේ පහත් පහුවෙනකන් ඒ ගැන බලන්නවත් වෙලාවක් ලැබුනේ නැත්තේ අපි කුළුඳුලේ ගත්තු වාහනේ අලුත්වැඩියාවකට කාර්මිකයෙක්ව ගෙදෙට්ට ගෙන්නපු හිංදා (නැතුව වෙනිං මොකක්වත් හිංද නෙවේ) . අන්තිමට ඉතුරු පාර්සල් ටිතක් පොලිතින් දාලා ඉවර කරලා පන්ති වශයෙන් පෙට්ටිවලට අහුරලා ඉවර වෙද්දි රෑ දොලහටත් කිට්ටුයි.

 

 

 

 

 

 

 

 

IMG 20160103 212039copy

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

12508893 1537332876583100 6833018357432220249 n

 

 

 

 

 

 

 

 

 

 

මේ සියළු දේට තමංගේ කාමරේ ඉඩදීලා පැත්තකට වුන අපේ ටිකිරී සඳමාලී

 

සඳුදා උදේ පාන්දර අටට වෙද්දි කල්‍යාන මිත්‍ර, මේනක, හේමමාලි භාග්‍යා, චූටිමැණීකේ සහ මම යන සියලු දෙනා මේ තෑගිටිකත් අරගෙන ස්ප්‍රිංවැලි පාරේ කෝට්ටගොඩ උඩගම විදුහලට ගියා.

IMG 20160104 084356copy

නායයාමෙන් සුනුබුන් ගොඩක් බවට පත්වෙලා කාලයක් තිස්සේ පන්සලේ පවත්වාගෙන ගිය මේ පාසල නැවතත් වෙනත් තැනක ගොඩනැගිලා තියෙන්නේ කොරියානු ආධාර යටතේයි. අපි ගෙනගිය තෑගි තමුංගෙ කරට ගන්න දෙමව්පියන් වගේම දූ දරුවොත් පෙරමගට ආවා.

වාහනයක් යන්න තරම් ඉඩ නැති ඉනිමගක් වගේ සීඝ්‍ර බෑවුමක් බැහැලා මීටර් දෙතුන්සීයක් ගියහම අපට මේ පාසලට එන්න පුලුවන් උනා.

 

 

 

 

 

 

 

IMG 20160104 084415copy

 

 

 

 

 

 

 

 

 

 

 

10151209 1157969347561768 3025302744349780942 n

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

පිලිවෙලින් කල්‍යාන මිත්‍ර, මේනක, භාග්‍යා, චූටිමැණිකේ අංතිමට මම පාසලට යන පාරේ


කිලෝමීටර් හත අටක් දුරින් තියෙන බදුල්ල නගරේ පාසලකට යන්න තරම් වත්කමක් නැති දරු පැටව් හැට හත් දෙනෙක් මේ පාසලේ ඉගෙන ගන්නවා.

5

 

 

 

 

 

 

 

 

 

 

පාසලේ දොරකඩදිම අපිව පිලිගත්තේ පාසලේ විදුහල්පති කරුණාරත්න මහතා. ස්වෝත්සාහයෙන් ඉගෙනගෙන දැනට දරන පදවියට ආ නිහතමානී පුද්ගලයෙක් වන එතුමා අපිත් එක්ක සතුටු සාමීචියේ යෙදීමෙන් අනතුරුව පාසලේ උදෑසන රැස්වීමට අපිව රැගෙන ගියා.

IMG 20160104 091914

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

IMG 20160104 092532

විදුහල්පති තුමා විසින් පිලිගැනීමේ කතාව කලායින් පස්සේ අපි වෙනුවෙන් දරුවන් ඇමතුවේ කල්‍යානමිත්‍ර තුමා.

 

 

 

 

 

 

 

 

කල්‍යාන මිත්‍ර

 

 

 

 

අද පවතින ලෝකයට මුහුන දීමට ඉගෙනගත යුත්තේ මොනවාද යන්නත්, ගුණවත් නැණවත් දරුවන් පිරිසක් වන්නේ කෙසේද යන්නත් පිළිබඳ පැහැදිලිව දරුවන්ට කියාදී, විභාග මත සිය ජීවිතය තීරණය නොකරන ලෙස දරුවන්ට අවවාදයක්ද දුන් ඔහු නෙළුම්යාය බ්ලොග් සංසදය වෙනුවෙන් දරුවන්ගෙන් ඉල්ලීමක් කලේ ‘ඔබත් ඉගෙනගෙන යම් ස්ථාවරයකට ආපසු ඔබෙන් බාල පරපුරට මේ ලෙසටම උදව් කරන්න‘ ලෙසයි.

IMG 20160104 093950

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඉන් පස්සේ දරුවන්ට තෑගි බෙදා දුන්නා.


ඒ අවසන් වෙනවාත් සමගම නව වසරේ පලමු පාසල් වාරයට ගුරුභවතුන්ට වැඳීමට ගෙනා බුලත් අත් අපිටත් දීලා මේ දරුවො වැන්දා. අකමැත්තෙන් වුනත් ඒ කටයුත්තත් විඳගන්න අපිට සිද්ධ වුනා.

4 1

 

 

 

 

 

 

 

 

 

 

 

 

IMG 20160104 094744

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

10344775 1157962387562464 2321696940477445219 n

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

IMG 20160104 100951


දෙමව්පියොත් අපිත් එක්ක කතා කලා

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

12507685 1157967524228617 215809320676043402 n

අපිට සතුටුවෙන්න තරමට දෙයක් අපි ඉෂ්ඨ කළ බවට ආත්ම තෘප්තියක් අපිටත් දැනුනා.

 

 

 

 

 

 

 

 

 

 


උත්සව සභාව අවසානයේ දී ස්තුති කතාව කළ පාසලේ එක් ගුරුභවතෙක් අපෙන් ඉල්ලීමක් කලේ හැකිනම් පාසලේ බුදුමැදුරක් තනාදෙන ලෙසයි. එය ලිපියක් මගින් කල්‍යාන මිත්‍ර හරහා නෙළුම්යාය වෙත ඉදිරිපත් වෙනවා ඇති.අපට ලබාදුන් තේ පැන් සංග්‍රහයත් භුක්ති විඳලා. පාසලේ සමරු සටහන් පොතේ සටහනකුත් තියලා

IMG 20160104 101326
කල්‍යාන මිත්‍රගේ අදහස් ලියන්නේ චූටි මැණිකේ

 

 

 

 

 

 

 

 

 

 

 

 

1923798 1157964750895561 5386714318376658420 n

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

20160104 104128 copy

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

අපි ගෙනගිය සියළු දේවල් ඔවුන්ට දීලා, මතකය විතරක් ආපහු අරගෙන අපි එන්න පිටත් වුනා.

3 1

අපි ආපහු එද්දි පාසල් වත්තේ මල් පිපී තිබුණා.

පසු සටහනක් විදිහට එකතු කරන්න බොහෝදේ අපිට ඉතිරියි. මේකට සම්බන්ධ වෙච්ච අපි අතරෙ තිවුන ලොකුම බැඳීම විශ්වාසය. ඒ මතින් ‍බොහෝ දුරක් යන්න පුලුවන්. දුරකථනයෙන් කතා කලත් දෑහැට නොදැක්ක කල්‍යාන මිත්‍රතුමාව මම මුලින්ම දැක්කේ මේ පාසලට යන්න කලින්දා රෑ හතට විතර. වැඩේ පටන්ගත්ත දා සිට ඔහු අපිට නායකත්වය ලබාදීම සහ අපි විසින් ඔහුව නායකයා හැටියට පිළිගැනීම මේ කටයුත්ත සාර්ථක වීමේ ප්‍රධාන හේතුවයි.

සින්දු ඇනෝගෙ ඇත්ත නම දන්නෙ නැති බවත්, ජීවිතේට දැකලා නැති වගත් කිව්වහම පාසල් උපකරණ ගෙනැත් භාරදුන් වෙළඳ මිත්‍රයාගේ ඇස් උඩගිය තරමත්, අපි සියළු දෙනාමත් එකිනෙකාව ප්‍රථම වතාවට දැක්කේ අද බව කියූ අවස්ථාවේ පාසලේ විදුහල්පතිතුමා පුදුමෙන් බලාසිටි අන්දමත් මගින් අපිට පෙන්වූයේ අපි අතර ඇති විශ්වාස කළ නොහැකි තරමේ විශ්වාසයයි.

මේ කටයුත්තට උදව්කල සියළු දෙනාම කවුරුන්දැයි දන්නේ කළ්‍යාන මිත්‍රතුමාය. එබැවින් මං දන්නා පරිදි මෙම කටයුත්තට ඉත සිතින් සම්මාදන්, දායකත්වය දැක්වූ සහ මග පෙන්වූ ඔබ සියළු දෙනාටම පිං දෙමි.


සයිබර් යායේ අපි එක් මිනිස්යායක මනුෂ්‍යයින් බව පෙන්වූයෙමු.

http://yanhella.blogspot.co.uk/2016/01/blog-post_5.html

Latest News

India observes National Dengu Day with the Power of Papaya Leaves but still where are we..?

June 20, 2018

Dr Sanath Hettige is the first Westeren Medical Researcher and...

The government introduced several key reforms towards ensuring long term economic stabilization - Mangala

June 20, 2018

Minister of Finance and Media Mangala Samaraweera spoke at the...

Can an accused hold the CDS post ?

June 20, 2018

Ravindra Wijegunarathna has been accused of several allegations including harboring...

Doesn’t Pevidi Handa know 15 other monks too, wear the prison jumper ?

June 20, 2018

At a recent media briefing, Pevidi Handa claimed a conspiracy...

Connect with Us

fb twitter youtube g ins in

Most viewed in Last week

Pump and Dump Captains of Sri Lanka

June 17, 2018

Lanka News Web has over and over again highlighted that...

Qatar Ambassador A.S.P. Liyanage Boasts - ' None of my Companies pay taxes'

June 15, 2018

A.S.P. Liyanage a businessman appointed as Sri Lanka's ambassador to...

UNESCO to be asked to remove Sinharaja from world heritages list

June 16, 2018

UNESCO will be asked to remove Sinharaja forest from the...

Buddhist Sangha need to clean up mess!

June 15, 2018

Buddhism has had its fair share of abuse, in the...