සීඅයිඩී ලොක්කෙක් පොළියට සල්ලි දෙයි; මාළු ව්‍යාපාරිකයන්ගෙන් රජ පොල්ලක්

සීඅයිඩී ලොක්කෙක් පොළියට සල්ලි දෙයි; මාළු ව්‍යාපාරිකයන්ගෙන් රජ පොල්ලක්

27 August 2015 01:17 pm

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සල්ලි පොලියට දෙන ව්‍යාපාරයක් සිදු කරගෙන යයි.

ඔහුට මෙලෙස පොලියට දීමට තරම් මුදල් ලැබෙන්නේ කෙසේද යන්න පිළිබදව ඉදිරියේදී හෙළිදරව් කරන්නට අප සූදානම් ය.

මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කොළඹ මාළු වෙළදපොළේ තොග ව්‍යාපාරිකයන් දෙදෙනකු රුපියල් ලක්ෂ විස්ස බැගින් පොලියට දී තිබේ. මේ දෙදෙනා අදාළ මුදල් හෝ පොළිය ලබාදීම මග හරිමින් සිටින අතර, ඒ නිසා දැඩි කෝපයට පත් වී ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා තම නිලධාරීන් සිව් දෙනකුට පවරා ඇත්තේ මේ ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් කෙසේ හෝ අදාළ මුදල් ලබාගන්නා ලෙසය.

එහෙත් අදාළ ව්‍යාපාරිකයන් දෙදෙනා තමන්ට ඇති සම්බන්ධකම් භාවිතා කරමින් අදාළ මුදල් මෙතෙක් ලබා නොදී සිටීමට සමත් වී ඇත.