ක්‍රිකට් තරග පාවාදීම් - හිටපු ක්‍රීඩක සනත් ජයසූරියට චෝදනා දෙකක් - Lanka News Web (LNW)

ක්‍රිකට් තරග පාවාදීම් - හිටපු ක්‍රීඩක සනත් ජයසූරියට චෝදනා දෙකක්

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු මෙන්ම තේරීම් කමිටු සභාපතිවරයෙකු ද වන හිටපු තුන් ඉරියව් ක්‍රීඩක සනත් ජයසූරියට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය චෝදනා දෙකක් ගොනුකර තිබෙනවා.

ඒ එම ඒකකය විසින් සිදු කරන තරග පාවාදීම් පිළිබඳ පරීක්ෂණවලට සනත් ජයසූරිය සහයෝගය පළ නොකිරීම හේතුවෙනි.

ක්‍රිකට් දූෂණ පිළිබඳ ICC නීති සංග්‍රහයේ 2:4:6 වගන්තියට අනුව දූෂණ මර්දන ඒකකය ඉල්ලා සිටි වාර්තා ලබා දීම සනත් ජයසූරිය විසින් පැහැර හැර තිබේ. ඊට අමතරව එම පරීක්ෂණවලට අවශ්‍ය සහයෝගය ලබා නොදීම ජයසූරියට එල්ල වී ඇති පළමු චෝදනාවයි.

දෙවැනි චෝදනාව වන්නේ 2:4:7 වගන්තියට අනුව ICC පරීක්ෂණවලට සම්බන්ධ ලිපි ලේඛන හා අනෙකුත් තොරතුරු සඟවා තැබීමට සනත් ජයසූරිය උත්සාහ කිරීමයි.

මෙම චෝදනා දෙක සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා සනත් ජයසූරියට දින 14 ක කාලයක් ලබා දී ඇති අතර එම කාලසීමාව අද (15) සිට බලපැවැත්වේ.

තරග පාවාදීම්වලට අදාලව ICC සිදු කරන ඕනෑම පරීක්ෂණයකට සහයෝගය ලබාදීමට ICC හි සාමාජිකත්වය දරන සියලු රටවල් ක්‍රීඩකයන් හා පාලකයන් බැඳී සිටින අතර එසේ සහාය නොදක්වා සිටීමට කිසිවෙකුටත් අයිතියක් නොමැත. අනෙක් අතින් තොරතුරු සැඟවීමට උත්සාහ කිරීම සහ සහාය ලබා නොදීමට කටයුතු කිරීම හරහා පෙනී යන්නේ ඔවුන් තරග පාවාදීම්වලට කුමන හෝ සම්බන්ධයක් ඇති බවයි.

ශ්‍රී ලංකාව පැමිණ සිටින ICC දූෂණ මර්දන ඒකකයේ නිළධාරීන් පසුගියදා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසාගෙන් ද ප්‍රශ්න කළ අතර ඔහුගේ දුරකථනයද එම නිළධාරීන්ගේ භාරයට ගෙන තිබේ.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ජනාධිපතිතුමා වෙත කණගාටුවෙන් ලියමි

ජනවාරි 15, 2019

ඔබතුමා ගැන මා සිත තුල ඇත්ත බලවත් කණගාටුවකි. ඔබතුමාට මෙවැනි...

සිරස වර්ජනය - තවත් පියවරක්

ජනවාරි 17, 2019

සිරස වැනි ආයතනයකින් මුදලක් උපයන, සීමිත ආදායම් මූලාශ්‍ර ඇති කෙනෙකුට...

අනේ දුවේ නිශාන්ත අයියව චෙයාමන් කරන්න මාමිට කියන්න !

ජනවාරි 20, 2019

මහින්ද රාජපක්ෂ මහතාගේ දින 51 ආණ්ඩු සමයේදී ශ්‍රී ලංකන් ගුවන්...

අලුත් ජනාධිපති කොමිසමේ පළමු විමර්ශන : සිරස සංඛ්‍යාත සහ රුසියානු යුද නැව ගැන ?

ජනවාරි 18, 2019

යහපාලන සමයේ සිදුව ඇති වංචා සහ දුෂණ ඇතුළු අක්‍රමිකතා සම්බන්ධව...