එංගලන්ත කණ්ඩායමට ලකුණු 18ක ජයක්. තරගාවලියත් ජයගනී. - Lanka News Web (LNW)

එංගලන්ත කණ්ඩායමට ලකුණු 18ක ජයක්. තරගාවලියත් ජයගනී.

ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද (20) පැවති සිවුවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 18ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.

 

මහනුවර, පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති තරගයට අද දිනයේත් වර්ෂාවෙන් එල්ල වූ අතර එහෙයින් ඩක්වර්ත් - ලුවිස් න්‍යායට අනුව තරගයේ ජයග්‍රහණය තීරණය කෙරිණි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 273ක් රැස් කරන ලදී. දසුන් ශානක ලකුණු 66ක් රැස් කළ අතර ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල ලකුණු 52ක් රැස් කළේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 274ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 27ක් අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 132ක් ලබා සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය නැවැත්වීමට සිදුවිය. ඩක්වර්ත් - ලුවිස් න්‍යායට අනුව ඒවන විට එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලබාගත යුතුව තිබුණේ ලකුණු 115ක් පමණි. තරගය සම කිරීමේ ඉලක්කය වූයේ ලකුණු 114කි. ඒ අනුව ලකුණු 18ක ජයක් එංගලන්ත කණ්ඩායමට හිමි විය.

මෙම ජයග්‍රහණයත් සමග තරග 05කින් සමන්විත එක්දින තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදී ම 3 - 0ක් ලෙස තරගාවලිය ජය ගැනීමට ද එංගලන්ත කණ්ඩායම සමත් විය. තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දමනු ලැබිණි.

RN

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ජනාධිපතිතුමා වෙත කණගාටුවෙන් ලියමි

ජනවාරි 15, 2019

ඔබතුමා ගැන මා සිත තුල ඇත්ත බලවත් කණගාටුවකි. ඔබතුමාට මෙවැනි...

සිරස වර්ජනය - තවත් පියවරක්

ජනවාරි 17, 2019

සිරස වැනි ආයතනයකින් මුදලක් උපයන, සීමිත ආදායම් මූලාශ්‍ර ඇති කෙනෙකුට...

අනේ දුවේ නිශාන්ත අයියව චෙයාමන් කරන්න මාමිට කියන්න !

ජනවාරි 20, 2019

මහින්ද රාජපක්ෂ මහතාගේ දින 51 ආණ්ඩු සමයේදී ශ්‍රී ලංකන් ගුවන්...

අලුත් ජනාධිපති කොමිසමේ පළමු විමර්ශන : සිරස සංඛ්‍යාත සහ රුසියානු යුද නැව ගැන ?

ජනවාරි 18, 2019

යහපාලන සමයේ සිදුව ඇති වංචා සහ දුෂණ ඇතුළු අක්‍රමිකතා සම්බන්ධව...