ශ්‍රී ලංකා 20/20 සංචිතය නම් කරයි - Lanka News Web (LNW)

ශ්‍රී ලංකා 20/20 සංචිතය නම් කරයි

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ලබන 27 වැනිදා පැවැත්වෙන 20/20 තරගය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට අද ඇමතිවරයාගේ අනුමැතිය හිමිව තිබේ.

15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට නායකත්වය හිමිව ඇති අතර ටෙස්ට් හා එක්දින නායක දිනේෂ් චන්දිමාල් ද සංචිතයට ඇතුළත් වේ.

නවක තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් සංචිතයට නම්කර ඇති අතර ඊයේ අවසන් වූ ඇෆ්ගනිස්ථාන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වූ ඉසුරු උදානට ද නැවත අවස්ථාව හිමිව තිබේ.

එංගලන්ත ශ්‍රී ලංකා එක්දින තරගාවලියෙන් ඉවත් කළ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් මෙම සංචිතයෙන් ද ඉවත් කර තිබීම කැපී පෙනෙන සිදුවීමකි.

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ එකම 20/20 තරගය ලබන 27 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්වීමට නියමිතය.

20/20 ශ්‍රේණිගත කිරීම්වල මේ වන විට එංගලන්තය සිව්වන ස්ථානයේ රැඳී සිටින අතර ශ්‍රී ලංකාව 09 වැනි ස්ථානයේ රැඳී සිටී.

cricket 01

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ඕනෙම නම් ආයෙත් එන්නම් - විජේදාස මලික්ට කියලා

නොවැම්බර් 14, 2018

එක්සත් ජාතික පක්ෂය තමන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම් නැවතත් එජාපයට එක්වීමට...

ජනමත විචාරණයකට ගියොත් අපි ඉවරයි - බැසිල්

නොවැම්බර් 14, 2018

මේ මොහොතේ ජනමත විචාරණයක් පැවැත්වීමට ගියහොත් තමන්ට එය ඉතාම අවාසි...

ටී.බී. සුබසිංහ දියණියන් ගාමිණී ජයවික්‍රම පිළිබඳ මතකාවර්ජනයක

නොවැම්බර් 18, 2018

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අතීත දේශපාලනය ගැන ලියූ සත්‍ය සටහනක්...

බහුතරය ඇත්නම් රනිල් නැතිව වෙන නමක් එවන්න!

නොවැම්බර් 14, 2018

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් අගමැති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර...