ක්‍රිකට් ආයතනයෙන් හෝටලයකට පොලු ! පල්ලෙකැලේ ටෙස්ට් තරගය කොළඹට ! - Lanka News Web (LNW)

ක්‍රිකට් ආයතනයෙන් හෝටලයකට පොලු ! පල්ලෙකැලේ ටෙස්ට් තරගය කොළඹට !

ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීම අවිනිශ්චිත වී ඇති බව වාර්තා වේ. ඒ අනුව බොහෝදුරට එම තරගය කොළඹ පී. සරවනමුත්තු පිටියේදී පැවැත්වෙනු ඇත.
ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ක්‍රිකට් ආයතනයේ අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් මෙම අර්බුදයට මතුව ඇති බවයි වාර්තා වන්නේ.‍ෙ
 
දෙපිලේ ක්‍රීඩකයන්ට නවාතැන් ගැනීම සඳහා සුදුසු හෝටලයක් සොයා ගැනීමට ක්‍රිකට් ආයතනය තවමත් අසමත් වී ඇති අතර ක්‍රිකට් ආයතනය යෝජනා කර ඇත්තේ ක්‍රීඩකයන් සඳහා දඹුල්ල ප්‍රදේශයේ හෝටලයක් ලබා දීමටයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එයට විරෝධය එල්ල කර ඇති අතර ක්‍රීඩකයන් පවසා ඇත්තේ දින පහක් දඹුල්ලේ සිට පල්ලෙකැලේ ක්‍රීඩාංගනය වෙත යාම්-ඊම් සිදු කිරීම තරගයට බාධාවක් බවයි. ඒ අනුව ක්‍රිකට් ආයතනයේ යෝජනාව ක්‍රීඩකයන් විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර බොහෝදුරට එම තරගය ද කොළඹදී පැවැත්වීමට සිදු වී තිබේ.
 
මෙම අර්බුදයට හේතු වී ඇත්තේ මීට පෙර මහනුවර පැවති තරග සඳහා පැමිණෙන කණ්ඩායම් වෙනුවෙන් වෙන්කළ හෝටල්වලට අදාල අයකිරීම් ක්‍රිකට් ආයතනය විසින් තවමත් පියවා නොමැතිවීමයි. අදාල මුදල් පියවීමෙන් තොරව කාමර පහසුකම් සැපයීම අදාල හෝටලය ප්‍රතික්ෂේප කර ඇති අතර ක්‍රිකට් ආයතනය එම මුදල් පියවීමට නොහැකි තරමට බංකොලොත් වී තිබේ.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ජනාධිපතිතුමා වෙත කණගාටුවෙන් ලියමි

ජනවාරි 15, 2019

ඔබතුමා ගැන මා සිත තුල ඇත්ත බලවත් කණගාටුවකි. ඔබතුමාට මෙවැනි...

සිරස වර්ජනය - තවත් පියවරක්

ජනවාරි 17, 2019

සිරස වැනි ආයතනයකින් මුදලක් උපයන, සීමිත ආදායම් මූලාශ්‍ර ඇති කෙනෙකුට...

අනේ දුවේ නිශාන්ත අයියව චෙයාමන් කරන්න මාමිට කියන්න !

ජනවාරි 20, 2019

මහින්ද රාජපක්ෂ මහතාගේ දින 51 ආණ්ඩු සමයේදී ශ්‍රී ලංකන් ගුවන්...

අලුත් ජනාධිපති කොමිසමේ පළමු විමර්ශන : සිරස සංඛ්‍යාත සහ රුසියානු යුද නැව ගැන ?

ජනවාරි 18, 2019

යහපාලන සමයේ සිදුව ඇති වංචා සහ දුෂණ ඇතුළු අක්‍රමිකතා සම්බන්ධව...