ලැබ්රෝයි ගෙදර යවයි, අලුත් තේරීම් ලොක්කා අසන්ත ද මෙල් - Lanka News Web (LNW)

ලැබ්රෝයි ගෙදර යවයි, අලුත් තේරීම් ලොක්කා අසන්ත ද මෙල්

නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මෙතෙක් පැවති ග්‍රෙහැම් ලැබ්රෝයි මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත තේරීම් කමිටුව අහෝසි වන අතර නව තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු වේගපන්දු යවන්නෙකු වන අසන්ත ද මෙල් මහතා පත්කර තිබෙනවා.
කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ බ්‍රෙන්ඩන් කුරුප්පු, හේමන්ත වික්‍රමරත්න සහ චමින්ද මෙන්ඩින් යන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ය. බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා සහ හේමන්ත වික්‍රමරත්න මහතා මීට පෙර ද තේරීම් කමිටු සාමාජිකයන් ලෙස කටයුතු කර ඇති අතර චමින්ද මෙන්ඩිස් තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස පත්කර ඇත්තේ පළමු වතාවටයි.
 
විශේෂත්වය වන්නේ එක්දින ලෝක කුසලාන තරගාවලියට මාස හයක් පමණක් තිබියදී නව තේරීම් කමිටුවක් නම් කිරීමයි. මෑතකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත්කළ ක්‍රිකට් උපදේශක කමිටුවේ නිර්දේශ මත මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
 
ග්‍රෙහැම් ලැබ්රෝයි ඇතුළු තේරීම් කමිටුවේ තේරීම් සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මෙන්ම ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේද විවේචන එල්ල වූ අතර සමාජ ජාලා මාධ්‍ය හරහා එම තේරීම් කමිටුවේ තීරණ දැඩිලෙස විවේචනයට ලක්විය.

නවතම පුවත්

මැයි 27, 2019

කේරළයට ගිය ලාංකිකයන් ISIS සාමාජිකයන්ද ? ඉන්දීය පොලීසිය අවධානයෙන් !

මේ වනවිට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය වෙත ගොස් සිටින බව කියන ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු පිළිබඳ ඉන්දීය…

මැයි 27, 2019

බදුරලිය අත්බෝම්බ සැකකරුගේ සොහොයුරාත් අත්අඩංගුවට

බදුරලිය දික්හේන ප්‍රදේශයේ පාසලක් අසල අත්බෝම්බ 13ක් අඩංගු මල්ලක් තැබීමේ චෝදනාව යටතේ දැනට අත් අඩංගුවේ…

මැයි 27, 2019

ත්‍රස්තවාදය සහ අන්තවාදය පරාජය කිරීම සඳහා ශ්‍රීලනිපයෙන් අලුත් යෝජනාවලියක්

ඇතැම් ජාතීන් විසින් කරන නොමනා ක්‍රියා හේතුවෙන් සිංහල ජාතියට බොහෝ දෙනා දොස් නගන බව අස්ගිරි පාර්ශවයේ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb