පුෂ්පකුමාරගේ උත්සාහය වතුරේ, එංගලන්තයට 3-0 ක ජයක් ! - Lanka News Web (LNW)

පුෂ්පකුමාරගේ උත්සාහය වතුරේ, එංගලන්තයට 3-0 ක ජයක් !

එකොළොස් වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි මලින්ද පුෂ්පකුමාර නොතිබූ ජයග්‍රහණයක් කරා සිය කණ්ඩායම ගෙනයමින් සිටියද නායක සුරංග ලක්මාල් අවාසනාවන්ත ලෙස කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යාම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් ලබාගැනීමට එංගලන්තය අද (26) සමත් විය.

මලින්ද පුෂ්පකුමාර දෙවැනි ඉනිමේ අවසන් පිතිකරු ලෙස පිටියට පිවිසෙන විට ලකුණු පුවරුව කියවුනේ 226 ට කඩුලු 09 ක් ලෙසයි. ඒ අනුව ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 101 ක් අවශ්‍යව තිබිණි. ඔහු සිය නායකයා හා එක්ව වේගවත් ඉනිමක් දියත් කළ අතර තේ පානය සඳහා තරගය නතර කරන විට ලකුණු පුවරුව දැක්වුනේ 284/9 ක් ලෙසයි. ඒ අනුව ජයග්‍රහණය සඳහා තවත් අවශ්‍ය වූයේ ලකුණු 43 ක් පමණි.

කෙසේ වෙතත් තේ පානයෙන් අනතුරුව ක්‍රියාත්මක වූ පළමු පන්දුවාරයේ සිව්වැනි පන්දුවේදී නායක සුරංග ලක්මාල් දවා ගැනීමට ජැක් ලීච් සමත්වීමත් සමග එංගලන්තයේ ජයග්‍රහණය තහවුරු විය. ලක්මාල් ඒ වනවිට ලකුණු 11 ක් ලබාගෙන සිටි අතර මලින්ද පුෂ්පකුමාර පන්දු 40 කදී නොදැවී ලකුණු 42 ක් ලබා ගැනීමට සමත් විය. ඒ සඳහා හතරේ පහර හයක් සහ එක් හයේ පහරක් අන්තර්ගත විය. ඔවුන් දෙදෙනා අතර අවසන් කඩුල්ලේ සබඳතාවය ලකුණු 58 කි.

කොළඹ SSC පිටියේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 336 ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 240 ක් පමණි. ලකුණු 96 ක පළමු ඉනිමේ වාසිය ද සමගින් නැවත පන්දුවට පහර දුන් එංගලන්තය දෙවැනි ඉනිමේ ලකුණු 230 කට දැවී ගිය අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු ඉලක්කය ලකුණු 227 කි.

අවසන් තරගයේ වීරයා සම්මානය හිමිකර ගැනීමට ජොනී බෙයාස්ටොව් සමත් වූ අතර සිය පළමු ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමේ කඩුල්ල රකින ක්‍රීඩක බෙන් ෆෝක්ස් තරගාවලියේ වීරයා සම්මානය හිමිකර ගැනීමට සමත් විය.

UN

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

රටේ තත්වය තේරෙණවා, හැකි ඉක්මනින් තීන්දුවක් දෙනවා - අගවිනිසුරු

දෙසැම්බර් 8, 2018

රට පත්ව ඇති තත්වය ගැන තමන්ට හැඟීමක් ඇති බවත් එහෙයින්...

යූඑන්පී යේ එකම කැමැත්ත රනිල් නම් අකමැත්තෙන් වුනත් මම කැමති වෙනවා!

දෙසැම්බර් 12, 2018

රනිල් වික්‍රමසිංහ මහතාව යළි අගමැති ධූරයට පත්කිරීමට ජනධිපතිවරයා එකඟතාව පළකර...

‘මහින්දගේ විනිසුරෝ‘, ‘මෛත්‍රිගේ විනිසුරෝ‘ සහ ‘යුක්තියේ විනිසුරෝ

දෙසැම්බර් 7, 2018

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ජෝන් රොබට්ස් (Chief Justice John Roberts)...

හැර යන්න සූදානම් පැරදුම දරන් - ගම්මන්පිල

දෙසැම්බර් 13, 2018

එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම ආණ්ඩුවේ භූමිකාවෙන් ඉවත්ව යාමට සූදානම්...