තිරිමාන්න - සදීර ටෙස්ට් සංචිතයට කැඳවයි - Lanka News Web (LNW)

තිරිමාන්න - සදීර ටෙස්ට් සංචිතයට කැඳවයි

නවසීලන්ත සංචාරය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය අද (30) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. පසුගියදා අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත තේරීම් කමිටුව නම්කළ මෙම ටෙස්ට් සංචිතය ක්‍රීඩකයන් 17 දෙනෙකුගෙන් සමන්විත වේ.
විශේෂත්වය වන්නෙ වසරකට පමණ පසුව ළහිරු තිරිමාන්න හා සදීර සමරවික්‍රම ටෙස්ට් සංචිතයට නම් කිරීමයි. ඔවුන් දෙදෙනා අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළේ පසුගිය වසරේ නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදී දියත් වූ ඉන්දියානු සංචාරයේදීය. මීට අමතරව වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ද වසරකට පසුව ටෙස්ට් සංචිතය සඳහා කැඳවා තිබේ.
 
එංගලන්තය සමග පැවති ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩා කළ අකිල ධනන්ජයගේ ස්ථානය අහිමි වී ඇති අතර ඊට හේතුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකයට භාජනය වීමයි. ඔහුගේ ඉරියව්ව පරීක්ෂා කිරීමේ පරීක්ෂණ හේතුවෙන් ඔහු කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වාට ද සිය ස්ථානය අහිමිව තිබේ. මීට අමතරව දඟපන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාරගේ ස්ථානය ද අහිමිව ඇති අතර සංචාරය සඳහා දඟපන්දු යවන්නන් ලෙස නම්කර ඇත්තේ ඩිල්රුවන් පෙරේරා සහ ලක්ෂාන් සඳකැන් පමණි.
 
නවසීලන්තය සමග තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ලබන 15 වැනිදා ආරම්භ වේ.
 
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ධනන්ජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, ලහිරු තිරිමාන්න, සදීර සමරවික්‍රම, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත, ලහිරු කුමාර, දුෂ්මන්ත චමීර

නවතම පුවත්

මැයි 27, 2019

කේරළයට ගිය ලාංකිකයන් ISIS සාමාජිකයන්ද ? ඉන්දීය පොලීසිය අවධානයෙන් !

මේ වනවිට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය වෙත ගොස් සිටින බව කියන ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු පිළිබඳ ඉන්දීය…

මැයි 27, 2019

බදුරලිය අත්බෝම්බ සැකකරුගේ සොහොයුරාත් අත්අඩංගුවට

බදුරලිය දික්හේන ප්‍රදේශයේ පාසලක් අසල අත්බෝම්බ 13ක් අඩංගු මල්ලක් තැබීමේ චෝදනාව යටතේ දැනට අත් අඩංගුවේ…

මැයි 27, 2019

ත්‍රස්තවාදය සහ අන්තවාදය පරාජය කිරීම සඳහා ශ්‍රීලනිපයෙන් අලුත් යෝජනාවලියක්

ඇතැම් ජාතීන් විසින් කරන නොමනා ක්‍රියා හේතුවෙන් සිංහල ජාතියට බොහෝ දෙනා දොස් නගන බව අස්ගිරි පාර්ශවයේ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb