මෂ්රෆ් මොර්ටාසා වාර්තාගත ජයක් සමගින් පාර්ලිමේන්තුවට - Lanka News Web (LNW)

මෂ්රෆ් මොර්ටාසා වාර්තාගත ජයක් සමගින් පාර්ලිමේන්තුවට

බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායක මෂ්රෆ් මොර්ටාසා, ඊයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් වාර්තාගත ජයග්‍රහණයක් අත්පත් කරගෙන තිබෙනවා. බංග්ලාදේශ අගමැති ෂෙයික් හසීනා මහත්මියගේ අවාමි ලීගය නියෝජනය කරමින් මොර්ටාසා බංග්ලාදේශ මැතිවරණයට ඉදිරිපත් වූයේ ක්‍රියාකාරී ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කරමින් සිටියදීය.
මොර්ටාසා අවාමි ලීගයෙන් නාරායිල්-2 මැතිවරණ කොට්ඨාශයට තරග කළ අතර ඔහු ප්‍රකාශිත ඡන්දවලින් 96% ක වාර්තාගත ප්‍රතිශතයක් ලබාගෙන තිබෙනවා.
 
මොර්ටාසා මැතිවරණයට පෙර ප්‍රකාශ කළේ තමන් මැතිවරණයෙන් ජය ගත්තද තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන බවයි. 2019 ලෝක කුසලාන තරගාවලිය දක්වා ඔහු තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවීමට බලාපොරොත්තුවෙන් සිටින අතර ලබන 05 වැනිදා ආරම්භ වන බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලියේ රාංග්පුර් රයිඩර්ස් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කරයි.
 
ලෝක කුසලානයට පෙර බංල්ගාදේශය තවත් එක්දින තරගාවලි දෙකකට සහභාගිවීමට නියමිතය. ඒ නවසීලන්තයේදී සහ අයර්ලන්තයේදීය.
 
මෙවර මැතිවරණය සඳහා බංග්ලාදේශයේ පළමු ටෙස්ට් නායකයා වන නයිමුර් රහ්මන් සහ වත්මන් බංග්ලාදේශ් ක්‍රිකට් සභාපති නෂ්මුල් හසන් ද මණික්ගන්ජ්-1 සහ කිෂෝර්ගන්ජ්-6 ආසනවලින් ඉදිරිපත් වූ අතර ඔවුන් දෙදෙනා ද ජයග්‍රහණය කර තිබෙනවා. ඔවුන් දෙදෙනා ද ඉදිරිපත් වූයේ අවාමි ලීගයෙනි.
 
වත්මන් අගමැතිනි ෂෙයික් හසීනා මහත්මියගේ අවාමි ලීගය මෙවර මැතිවරණයේදී පාර්ලිමේන්තු ආසන 300 න් 288 ක් ජයග්‍රහණය කළ අතර ප්‍රධාන විපක්ෂ කණ්ඩායමට දිනාගත හැකි වූයේ ආසන 7 ක් පමණි. ඒ අනුව ෂෙයික් හසීනා පිට පිට තෙවැනි වරටත් අගමැති තනතුරට තේරී පත්ව තිබේ.
 
UN

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

සමනලීගෙන් සිරසට සහ මව්බිමට පිළිතුරු

ජනවාරි 11, 2019

ඊයේ දින අප විසින් දියත් කළ සාමකාමී මාධ්‍ය විරෝධය විකෘති...

දොස්තරගේ වාහනයට ලක්ෂ 20ක් ගෙවනකල් රෝහල අරින්න බෑ - GMOA

ජනවාරි 13, 2019

දැනට වසා දමා ඇති ගලහ ප්‍රාදේශීය රෝහල යළි විවෘත කිරීමට...

මහින්දගේ මන්ත්‍රීකම බේරලා දුන්නේ අනුකම්පා කරලා - දුමින්ද

ජනවාරි 11, 2019

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටු සාමාජිකත්වය ලබාගත් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුර ආරක්ෂා...

ජනාධිපතිතුමා වෙත කණගාටුවෙන් ලියමි

ජනවාරි 15, 2019

ඔබතුමා ගැන මා සිත තුල ඇත්ත බලවත් කණගාටුවකි. ඔබතුමාට මෙවැනි...