මීළඟ 20/20 ලෝක කුසලානයට සහභාගිවීම වැට උඩ - Lanka News Web (LNW)

මීළඟ 20/20 ලෝක කුසලානයට සහභාගිවීම වැට උඩ

2020 වසරේදී පැවැත්වීමට නියමිත මීළඟ ජාත්‍යන්තර 20/20 ලෝක කුසලාන තරග මාලාවට සහභාගිවීම සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබෙනවා.

ඒ එම තරගාවලියට සෘජුවම සහභාගි වන කණ්ඩායම් 8 ට ඇතුළත් වීමට නොහැකි වීම හේතුවෙනි.

2018 වසරේ දෙසැම්බර් 31 වනවිට ජාත්‍යන්තර 20/20 ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථාන 8 හිමිකර ගෙන ඇති කණ්ඩායම් සෘජුවම මීලඟ ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල 9 වැනි ස්ථානයේ සිටින අතර ඊට ඉහළින් සිටින පකිස්තානය, ඉන්දියාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ ඇෆ්ගනිස්ථානය යන කණ්ඩායම් එසේ සෘජුවම සුදුසුකම් ලබාගෙන තිබේ.

ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ තරගාවලිය දක්වා පහත වැටෙද්දී කෝඩුකාර ඇෆ්ගනිස්ථානය ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි ස්ථානය හිමිකර ගනිමින් මේ වනවිටත් තරගාවලිය සඳහා ඍජුවම සුදුසුකම් ලබාගෙන සිටී. විශේෂත්වය වන්නේ එක් වරක් 20/20 ශූරයන් වූ දෙවරක් අනුශූරයන් වූ ශ්‍රී ලංකාව එවැනි තත්ත්වයකට වැටීමයි.

20/20 ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් 12 ක් සුදුසුකම් ලබන අතර ඒ අනුව සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය හරහා තවත් කණ්ඩායම් 04 කට අවස්ථාව හිමි වේ. එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය අයර්ලන්තය ඇතුළු කණ්ඩායම් 8 ක් ක්‍රීඩා කරන අතර එම කණ්ඩායම්වලින් පළමු ස්ථාන 4 දිනාගන්නා කණ්ඩායම් ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වනු ඇත.

මීට පෙර 2019 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේදීද ශ්‍රී ලංකා කණ්ඩායම මෙවැනි අවදානමකට ලක් වූ අතර අවසන් මොහොතේදී එම අවදානම ඉවත්ව ගියේය. එහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරගාවලිය දක්වා පසුබැසීමට සිදු වූ අතර කෙසේ වෙතත් ඔවුන් එම තරගාවලිය ජයග්‍රහණය කරමින් ලෝක කුසලාන අවසන් කණ්ඩායම් 10 අතරට තේරී පත්විය.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

සමනලීගෙන් සිරසට සහ මව්බිමට පිළිතුරු

ජනවාරි 11, 2019

ඊයේ දින අප විසින් දියත් කළ සාමකාමී මාධ්‍ය විරෝධය විකෘති...

දොස්තරගේ වාහනයට ලක්ෂ 20ක් ගෙවනකල් රෝහල අරින්න බෑ - GMOA

ජනවාරි 13, 2019

දැනට වසා දමා ඇති ගලහ ප්‍රාදේශීය රෝහල යළි විවෘත කිරීමට...

මහින්දගේ මන්ත්‍රීකම බේරලා දුන්නේ අනුකම්පා කරලා - දුමින්ද

ජනවාරි 11, 2019

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටු සාමාජිකත්වය ලබාගත් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුර ආරක්ෂා...

ජනාධිපතිතුමා වෙත කණගාටුවෙන් ලියමි

ජනවාරි 15, 2019

ඔබතුමා ගැන මා සිත තුල ඇත්ත බලවත් කණගාටුවකි. ඔබතුමාට මෙවැනි...