ක්‍රිකට් තරග පාවා දෙන්නන්ට ICCයෙන් සති දෙකක සමා කාලයක් - Lanka News Web (LNW)

ක්‍රිකට් තරග පාවා දෙන්නන්ට ICCයෙන් සති දෙකක සමා කාලයක්

මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ ක්‍රිකට් ඔට්ටු තැබීම්වලට සහ තරග පාවාදීම්වලට සම්බන්ධ ක්‍රීඩකයන්ට සහ නිළධාරීන්ට සති දෙකක පොදු සමා කාලයක් ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඔට්ටු තැබීම් සහ පවාදීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සහ එවැනි සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු දන්නා පුද්ගලයන්ට මෙම සති දෙක තුළ එල්ල වී ඇති චෝදනාවලින් නිදහස් වීමට සහ දන්නා තොරතුරු හෙලිදරව් කිරීමට හැකියාව ලැබෙන බවයි ICC දූෂණ විමර්ශන ඒකකයේ සම්බන්ධීකරණ නිළධාරීන් ස්ටීව් රිචඩ්සන් පවසන්නේ. 
මෙම සති දෙකක කාල සීමාව ලබන සතියේ සිට ක්‍රියාත්මක වන අතර තරග පාවාදීම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති සහ ඒ සම්බන්ධයෙන් තොරතුරු දන්නා පුද්ගලයන් උපරිම ප්‍රයෝජන ගනු ඇතැයි විශ්වාස කරන බව ද ස්ටීව් රිචඩ්සන් මහතා පවසනවා. ක්‍රීඩා අමාත්‍යංශයේ පැවති රැස්වීමකදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ඔට්ටු තැබීම්වලට සම්බන්ධ සහ තරග පාවාදීම්වලට සම්බන්ධ පුද්ගලයන්ට එම වැරදිවලින් නිදහස්වීම සඳහා ලබාදෙන අවස්ථාවක් ලෙස මෙය කිසිසේත් නොසැලකිය යුතු බවයි.
 
පසුගිය වසර එක හමාරක කාලය තුළ ICC විමර්ශන නිළධාරීන් විසින් සිදුකළ පරීක්ෂණවලදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සහ ක්‍රිකට් ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයන් කිහිප දෙනෙකු තරග ඔට්ටු තැබීම් ඇතුලු දූෂණවලට සම්බන්ධ බවට හෙලි වී ඇති අතර නුවන් සොයිසා සහ දිල්හාර ලොකුහෙට්ටිගේ යන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා. එසේම හිටපු ක්‍රිකට් ක්‍රීඩක, හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියටද චෝදනා එල්ල වී ඇති අතර ඒ ඔට්ටු තැබීම් පිළිබඳව ICCය සිදු කරන පරීක්ෂණ මගහැරීම සම්බන්ධයෙනි.
 
ඔට්ටු තැබීම්වලට සහ පාවාදීම්වලට සම්බන්ධ පුද්ගලයන්ට සහ ඒ පිළිබඳව තොරතුරු දන්නා පුද්ගලයන්ට නොබියව ඉදිරියට පැමිණ තමන් දන්නා දේ ප්‍රකාශ කරන ලෙස ආරාධනා කරන ICC නිළධාරියා පවසන්නේ එසේ ඉදිරිපත්වන පුද්ගලයන් හා ඔවුන් හෙළිකරන තොරතුරු ආරක්ෂා කිරීමට තමා බැඳී සිටින බවයි. එම තොරතුරු ජනමාධ්‍ය වෙත හෝ වෙනත් කිසිදු පාර්ශ්වයකට හෙළි නොකිරීමට තමා බැඳී සිටින බවත් ඒ නිසා තමන් පිළිබඳ විස්වාස කරන ලෙසත් ඔහු ඉල්ලා සිටී.
 
මේ වනවිට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අත්පත් කරගෙන ඇති දැඩි පසුබෑම සඳහා තරග පාවාදීම් සහ බුකීකරුවන් සෘජුවම සම්බන්ධ බැවින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට ගෙනඒම ICCයේ වගකීමක් බවත් මෙම පරීක්ෂණ සිදුකරන්නේ ඒ සඳහා බවත් රිචඩ්සන් මහතා වැඩිදුරටත් පවසයි. තමන් පුද්ගලිකව ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දැඩි කැමැත්තක් දක්වන බවයි ඔහු පෙන්වා දෙන්නේ. මෙම වසරේදී එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තය සමග ශ්‍රී ලංකාව ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අවසන් තරගය සඳහා ක්‍රීඩා කරනු දැකීම තමාගේ එක් බලාපොරොත්තුවක් බව ද ඔහු පවසා තිබෙනවා.
 
UN

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

හිරු, දෙරණ, ස්වර්ණවාහිනී සහ ස්කයි නිව්ස්! - කෝ මේ සිරිසේන?

මාර්තු 16, 2019

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරකයා විසින් සජීවී විකාශයක් ලබාදීම මගින් මනුෂ්‍ය ජීවිත වෙඩි...

ශ්‍රීලනිප - පොහොට්ටු අර්බුදය ; මෛත්‍රී මහින්දට හතර ගාතෙන් යන්න ගැහුවා කිව්වේ 2015 ගැනයි - දයාසිරි

මාර්තු 13, 2019

මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතාට දින 45ක් තුළ හතර...

ගෝඨා ඇමරිකාවට යන්න හදයි - කෞතුකාගාර නඩුව නොඅසන්නැයි යළි ඉල්ලයි

මාර්තු 16, 2019

ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල්...

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥ භාවය වසර 3කට අහෝසි කරයි

මාර්තු 18, 2019

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර 03 කට අහෝසි කිරීමට...