තරගයේ පරාජයට පිතිකරුවන් වගකිව යුතුයි - ලසිත් මාලිංග

තරගයේ පරාජයට පිතිකරුවන් වගකිව යුතුයි - ලසිත් මාලිංග

11 January 2019 12:49 pm
ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය අවසන් කරමින් අද පැවති ජාත්‍යන්තර 20/20 තරගයෙන් ද ලකුණු 35 ක දරුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. ඒ් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත සංචාරය අවසන් කළේ කිසිදු තරගයක ජයග්‍රහණය අත්පත් කරගැනීමට නොහැකිවයි.
තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග ප්‍රකාශ කළේ මෙම පරාජයට පිතිකරුවන් මූලිකවම වගකිව යුතු බවයි. අද තරගය පැවති ඔක්ලන්ඩ් ක්‍රීඩාංගනයේ ලකුණු 180 ක් යනු එතරම් අපහසු ඉලක්කයක් නොවන බවත් එහෙත් එම ඉලක්කය සපුර ගැනීමට අසමත් වූ බවත් ඔහු ප්‍රකාශ කළේය. 'මම හිතනවා තවමත්  පිතිකරුවන් දන්නේ නෑ තරගයක් දිනන්නේ කොහොමද කියලා. ඒ නිසයි අපි පැරදෙන පැත්තේ ඉන්නේ.' යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසයි.
 
නවසීලන්ත ඉනිමේ 16 වැනි පන්දුවාරය දක්වා තම පන්දු යවන්නන් හොඳින් පන්දු යැවූ බවත් අවසන් පන්දුවාර කිහිපයේදී වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගැනිමට නවසීලන්ත පිතිකරුවන් සමත් වූ නමුත් 180 ක් යනු ජයගත හැකි ඉලක්කයක් බවයි ශ්‍රී ලංකා නායකයා පෙන්වා දෙන්නේ. කෙසේ නමුත් පිතිකරුවන් ඔවුන්ගේ වගකීම හරිහැටි ඉටු නොකළ බවත් තරගයක් දිනන්නේ කෙසේද යන්න ඔවුන් දැනගත යුතු බවත් මාලිංග වැඩිදුරටත් පවසයි.
 
මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දුවාර 10 ක් අවසන් වනවිට කඩුලු 05 ක් දැවී ලකුණු 55 ක් පමණක් රැස් කරගෙන සිටි නමුත් ඔවුන් ඊළඟ පන්දුවාර 10 දී ලකුණු 124 ක් වාර්තා කළේ තවත් කඩු දෙකක් පමණක් අහිමි කර ගනිමිනි.
 
කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 144 ක් පමණි. ඒ් වනවිට ශ්‍රී ලංකා ඉනිමේ තවත් පන්දුවාර 3.1 ක් ඉතිරිව තිබිණි.
 
UN