බවුන්සර් පන්දුවකින් දිමුත් ආබාධයට ලක්වෙයි

බවුන්සර් පන්දුවකින් දිමුත් ආබාධයට ලක්වෙයි

2 February 2019 06:10 am

මේ වනවිට ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර මනුකා ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ඕස්ට්‍රේලියා-ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය අතරතුර ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්ව තිබේ.
ඕස්ට්‍රේලියා වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් යැවූ, ශ්‍රී ලංකා ඉනිමේ 31 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුව බවුන්සර් පන්දුවක් ලෙස දිමුත් කරුණාරත්න වෙත ඇදී ආ අතර එය දිමුත් කරුණාරත්නගේ හිසෙහි පසුපස ගැටිණි.
 
ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 82 ක් ලබාගෙන සිටි අතර ආබාධයට ලක්වන විට දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 46 ක් වාර්තා කරගෙන සිටියේය.
 
දිමුත් කරුණාරත්න පරීක්ෂා කළ බැලූ වෛද්‍යවරුන් දිමුත් කරුණාරත්න රෝහල්ගත කිරීමට නිර්දේශ කළ අතර ඒ අනුව ඔහු රෝහල්ගත කෙරිණි. ඔහුගේ තත්වය තරමක් බරපතල බවයි වාර්තා වන්නේ.
 
මීට වසර කිහිපයකට ඉහතදී ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත තරගයක් අතරතුර බවුන්සර් පන්දුවක් හිසේ වැදීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමේ හිටපු පිතිකරු පිලිප් හියුස් ජීවිතයෙන් සමුගත් අතර අද දිනයේදී දිමුත් කරුණාරත්න ආබාධයට ලක්වනු දුටු බොහෝ දෙනාට එම සිදුවීම සිහිපත් නොවූවා නම් පුදුමයකි.
 
තරගයේ ලකුණු පුවරුව.....
 
UN