ඇදවැටුණු කැන්ගරුවන් සිංහයන්ගේ පිහිටෙන් නැවත නැගිටී ! - Lanka News Web (LNW)

ඇදවැටුණු කැන්ගරුවන් සිංහයන්ගේ පිහිටෙන් නැවත නැගිටී !

පන්දුව පළුදු කිරීමේ චෝදනාව මත ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත්ට සහ උප නායක ඩේවිඩ් වෝනර්ට වසරක තරග තහනමක් පැනවීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම බරපතල කඩා වැටීමකට ලක්විය. ස්මිත්ගෙන් පසු කඩුලු රකින ක්‍රීඩක ටිම් පේන් ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත්වුවද ඔහුට ස්මිත්ගේ අඩුව පිරවීමට තබා ඔහුට ලංවීමට හෝ නොහැකි විය.
පන්දුව පළුදු කිරිමේ සිදුවීමෙන් පසු දකුණු අප්‍රිකාව සමග පැවති සිව්වැනි සහ අවසන් ටෙස්ට් තරගය ඕස්ට්‍රේලියාව පරාජයට පත්වූයේ දැවැන්ත ලකුණු 492 කිනි.
 
ඉන්පසු එළඹි පකිස්තානු කණ්ඩායම සමග ටෙස්ට් තරගාවලිය කැන්ගරුවන් 1-0 ක් ලෙස පරාජයට පත් වූ අතර 2018 වසර අවසානයේ ඉන්දියාව සමග සිය මව්බිමේදීම මුහුණ දුන් තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය අවසන් වූයේ ඉන්දියාවට තරග 2-1 ක ජයග්‍රහණයක් අත්කර දෙමිනි.
 
කෙසේ වෙතත් ඇදවැටී සිටි කැන්ගරුවන් නැවත අළු ගසාදමා නැගිටීමට සමත් ඇති අතර ඒ අද අවසන් වූ වෝන්-මුරලිදරන් කුසලාන ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා තරගාවලිය 2-0 ක් ලෙස ජය ගනිමිනි. ඉන්දියානු කණ්ඩායම විසින් කැන්ගරුවන් ඔවුන්ගේ මව්බිමේදීම පරාජය කළ අයුරින්ම ශ්‍රී ලංකා කණ්ඩායම ද කැන්ගරුවන් පරාජයට පත් කරනු ඇතැයි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් බලාපොරොත්තුවෙන් සිටියද තරගාවලිය අවසන් වූයේ කැන්ගරුවන්ට ජයග්‍රහණය හිමිකර දෙමිනි.
 
ජනවාරි 24 වැනිදා ඇරඹි පළමු ටෙස්ට් තරගය දින තුනක් තුළ අවසන් වූයේ කැන්ගරුවන්ට ඉනිමක සහ ලකුණු 40 ක ජයග්‍රහණයක් හිමිකර දෙමිනි. දෙවැනි ටෙස්ට් තරගය පසුගිය පෙබරවාරි පළමුවැනිදා ආරම්භ වූ අතර සිව්වැනි දිනයේ තරගය අද උදෑසන ආරම්භ විය. කෙසේ වෙතත් සිව්වැනි දිනයේ දිවා ආහාරයටත් පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිය දෙවැනි ඉනිම අවසන් කළේ කැන්ගරුවන්ට තරගයේ ජයග්‍රහණය මෙන්ම තරගාවලියේ ජයග්‍රහණය ද හිමිකර දෙමිනි.
 
දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් කැන්ගරු නායක ටිම් පේන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ අනුව ඔවුන් සිය පළමු ඉනිම අත්හිටුවන විට කඩුලු 5 ක් දැවී ලකුණු 534 ක් වාර්තා කරගෙන සිටියේය. ඒ සඳහා ජෝ බර්න්ස් (180), ට්‍රාවිස් හෙඩ් (161), කර්ටින් පැටර්සන් (114) ශතකවලින් දායක වූහ.
 
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 215 කට සීමා වූ අතර ලකුණු 59 ක් වාර්තා කළ දිමුත් කරුණාරත්න ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. පළමු ඉනිමේ ලකුණු 319 ක වාසියක් ද සමගින් සිය දෙවැනි ඉනිම ඇරඹූ ඕස්ට්‍රේලියානුවන් කඩුලු 3 කට ලකුණු 196 ක් ලබා සිටියදී දෙවැනි ඉනිම අත්හිටවූයේ සිය ප්‍රතිවාදීන්ට ලකුණු 515 ක ඉලක්කයක් ලබා දෙමිනි.
 
දැවැන්ත ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් සියලු දෙනා ලකුණු 149 ක් තුළ දවාගැනීමට කැන්ගරු පන්දු යවන්නන් සමත් විය. කිසිදු පිතිකරුවෙකුට ලකුණු 50 සීමාවට ලඟාවීමට ඔවුන් ඉඩ නොතැබූ අතර ලකුණු 42 ක් ලබාගත් කුසල් මෙන්ඩිස් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය.
 
ඉනිම දෙකේදීම කඩුලු 5 බැගින් සමස්ත තරගයේ කඩුලු 10 ක් බිඳහෙළූ මිචෙල් ස්ටාක් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත් අතර තරගාවලිය පුරා කඩුලු 14 ක් බිඳහෙළූ පැට් කමින්ස් තරගාවලියේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.
 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මසකට ලක්ෂ 24ක් ලාභ ලැබූ වඩේ බිස්නස් එක වැහුණේ ගෝඨා නිසා - නිරෝශන් බදු ගෙව්වාද ?

පෙබරවාරි 17, 2019

මාර්ග අයිනේ වඩේ විකිණීම සඳහා සේවකයින් 60 දෙනෙකු පමණ යොදවා...

මහින්ද අලුත් දේශපාලන පිම්මකට සැරසෙයි !

පෙබරවාරි 16, 2019

ඉදිරි සතිය තුළ අලුත් දේශපාලන පිම්මක් සඳහා සූදානම් වන බව...

පොහොට්ටු අර්බුදය ; බැසිල්ට ගහලා පොට වරද්දා ගන්න එපා - විමල්ට, ගම්මන්පිලට අනතුරු හැඟවීම්

පෙබරවාරි 21, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැංවූ නායකත්වයට නිග්‍රහ කර පොට වරද්දා...

ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම වැඩ පෙන්වයි - මසක් ඇතුළත බස්රථ 6ක් ධාවනයට

පෙබරවාරි 19, 2019

ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම සිය කාර්යක්ෂමතාව වර්ධනය කරමින් මාසයක් ඇතුළදී...