ඇන්ජලෝ පෙරේරා පළමු පෙළ වාර්තා පොත අළුත් කරයි ! - Lanka News Web (LNW)

ඇන්ජලෝ පෙරේරා පළමු පෙළ වාර්තා පොත අළුත් කරයි !

මෙරට පළමු පෙළ ප්‍රීමියර් ලීග් තරගමාලාවේ සුපර් 8 වටයේ පැවති තරගයකදී, අවුරුදු 80 ක් පළමු පෙළ පැරණි වාර්තාවක් සම කිරීමට එන්සීසී කණ්ඩායමේ නායක ඇන්ජලෝ පෙරේරා සමත් විය. සිංහල ක්‍රීඩා සමාජයට එරෙහිව ඒ ඉනිම දෙකේදීම ද්විත්ව ශතක වාර්තා කරමිනි. 
සුපර් 8 වටයේ එන්සීසී සහ එස්එස්සී කණ්ඩායම් අතර තරගය පසුගිය 31 වැනිදා ආරම්භ වූ අතර පළමුව පන්දුවට පහර දුන් එන්සීසී කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 444 ක් රැස් කිරීමට සමත් විය. ඒ සඳහා නායක ඇන්ජලෝ ලකුණු 201 කින් දායකත්වය දැක්වූ අතර ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ලකුණු 95 කට දැවී ගියේය.
 
සාර්ථක පිළිතුරු ඉනිමක ක්‍රීඩා කළ සිංහල ක්‍රීඩා සමාජ කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 480 ක් ලබාගත් අතර සඳුන් වීරක්කොඩි ද්විත්ව ශතකය පෙනෙන මානයට පැමිණෙමින් දැවී යනවිට ඔහු ලකුණු 189 ක් ලබාගෙන සිටියේය.
 
දෙවැනි ඉනිමේදීද නැවතත් සාර්ථක වූ එන්සීසී නායක ඇන්ජලෝ පෙරේරා ලකුණු 231 ක් ලබාගත් අතර පළමු ඉනිමේදී සිය ශතකය අහිමි කරගත් පැතුම් නිශ්ශංක මෙවර සාර්ථක වෙමින් ලකුණු 165 ක් ලබා ගත්තේය. මීට අමරතව තුන් ඉරියව් ක්‍රීඩක චතුරංග ද සිල්වා නොදැවී ලකුණු 103 ක් වාර්තා කිරීමට සමත් විය.
 
සිව්දින තරගයක් වූ මෙම තරගය ඊයේ (03) අවසන් වනවිට එන්සීසී කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 6 ක් දැවී ලකුණු 579 ක් ලබාගෙන සිටියේය.
 
ඇන්ජලෝ පෙරේරා මෙම තරගයේදී ලකුණු 432 ක් ලබා ගැනීමට සමත් වූ අතර පළමු පෙළ තරග ඉතිහාසයේ තරගයක ඉනිම දෙකේදීම ද්විත්ව ශතක වාර්තා කර ගැනීමට මීට පෙර සමත්ව ඇත්තේ එකම එක පිතිකරුවෙකු පමණි. 1938 වසරේදී කෙන්ට් කණ්ඩායමට ක්‍රීඩා කළ 23 හැවිරිදි ආතර් ෆැග් එසෙක්ස් කණ්ඩායමට එරෙහිව මෙම දස්කම දැක්වූ අතර ඔහු පළමු ඉනිමේදී නොදැවී ලකුණු 202 ක් වාර්තා කිරිමට සමත් විය. දෙවැනි ඉනිමේදී නැවත් සාර්ථක වූ ෆැග් ද්විත්ව ශතකයක් වාර්තා කරමින් ලකුණු 244 ක් ලබා ගැනීමට සමත් විය.
 
28 හැවිරිදි ඇන්ජලෝ පෙරේරා මේ වනවිට පළමු පෙළ තරග 97 කදී ලකුණු 6941 ක් වාර්තා කරගෙන සිටින අතර ඔහුගේ සාමාන්‍යය 47.54 කි. ඔහු මේ වනවිට ශතක 18 ක් වාර්තා කරගෙන සිටී. කෙසේ වෙතත් තවමත් ඔහුට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබී නොමැති අතර ඔහු එක්දින ජාත්‍යන්තර තරග 4 කදී සහ 20/20 තරග 2 කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේය.
 
මෙවර ප්‍රීමියර් ලීග් තරගවාරයේදී ද්විත්ව ශතක 14 ක් වාර්තා වී ඇති අතර ඇන්ජලෝට අමතරව ද්විත්ව ශතක දෙකක් වාර්තා කරගෙන ඇත්තේ කෞෂාල් සිල්වා පමණි.
 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මසකට ලක්ෂ 24ක් ලාභ ලැබූ වඩේ බිස්නස් එක වැහුණේ ගෝඨා නිසා - නිරෝශන් බදු ගෙව්වාද ?

පෙබරවාරි 17, 2019

මාර්ග අයිනේ වඩේ විකිණීම සඳහා සේවකයින් 60 දෙනෙකු පමණ යොදවා...

මහින්ද අලුත් දේශපාලන පිම්මකට සැරසෙයි !

පෙබරවාරි 16, 2019

ඉදිරි සතිය තුළ අලුත් දේශපාලන පිම්මක් සඳහා සූදානම් වන බව...

පොහොට්ටු අර්බුදය ; බැසිල්ට ගහලා පොට වරද්දා ගන්න එපා - විමල්ට, ගම්මන්පිලට අනතුරු හැඟවීම්

පෙබරවාරි 21, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැංවූ නායකත්වයට නිග්‍රහ කර පොට වරද්දා...

ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම වැඩ පෙන්වයි - මසක් ඇතුළත බස්රථ 6ක් ධාවනයට

පෙබරවාරි 19, 2019

ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම සිය කාර්යක්ෂමතාව වර්ධනය කරමින් මාසයක් ඇතුළදී...