ටෙස්ට් පිටියේ කෝඩුකාරයන් මුහුණට මුහුණ ගැටෙන සටන අද - Lanka News Web (LNW)

ටෙස්ට් පිටියේ කෝඩුකාරයන් මුහුණට මුහුණ ගැටෙන සටන අද

ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගත් නවතම කණ්ඩායම් ද්විත්වය අතර පළමු තරගය අද (15) ඉන්දියාවේදී ආරම්භ වේ. තරගය පැවැත්වෙන්නේ උත්තර්කන්ඩ් ප්‍රාන්තයේ දෙහ්රාදුන්හි රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීය.
අයර්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය පසුගිය 2018 වසරේදී ටෙස්ට් වරම් ලබා ගත්තේය.
 
අයර්ලන්තය සිය මව්බිමේදි පකිස්තානය සමග මංගල තරගයට ක්‍රීඩා කළ අතර අයර්ලන්තය තරගය පරාජයට පත් වුවද සිය ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් විය. එහිදී අයර්ලන්ත තුන් ඉරියව් ක්‍රීඩක කෙවින් ඕ'බ්‍රයන් මංගල තරගයේදීම ශතකයක් රැස් කරමින් වාර්තා පොත් අතරට එක් වූ අතර විශේෂත්වය වන්නේ එය එම තරගයේදී වාර්තා වූ එකම ශතකය ද වීමයි.
 
ඇෆ්ගනිස්ථානය සිය මංගල තරගයට එක්වූයේ ඉන්දියාව සමගයි. ඉන්දියාවේදී පැවති එම තරගය දින දෙකක් තුළ නිමාවට පත්වූයේ කෝඩුකාර ඇෆ්ගනිස්ථානුවන්ට දැැවන්ත පරාජයක් අත්කර දෙමිනි. තරගය ඉනිමකින් සහ ලකුණු 262 කින් ජය ගැනීමට ඉන්දියාව සමත් විය. එම තරගයේදී ඉන්දියාව පළමු ඉනිමට වාර්තා කළ ලකුණු 474 ට පිළිතුරු ලෙස ඇෆ්ගනිස්ථානය ලබා ගත්තේ පළමු ඉනිමේ ලකුණු 109 ක් සහ දෙවනි ඉනිමේ ලකුණු 103 ක් පමණි.
 
අද ආරම්භ වන තරගයේ ඇෆ්ගන් කණ්ඩායම අස්ගර් ඇෆ්ගන් විසින් මෙහෙයවන අතර අයර්ලන්ත කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ විලියම් ෆෝටර්ෆීල්ඩ් විසිනි.
 
කණ්ඩායම් ද්විත්වයේ හැකියාවන් පිළිබඳ සැලකීමේදී පන්දු යැවීම අතින් ඇෆ්ගනිස්ථානය ඉදිරියෙන් සිටී. ඔවුන් සතුව ප්‍රබල දඟපන්දු බලඇණියක් සිටින අතර කෙසේ වෙතත් මංගල තරගයේදී එම බලඇණිය ඉන්දියානු පිතිකරුවන් තුට්ටුවකට මායිම් නොකළ අතර රෂීඩ් ඛාන්ට පවා ඔවුන් මෙල්ල කර ගත නොහැකි විය. අනෙක් පැත්තෙන් අයර්ලන්ත කණ්ඩායම පිතිකරණය අතින් ප්‍රබල කණ්ඩායමකි. එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට ක්‍රීඩා කරන බැවින් ඔවුන් තරග අත්දැකීම් අතින් ඉදිරියෙන් සිටින අතර එය මෙම තරගයේදී ඔවුන්ට විශාල වාසියක් හිමි වනු ඇත.
 
අද පටන් ඉදිරි දින 05 තුළදී ටෙස්ට් පිටියේ කෝඩුකාරයන් අතර ශක්තිවන්තයා කවුරුන්ද යන්න තීරණය කෙරෙනු ඇත.
 
 
UN

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මිරිස් කුඩු ගැහුවේ ගෙනත් දීපු නිසා. මම ඔක්කොම කියනවා - ප්‍රසන්න

මාර්තු 20, 2019

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පොලිස් නිලධාරීන්ට සහ මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩු...

ගෝඨාට මං ඕක දෙන්නෙ නෑ. ගාණට කරකවලා මගෙ අතට ගන්නම් - මහින්ද

මාර්තු 23, 2019

ඊයේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ රාත්‍රී කෑම මේසයෙහි මාතෘකාව වී...

විජිතමුණි පිල තීරණය කරයි:"මම රාජපක්ෂලත් එක්ක නැහැ"

මාර්තු 20, 2019

රාජපක්ෂවරුන්ට ඉදිරියේ තමන් සහය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි...

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥ භාවය වසර 3කට අහෝසි කරයි

මාර්තු 18, 2019

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර 03 කට අහෝසි කිරීමට...