දිමුත් එක්දින නායකත්වයට ! පළමු ඉඟිය මෙන්න ! - Lanka News Web (LNW)

දිමුත් එක්දින නායකත්වයට ! පළමු ඉඟිය මෙන්න !

ලෝක කුසලානයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට පැවරීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව සූදානම් වන බවට පුවත් පළවන්නේ මීට සති කිහිපයකට පෙර සිටයි. ඒ අසාර්ථක වත්මන් එක්දින නායක ලසිත් මාලිංග වෙනුවටයි.
 
පසුගිය 2015 ලෝක කුසලාන තරගාවලියෙන් පසු කිසිදු ජාත්‍යන්තර එක්දින තරගයක් ක්‍රීඩා කර නොමැති දිමුත් කරුණාරත්න එක්දින කණ්ඩායමට කැඳවීමට තීරණය කිරීම සඳහා මූලිකම හේතුව වී ඇත්තේ කණ්ඩායමේ පිතිකරු බලඇණිය දිගින් දිගටම අසාර්ථක වීමයි. දිමුත් එක්දින කණ්ඩායම පැමිණියහොත් බොහෝදුරට පිතිකරුණ අනුපිළිවෙලේ තෙවැනි තැන ඔහුට හිමිවනු ඇත.
 
අනෙක් අතින් පසුගිය වසර කිහිපය පුරා අත්හදා බැලීම් සිදුකළ නායකයන් සියලු දෙනා අසාර්ථකවීම හේතුවෙන් කණ්ඩායමේ නායකයා තෝරා ගැනීම තේරීම් කමිටුවට දැඩි හිසරදයක් වී තිබෙනවා. පසුගිය වසර දෙකක කාලය තුළ එක්දින නායකයන් හත් දෙනෙකු අත්හදා බලා ඇති අතර ඒ කිසිදු නායකයෙකුට කණ්ඩායම සාර්ථකත්වය කරා රැගෙන යාමට නොහැකි වී තිබේ. ඒ අනුව තේරීම් කමිටුව දැන් සූදානම් වන්නේ වසර හතරකින් එක්දින තරගයක් ක්‍රීඩා කොට නොමැති, එහෙත් ටෙස්ට් කණ්ඩායමේ ස්ථාවර ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න එක්දින කණ්ඩායමට කැඳවා ඔහුගේ නායකත්වය යටතේ ලෝක කුසලානයට මුහුණ දීමටයි.
 
මේ පිළිබඳ පළමු ඉඟිය දිමුත් කරුණාරත්න විසින් අද ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියට ලබා දී තිබේ.
 
මෙවර එංගලන්ත ප්‍රාන්ත තරගාවලිය සඳහා දිමුත් හැම්ප්ෂයර් ප්‍රාන්තයට එක්වීමට නියමිතව තිබූ අතර ඒ සඳහා ඔහු පසුගිය පෙබරවාරි මාසයේදි ගිවිසුමකට එළඹියේය. කෙසේ වෙතත් ලබන අප්‍රේල් මාසය දක්වා මෙරට රැඳී සිටීමට දිමුත් හැම්ප්ෂයර් බලධාරීන්ගෙන් අවසර ඉල්ලා තිබේ. ඒ ලෝක කුසලාන තරගාවලියට පෙර තිබෙන පළාත් තරගාවලිය සඳහා එක්වීමටයි.
 
ඒ සම්බන්ධයෙන් අදහස් දක්මින් දිමුත් ක්‍රික්ඉන්ෆෝ සමග පවසා තිබෙන්නේ, තාම එක්දින කණ්ඩායමට කැඳවීම සම්බන්ධයෙන් තේරීම් කමිටුව කිසිවක් තහවුරු කර නොමැති වුවත් එක්දින කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් සිහියේ තබාගන්නා ලෙස දැනුම් දුන් බවයි. යම් හෙයකින් පළාත් තරගාවලියෙන් පසු තමා ලෝක කුසලානයට සහභාගි වන කණ්ඩායමට තෝරා ගතහොත් හැම්ප්ෂයර් සමග එක්වීම මාස කිහිපයකට කල් යනු ඇති බව ද ඔහු ක්‍රික්ඉන්ෆෝ සමග පවසා තිබෙනවා.
 
මේ අතර තේරීම් කමිටුව සභාපති අසන්තා ද මෙල් මහතා පුවත්පතකට පවසා ඇත්තේ කණ්ඩායමේ සියලුම දෙනා එකඟ වන පුද්ගලයෙකු ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්වයට පත් කරන බවයි. ඔහු එහිදී දිමුත් කරුණාරත්න සම්බන්ධයෙන් මෙන්ම හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සම්බන්ධයෙන් ද අදහස් දක්වා ඇති අතර, දිමුත් කරුණාරත්න යටතේ දකුණු අප්‍රිකාව 2-0 ක් ලෙස ටෙස්ට් තරගාවලියේදී පරාජය කිරීම සම්බන්ධයෙන් ද අදහස් දක්වා තිබෙනවා.
 
දිමුත් කරුණාරතන එක්දින ඉනිම 13 කදී ලකුණු 190 ක් වාර්තා කරගෙන ඇති අතර ඊට අන්තර්ගත වන්නේ එක් අර්ධ ශතකයක් පමණි. ඔහුගේ සාමාන්‍යය 15.83 ක් ලෙස සටහන් වන අතර එය කිසිසේතම එක්දින කණ්ඩායමට සුදුසුකම් ලැබීම සඳහා ප්‍රමාණවත් නොවේ. එහෙත් තේරීම් කමිටුවේ බලාපොරොත්තුව වන්නේ දැඩිලෙස අසාර්ථක වී ඇති එක්දින පිතිකරු ලැයිස්තුව තුළ ඔහු නැංගුරමක් සේ කටයුතු කරනු ඇත යන්නයි.
 
ඒ අනුව දිමුත් කරුණාරත්න ලෝක කුසලාන කණ්ඩායම ඇතුළත් වීම අනිවාර්ය වනු ඇති අතර බොහෝදුරට ඔහු කණ්ඩායමට නායකත්වය ලබාදෙනු ඇත.

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb