ඔවුනුත් රටට වීරවරියන්...

ඔවුනුත් රටට වීරවරියන්...

26 April 2019 06:07 am

ශ්‍රි ලංකාව කියන්නේ වැටි වැටි නැගිටින රටක්...

කාලයක් සිට පැවති ලොව දරුණුම ත්‍රස්තවාදී කන්ඩායම ලෙස කිරුළු පැළද සිටි එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය සහමුලින්ම කටුගා දමා යලි නැගිටින්නට පටන් ගත්තේ එදා දුටු ගැමුණු, වීර පුරන් අප්පු, කැප්පෙටිපොළ, කොබ්බෑකඩුව තෙක් ඉතිහාසයේ වීර තේජාන්විත බව ලොවට එළි දක්වලා..

ඉතිං නැවතත් ත්‍රස්ත අවධානමකට පිඹුරුපත් සෑදී ඇති වට පිටාවක ඒ මහ වීර අධිෂ්ඨානය ලොව පුරා පතුරවන ලාංකීය සිංහ වීරත්වය කෙසේ අමතක කරන්නද ?

මේත් නිලානි රත්නායක වගේම පදක්කමකින් ලක් අම්මාගේ බෙල්ල සරසන්නට වරම් නැති වුනත් ලාංකීය නාමය සරසන්න ලෝකයක් ඉස්සරහට ගිය දිරිය දියණියන් සිව් දෙනෙක්...

විදූශා ආපු දුර පෙනන මානයටම ගිහින් රටේ නැවතත් යුධ බිය පැතිර ගිය මොහොතක කළු පටි දාගෙන රුදිරු ත්‍රස්තවාදයට විරුද්ධව අරාබි රටක මේ පෙන්වන වීර හැකියාව අන්තවාදී මුස්ලිම්වරුන්ට කනට ගස්සන්නාක් මෙන් දැනෙනවා නොඅනුමානයි. ඒ ඉරිසියාව දෙගුණ තෙගුණ කරන්න මේ කෙලි පැටික්කියෝ හතර දෙනාගේ කැපවීම සුළු පටු නෑ...

මේ දේවල් ලබා ගත්තේ අපිට ලොකු සම්පත් තිබිලා නෙමෙයි.

ක්‍රීඩාවෙන්ම කොන් වූ මලල ක්‍රීඩාවට හරි හමන් පුහුණුකරුවෙක්වත් නොමැති ජාත්‍යන්තර අත්දැකීම් අවුරුද්දකට සැරයක් කාලෙකට සැරයක් දකින සුන්දර හීනයක් මෙන් ලැබෙන මොවුන්ගේ ඒ උත්සහය පදක්කමකට සීමා මායිම් කරන්නේ කොහොමද?

ලාංකීය මීටර් 400 අමතක නොකල හැකි ලංකාවේ දිදුලන මීටර් 400 ලේබල් එක දමයන්ති දර්ශා ප්‍රමුඛ නිම්මි ද සොයිසා, බී.චන්ද්‍රලතා සහ එස්.එදිරිසිංහ 1999 දකුණු ආසියානු ක්‍රීඩා උළලේදී රටේ හොඳම 400×4 දිවිල්ල දුවනවා.

ඔන්න ඒ ලෝක මට්ටමට ගිය දමයන්ති වැනි ලාංකීය තුරුම්පුවලට අභියෝග කරන කගවේනාගේ හයිය ගතට සිතට පුරවා ගත්ත රැජිණියන් හතර දෙනෙක් අවුරුදු විස්සක් බලන් ඉඳලා ආයේ අපිට ලැබෙනවා.

මළල ක්‍රීඩාව ආ පස්සට අදින්නට ලාංකීය ක්‍රීඩා ක්ෂේත්‍රයේ මළල ක්‍රීඩාව පිච්චියකටවත් මායිම් නොකර හුණුකොල්ලෙට දාන්න වෙර දරන යුගයක මළල ක්‍රිඩාවේ සිංහ යක්කු ටික මෙහෙම රග දෙනවා බලන්න ලැබීමත් ඇත්තටම පිනක්...

ඔලිම්පික් පදක්කම් නෙමෙයි මේ තමයි රටක් විදියට අපි ලබන ඔලිම්පික් ජය...
ඒ තරම් සතුටක්...
වෙන කොයින්ද ???

ලෝක පූජිතයින් සමග කරට කර තරග වැදුනු අපේ දිරිය දියණියන් සිව් දෙනා අන්තිමට තරගය නිම කරන්නේ සිව් වන ස්ථානය ලක් අම්මට ලබා දීලස් මුළු ලෝකයටම ලොකු ඉගියක් දීලා...

මේ පාර හතර... ඊළඟ පාර මෙතනින් නවතින්නේ නෑ...පදක්කමක් ගේනවාමයි ලක් අම්මට...

අන්තිමට දිල්ෂි, උපමාලිකා, නිමාලි සහ නදීශා එකතු වෙලා අභියෝග කරේ අපේම ලෝක මට්ටමේ මීටර් 400 ලේබල් එකක් වෙච්චි දමයන්ති දර්ශාට...

එදා 1999දී මිනිත්තු 3යි.තත්පර 35.42කින් දර්ශලා නිමා කළ මීටර් 400 ලාංකීය වාර්තාව මේ සිංහ දේනුවෝ හතර දෙනා එකතු වෙලා කඩන්නේ මිනිත්තු 3යි තත්පර 35.06කින් අවසන් කරලා...

23 වෙනි ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් සිහිනය නම් බොඳ වුනා මොවුන්ටත් නිලානිට වගේ...

ඒත් මේ වැටුනු වලෙන් ලාංකීය මළල ක්‍රීඩාවම ගොඩට අරන් තවත් සුසන්තිකාලා,ඩන්කන් වයිට්ලා ලෝක පූජිතයින් ඉස්සරහා සිංහ ධජය රැගෙන සිටවන්නට දිවා රෑ නොබලා වෙහෙස වෙන මේ දිරිය දියණියන් අමතක නොකළ කොහොමද?

සමාවෙන්න අපිට,

රට ගැන මේ තරම් කැක්කුමක් තියෙන උඹලා වගේ මැණික් ඔපමට්ටම් කරන්න එවුන් මෙහේ නෑ...

අවුද්දකට සැරයක් වගේ ලැබෙන අවස්ථාවෙන් උඹලා උඹලට අභියෝග කරලා අධිෂ්ඨානය කියන්නේ මොකද්ද කියලා පෙන්නලා එදා තිබුන ඔලිම්පික් නම් අස්සේ අතරින් පතර ලියවුණු අපේ නම්වලට නව ජීවයක් දෙන්න උත්සහ කරන උඹලා අපිට වීරවරියන් බං හැමදාම !

ලිව්වේ නිර්නාමික ලේඛකයා කියලා එකෙක්...