ලොව මිල අධිකම මෝටර් රථයේ හිමිකරු පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ

ලොව මිල අධිකම මෝටර් රථයේ හිමිකරු පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ

2 May 2019 04:00 am

මෙතෙක් නිෂ්පාදනය කළ, ලොව මිල අධිකම මෝටර් රථය මිලදී ගැනීමට සුප්‍රකට පාපන්දු තරුවක් වන පෘතුගාලයේ ක්‍රිස්ටියානේ රොනාල්ඩෝ සමත්ව තිබෙනවා. ඔහු ඒ සඳහා වැයකළ මුදල යූරෝ මිලියන 11 ක්. එසේ නැතහොත් පවුම් මිලියන 9.5 ක්. ශ්‍රී ලංකාවේ ව්‍යවහාර රුපියල්වලින් කියන්නේ නම් රුපියල් බිලියන දෙකකුත් තවත් මිලියන 172 ක්.

ප්‍රංශයේ සුප්‍රකට බුගාටි (Bugatti) සමාගම විසින් නිෂ්පාදනය කළ මෙම මෝටර් රථය නම්කර ඇත්තේ La Voiture Noire යන නමිනි. මෙහි උපරිම වේගය සටහන් වන්නේ පැයට කිලෝමීටර් 260 ක් ලෙසයි.

මෙම වර්ගයේ මෝටර් රථ එකක් පමණක් නිෂ්පාදනය කිරීමට බුගාටි සමාගම කටයුතු කර ඇති අතර ඒ එම සමාගමේ 110 වැනි සංවත්සරය වෙනුවෙනි.  එය පළමු වරට ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළිදැක්විණි.

bugatti 3 

වොක්ස්වැගන් සමාගමේ හිටපු සභාපති ෆර්ඩින්ඩ් පීච් මෙම මෝටර් රථය මීලදී ගෙන ඇති බවට මුලින් වාර්තා වූ නමුත් ස්පාඤ්ඤ පුවත්පත් වාර්තා කරන්නේ මෙහි සැබෑ හිමිකරු ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ බවයි.

ඉතාලියේ ජුවෙන්ටස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වත්මන් ලෝකයේ ධනවත්ම ක්‍රීඩකයන් අතර මුල් පෙලේ සිටින ක්‍රීඩකයෙකි.

UN

bugatti 1

bugatti 2