ඉන්දීය ෆිනිෂින් ෆෑන්ස්වාදය - Lanka News Web (LNW)

ඉන්දීය ෆිනිෂින් ෆෑන්ස්වාදය

ඉන්දියාව යනු එදා සිට අද දක්වා නොකඩවා තම ගෞරවණීයත්වය රැකගෙන ඉදිරියට ආ කන්ඩායමක් බවට අටුවා ටිප්පනී අවශ්‍ය නෑ...

ඉතිං එදා කපිල් දේව්ලාගේ පටන් දෝණි කෝලි වෙනකල් ඉන්දියාව කාලෙන් කාලෙට ගැලපෙන විදියට ලොව හොදම පිතිකරන බල ඇණිය සකසා ගන්නේ පන්දු යැවීමෙනුත් තුරුම්පු රැසක් කාඩ් අතේ රදවාගෙන...

එදා සචින්...අද කෝලි...

මේ නම් දෙක පරම්පරා ගණනක් රැක ගත්තු ඉන්දියාව කියන නම ලෝකයේ අංක එකේ හිස්මුදුනින්ම තියාපු නම් දෙකක්...

මේ නම් අස්සට දෝණි කියන රජ නමත් එකතු වුනේ හරි අමුතු විදියකට...

අමුතුම කෙරුවාවක් නටන අමුතු දඩයක්කාරයෙක්...

ජයග්‍රහණයේ බන්දේසිය අතින් අරගෙන පිටියට එන රජ ඩෝණිට තරගයේ ස්වභාවය අදාල නෑ...ප්‍රතිවාදීන්ට හොද භෝජන සංග්‍රහයක් වූ එදා වේල අවසන් කරන්නේ දෝණිගේ බන්දේසිය උඩට ඒ සියල්ල රැගෙන දෝණිගේ තනි අනුභව කිරීමෙන්...

දෝණි කියන පතාක චරිතයට ගැලපෙනම ලේබල් එකත් ලැබුනා.

ඒ තමයි නායකත්වයේ කටු ඔටුන්න.

හැබැයි ඒ ඔටුන්න දෝණිට නම් කටු ඔටුන්නක් වුනේ නෑ...

ඒක ඒ තරම් වටින දෝණි කියන චරිතයේ වටිනාකම ඉහල යන මැණික් ගල් අල්ලපු රන් ඔටුන්නක් බවට රජ ඩෝණි ඕනම තැනක පත් කරා...

ඩෝණි කියන්නේ ලෝකයේ හොදම නායකයා කියන්න සාක්ෂි ඕන තරම් ඩෝණිම හදා ගත්තා.

පන්දු යවන්නන් පීඩනයක් එල්ල කරද්දි අවසාන පන්දුවාර කිහිපයේ සෑම පිතිකරුවෙක් වගේම පිත්තට පීඩනය ගද්දී දෝණි කියන අපූරු මනුස්සයා කරේ ඒකේ අනිත් පැත්ත...

දෝණිගේ පිත්ත හැමවෙලේම පීඩනය දුන්නේ පිත්තට එන පන්දුවට...

ඒ නිසාමයි අවසාන පන්දුවට හයක් ගහලා ගිණිකෙළිය ගිණිකෙළියක් ලෙසම ඉවර කරලා ගජරාමෙට රජ මගුල් කෑවේ...

ඒ බිහිසුණූ ලොව හොදම තරග නිමකරන්නාගේ සුවිශේෂී හැකියාව එක්ක එයාට ලැබුනු සේනාවත් එක්ක නායකත්වයේ රජ ඔටුනු දරාගෙන ජයග්‍රහණය සොයා යන එක ඇත්තටම ඩෝණි කියන පට්ටමටම කියාපු හැකියාවක්...

දිනන්න ඕන කැක්කුමෙන් රට ගැන ඇම්මෙන් පැහැදිලි නායකත්වය මතින් හරි තීරණ ඔස්සේ දෝණි කියන චරිතය එදා මෙදා ඉතිහාසයේ බිහිවූ හොදම නායකයා වෙන්නේ ඔහුට ලැබුනු සෑම තරග රටාවක්ම ජයග්‍රහණය කරමින්...

විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගනිමින් මංගල ලෝක කුසලානයම සිය අම්මට දිනා දුන්නු ඒ විශිෂ්ඨ නායකත්වය

2011 ලෝක කුසලානය දිනා දෙමින් පන්දුවාර පනහා ආකෘතියෙත් ඔහු ඔහුගේ තැන රැක්කා.

අයි.පි.එල් ශූරතා ගණනාවත් සිය පිලට ලබා දෙමින් දෝණි කියන තනි එකාගේ කෙරුවාව ලුණු ඇඹුල් ඇතුවම පෙන්නුවා

චැම්පියන්ස් ලීග් ශූරතාවය දිනා ගනිමින් ඉන්දියාවේ විතරක් නෙමෙයි ලෝකයේම තනි නායකයා සාර්ථක නායකයා ඔහු බවට වමාර වමාර ඔප්පු කරා...

ඉතිං තවත් මොනවද ?

මේ සේරම අස්සේ දෝණි සොයපු ජයග්‍රහණ කන්දරාව විශාලයි.

එදා සචින්ගේ සහ අද කෝලිගේ රන් රේඛාවෙන් වැසුණු ඉන්දීය ජයග්‍රහණයේ සැබෑ හිමිකරුවා දෝණි කියන රාජකීය නාමය වූ අවස්ථා ඕනේ තරම්...

සචින්ලාගේ,යුවරාජ්ලගේ,රයිනාලගේ,ශෙවාග්ලගේ,ගංගුලිලාගේ,ඩ්‍රාවිඩ්ලාගේ කෝලිලගේ දවාන්ලගේ රොහිත්ලගේ කර මතින් ගිය තරගය ජයග්‍රහණයෙන් කෙලවර කරේ දෝණි...

ඒත් දැන් දෝණි යන්න ලගයි.

හැබැයි ගියාට ඩෝණිගේ අඩුව පුරවන්න උන් කල් තියාම ඉන්දීය උගත් පරිපාලනය හොයනවා.

එහෙම එකෙක් තමයි රිෂාබ් පාන්ට් කියන එකා...

ඒත් තාම මදි පාන්ට් තැටිය රත් වෙලා...

ඒ රත් වෙනකල් පාන්ට් කියන රූස්ස ගස වතුර දාලා පොහොර දාලා ඉන්දීය මහ ගෙදර උන් පෝෂණය කරලා හදා වඩා ගන්න විදිය ඉස්තරම්...

පාන්ට් කතාව හරියට පටන් ගන්නකල් ඩෝණි එක්ක ඒ කෙරුම් කරපු තවත් කෙරුම්කාරයෙක් සූදානම් කරලයි ඉන්නේ ඩෝණිගේ තැනට පුංචි පහේ හරි සාධාරණයක් කරන්න.

මතකද නිදහස් කුසලානයේ අවසාන තරගය...

බංග්ලාදේශ බලාපොරොත්තු සුනුවිසුළු කල ඉන්දීය බලවේගය දිනේෂ් කාර්තික්...

කන්ඩායමේ ඉඩක් ලැබුනු හැම වෙලාවෙම ලොකු දෙයක් කරන්න මහන්සි වුන කෙනෙක්...

මෙවර ලෝක කුසලානයට පාන්ට්ව තියලා කාර්තික් අරන් යන්නේ ලොකු අරමුණක් ඇතුව...

ඒ තමයි අත්දැකීම් වලින් පිරුණු කාර්තික් මතින් පාන්ට්ට වඩා ලොකු දෙයක් කරන්න.

රිෂාබ් පාන්ට් නම් ප්‍රභල යොවුන් අවිය තව තවත් මුවහත් වෙනකල් ඉන්දීය පරිපාලනය ඩෝණිගේ තැන කාර්තික්ට දෙන්න සියල්ල ලකලෑස්තියි.

ඩෝණි වගේ අන්තිම පන්දුවට හයක් නැති වුනාට දිනන්න ගේම ගහන චරිතයක් තමයි ඔය කියන ඩබලම...

කාර්තික් කතාව ලෝක කුසලාන ගමන් සාර්ථක කරන්න හර්දික් පාන්ඩ්‍යා නම් ආසියානු අකුණු කසකරුවා සමග සහයෝගය දෙද්දි පාන්ට්වාදය ඩෝණිගෙන් පස්සේ ඉන්දීය ක්‍රිකට් නාමයන් තුල ලොකු නමක් වෙන බවට මේ වන විටත් ඉගි පහල වී අවසානයි.

මේ වෙද්දී සීරුවෙන් හදන වීනීත පාන්ට් සෙනලාගේ සේනාපති අඩහැරය තව නොබෝ දිනකින් ක්‍රිකට් ලොව පුරා රැව් පිළිරැව් දෙන බව නොඅනුමානයි.

මොකද ඉන්දියාව ක්‍රිකට් හදන්නේ මොලෙන්...

කපුගෙදරලා කෞශල් වීරරත්නලා චතුරංග ද සිල්වාලා වගේ අය මෙහේ රංචු පිටින් එකතු වෙලා අතරමං වෙද්දි,

ඉන්දියාව දාහක් දෙනා අතරින් හරි කෙනා තෝරගෙන නිෂ්පාදනය කරන අපූරුව ඇත්තටම එය ඉන්දියාවටම ආවේණික වෙච්චි ක්‍රිකට් මොලේ උපක්‍රමයක්...

ඩෝණි වටා පිරුණු මිනිස්සු ටික කාලෙකට හරි කාර්තික් වටා පිරෙයි කියලා ඉන්දීය ක්‍රිකට් මොලයට තේරුනා

ඒ විතරක් නෙමෙයි කාර්තික් ඩෝණි වටා පිරුණු මිනිස්සු සේරම රිෂාබ් පාන්ට් කියන තනි අත් ප්‍රහාරකයාගේ ජයග්‍රාහි තරග නිම කිරීම් සංදර්ශනමාලාව තුල තවත් කාලයකට ඩෝණි පුරාවෘතයේ හැකියාවට යම් තාක් හෝ සාධාරණයක් ඉටු කරන එකා වටා දේවත්වයෙන් අදහන ක්‍රීඩාවේ බැතිමත්තු ටික රොදබැද ගන්නා බව නම් නොඅනුමානයි.

- නිර්නාමික ලේඛකයා

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb