ක‍්‍රීඩා - Lanka News Web (LNW)

ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගත් නවතම කණ්ඩායම් ද්විත්වය අතර පළමු තරගය අද (15) ඉන්දියාවේදී ආරම්භ වේ. තරගය පැවැත්වෙන්නේ උත්තර්කන්ඩ් ප්‍රාන්තයේ දෙහ්රාදුන්හි රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීය.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා තවදුරටත් පුහුණුකරු ලෙස තබා ගන්නේද යන්න සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තීරණාත්මක බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේදී අනුගමනය කරන නීති කිහිපයක වෙනස් කිරීම සඳහා යෝජනා වී තිබෙනවා. පසුගියදා ඉන්දියාාවේ බැංගලෝර්හිදී හමු වූ MCC ලෝක ක්‍රිකට් කමිටුව විසින් මෙම නීති සංශෝධනය කිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකර ඇති අතර එම නීති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ඉදිරියේදී නිර්දේශ කිරීමට නියමිතය.

දකුණු අප්‍රිකාව සමග ඉරිදා (10) පැවති තෙවැනි එක්දින තරගයේදී ආබාධයකට ලක් වූ මැදපෙළ පිතිකරු කුසල් ජනිත් පෙරේරා එක්දින තරගාවලියේ ඉතිරි තරග දෙක සඳහා සහභාගි නොවන බව වාර්තා වේ. ඔහු තෙවැනි තරගය අතරතුර කලවයේ ආබාධයකට ලක් වූ අතර මේ නිසා පළමු තරග තුනේදීම දරුණු පරාජ අත්විඳීමට සිදු වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිය තවදුරටත් බිඳවැටී තිබේ.

දශක පහකට ආසන්න අතීතයක් ඇති පන්දුවාර 50 ක්‍රිකට් තරග සහ දශක එක හමාරක අතීතයක් සහිත පන්දුවාර 20 ක්‍රිකට් තරග කෙතරම් ප්‍රචලිත වුවද තවමත් ලොවපුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනාගෙන ඇත්තේ ටෙස්ට් ක්‍රිකට් තරග බවය MCC හි ලෝක ක්‍රිකට් කමිටුව පවසනවා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අළුතින් පත් වූ නිළධාරීන් පසුගියදා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානීන් හමු වී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. මේ සඳහා නව සභාපති ශම්මි සිල්වා, නව ලේකම් මොහාන් ද සිල්වා මහත්වරුන් සමග හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා ද සහභාගි වී තිබේ.

දකුණු අප්‍රිකාව තුළදීම ඔවුන් තරග 2-0 ක් ලෙස පරාජයට පත් කිරීම කණ්ඩායම ලැබූ විශාල ජයග්‍රහණයක් බවත් ඒ සමබන්ධයෙන් සමස්ත කණ්ඩායමම සතුටු වන බව දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා නායකයා ලෙස කටයුතු කළ දිමුත් කරුණාරත්න පවසයි. සංචාරය අවසන් කර නැවත පැමිණීමෙන් පසු අද (25) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb