ක‍්‍රීඩා - Lanka News Web (LNW)

දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරඟවලියේ ශ්‍රීලංකාව හා පකිස්ථානය අතර අවසන් පූර්ව තරඟයෙන් ශ්‍රීලංකාව පරාජය කළ පකිස්ථානය අද (21) ඉන්දියාව සමග අවසන් තරඟයට මුහුන දීමට නියමිතය.

අවසන් පූර්ව තරඟයෙන් පරාජය වීමත් සමග ශ්‍රීලංකාව සමස්ත තරඟාවලියේ තෙවැනි ස්ථානයට පත් විය.

බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ උප නායකත්වය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් පත්කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද එම තරගාවලියට සභාගි වන කණ්ඩායම නිළ වශයෙන් ප්‍රසිද්ධියට පත්කළ අතර ඒ අනුව නායක දිනේෂ් චන්දිමාල්ගේ සහායකයා ලෙස කටයුතු කිරීමේ වගකීම සුරංග ලක්මාල්ට පැවරීමට තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.


ධූරයෙන් නික්ම යන ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතාගේ සේවය අගයමින් ශ්‍රී ලංකා ටෙනිස් සංගමය ඔහු වෙත සිය උපහාරය දැක්වීය. ඊයේ (09) සන්ධ්‍යාවේ ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවෙන් අනතුරුව එම උපහාර දැක්වීමේ අවස්ථාව යොදා ගෙන තිබූ අතර ටෙනිස් සංගමයේ නියෝජිතයන් ඇතුළු සෙසු ක්‍රීඩා සංගම් රැසක නියෝජිතයන් එම අවස්ථාවට එක්ව සිටියේය.

ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර අලු බඳුන තරඟමාලාව වෙනුවෙන් අද ඇරඹෙන සිඩ්නි ටෙස්ට් තරඟය හැඳින්වෙන්නේ "pink test" හෙවත් රෝස ටෙස්ට් තරඟය විදියට. ක්‍රිකට් ක්‍රීඩාවට සැබැවින්ම ආදරය කරන හුඟ දෙනෙක්ට මේ රෝස ටෙස්ට් තරඟ ගැන තියෙන්නේ කුතුහලයක්. සෑම වසරකම පලවෙනි ටෙස්ට් තරඟය රෝස ටෙස්ට් තරඟය විදියට නම් කරන්නේ ඇයි ?

කෘතහස්ත ටෙනිස් පරිපාලකයෙකු වන සුරේෂ් සුබ්‍රමනියම් මහතා ඉන්දුනීසියාවේ ජකර්තාහි පිහිටි ආසියානු ටෙනිස් සම්මේලනයේ උපසභාපතිවරයා ලෙස තේරී පත්ව තිබේ. 2005 වසරේ සිට සුබ්‍රමනියම් මහතා ආසියානු ටෙනිස් සම්මේලනයේ මහලේකම් ලෙස කටයුතු කළ අතර ඔහු එම තනතුරට පත්ව ඇත්තේ නිතරඟයෙනි. ආසියානු ටෙනිස් සම්මේලනයේ උපසභාපතිවරයා ලෙස ශ්‍රී ලාංකිකයෙකු ලෙස පත්වූ පළමු අවස්ථාවද මෙයයි. ටෙනිස් ක්‍රීඩාවත් සමඟ දිගු ගමනක් පැමිණ ඇති සුබ්‍රමනියම් මහතා 2002 වසරේ සිට ආසියානු ටෙනිස් සම්මේලනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කර ඇත. 2002 වසරේ සිට 2007 වසර දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති ඔහු එම තනතුරට පත්වන්නේද නිතරඟයෙනි.

එංගලන්තයේ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දෙන දෙවැනි එක්දින තරගය අද පැවැත්වේ.  තරගය පැවැත්වෙන්නේ බර්මින්හැම් නුවර එජ්බැස්ටන් ක්‍රීඩාගනයේදීය.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb