ක‍්‍රීඩා - Lanka News Web (LNW)

මෙරට පළමු පෙළ ප්‍රීමියර් ලීග් තරගමාලාවේ සුපර් 8 වටයේ පැවති තරගයකදී, අවුරුදු 80 ක් පළමු පෙළ පැරණි වාර්තාවක් සම කිරීමට එන්සීසී කණ්ඩායමේ නායක ඇන්ජලෝ පෙරේරා සමත් විය. සිංහල ක්‍රීඩා සමාජයට එරෙහිව ඒ ඉනිම දෙකේදීම ද්විත්ව ශතක වාර්තා කරමිනි. 

පන්දුව පළුදු කිරීමේ චෝදනාව මත ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත්ට සහ උප නායක ඩේවිඩ් වෝනර්ට වසරක තරග තහනමක් පැනවීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම බරපතල කඩා වැටීමකට ලක්විය. ස්මිත්ගෙන් පසු කඩුලු රකින ක්‍රීඩක ටිම් පේන් ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත්වුවද ඔහුට ස්මිත්ගේ අඩුව පිරවීමට තබා ඔහුට ලංවීමට හෝ නොහැකි විය.

අද අවසන් වූ ඕස්ට්‍රේලියානු විවෘත ග්‍රෑන්ඩ්-ස්ලෑම් කාන්තා ශූරතාවය දිනා ගැනීමට ජපානයේ නයෝමි ඔසාකා සමත් වූවාය. ඇය හමුවේ තරග වට 2-1 ක් ලෙස පරාජයට පත්වූයේ චෙක් ජනරජයේ පෙට්රා කොවිටෝවාය.

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගයේ ඕස්ට්‍රේලියානුවන් සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 323 ක් ලබා ගත්තේ පළමු ඉනිමේ ලකුණු 179 ක වාසියක් ද සටහන් කර ගනිමිනි.

2018 වසරට අදාලව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පිරිනමන ප්‍රධාන සම්මාන තුනම හිමිකර ගැනීම ඉන්දීය කණ්ඩායමේ නායක, සුපිරි පිතිකරු විරාට් කෝලි සමත්ව තිබෙනවා. වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය වන සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් සම්මානය, වසරේ ටෙස්ට් ක්‍රීඩකයාට හිමි සම්මානය, වසරේ එක්දින ක්‍රීඩකයාට හිම සම්මානය යන ප්‍රධාන සම්මාන තුනම හිමි කරගෙන ඇත්තේ 2018 වසර ඔහුගේම නමට ලියා ගනිමිනි.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සහ ක්‍රිකට් පරිපාලනයට, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් නිරන්තරයෙන් සිදුවන අතපෙවීම්වලට හේතුව කුමක්ද යන්න ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පසුගියදා පැහැදිලි කළේය. ඒ බීබීසී සිංහල වෙබ් අඩවිය සමග පැවැත්වූ සාකච්ඡාවකදීය.

නවතම පුවත්

මැයි 19, 2019

ආනයනික ලොකු ළූණු බදු ඉහළට

ආනයනික ලොකු ළූණු සඳහා පනවන බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

මැයි 19, 2019

අන්තවාදී ත්‍රස්තයින් සියලු දෙනා අත්අඩංගුවේ

ගත වූ මාසයකට ආසන්න කාලය තුළ රට තුළ සිටි ත‍්‍රස්තවාදී ව්‍යාපාරයට සම්බන්ධ සියලු පිරිස් අත්අඩංගුවට…

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb