ක‍්‍රීඩා - Lanka News Web (LNW)

1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ වගන්ති අංක 04 යටතේ පිහිටුවා ඇති ජාතික ක්‍රීඩා සභාව සඳහා 2019-2020 වර්ෂයට පත් කළ නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (17) විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

පන්දුව පළුදු කිරීමේ චෝදනාව මත වසරක තරග තහනමකින් පසුව නැවත ක්‍රිකට් පිටියට පිවිසි ඩේවිඩ් වෝනර් සිල්හෙට් සික්සර්ස් කණ්ඩායමේ නායකයා ලෙස බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලියට එක්ව සිටී. කෙසේ වෙතත් ඔහුට එම තරගාවලියේ පළමු තරග තරග හතරේදී රැස් කරගත හැකි වූයේ ලකුණු 80 ක් පමණි.

බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කැන්දාගෙන එන්නේ තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන සමයේදීය. ඒ අනුව චන්දික හතුරුසිංහ මහතා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සමග ඇති කරගෙන තිබූ ගිවිසුම ද හදිසියේ අවලංගු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා එක්වේ.

ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. බදුල්ලේ පැවති රැස්වීමක් අමතමින් ඔහු මේ බව පවසා තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය අවසන් කරමින් අද පැවති ජාත්‍යන්තර 20/20 තරගයෙන් ද ලකුණු 35 ක දරුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. ඒ් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත සංචාරය අවසන් කළේ කිසිදු තරගයක ජයග්‍රහණය අත්පත් කරගැනීමට නොහැකිවයි.

මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ ක්‍රිකට් ඔට්ටු තැබීම්වලට සහ තරග පාවාදීම්වලට සම්බන්ධ ක්‍රීඩකයන්ට සහ නිළධාරීන්ට සති දෙකක පොදු සමා කාලයක් ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඔට්ටු තැබීම් සහ පවාදීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සහ එවැනි සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු දන්නා පුද්ගලයන්ට මෙම සති දෙක තුළ එල්ල වී ඇති චෝදනාවලින් නිදහස් වීමට සහ දන්නා තොරතුරු හෙලිදරව් කිරීමට හැකියාව ලැබෙන බවයි ICC දූෂණ විමර්ශන ඒකකයේ සම්බන්ධීකරණ නිළධාරීන් ස්ටීව් රිචඩ්සන් පවසන්නේ. 

ඕනෑම ක්ෂේත්‍රයක නීති පනවන්නේ ඊට අදාල ක්ෂේත්‍රයේ යහපත, පැවැත්ම වෙනුවෙනි. ඒ අනුව එම පනවන නීති වඩාත් සාධාරණ විය යුතුය. එය ක්‍රීඩාවටද පොදු කරුණකි.

අද (05) පැවති ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 21 ක පරාජයක් ලැබීමට නැවතත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට සිදුවිය. ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය මේ වනවිටත් 2-0 ක් ලෙස නවසීලන්තය ජයගෙන සිටී.

2020 වසරේදී පැවැත්වීමට නියමිත මීළඟ ජාත්‍යන්තර 20/20 ලෝක කුසලාන තරග මාලාවට සහභාගිවීම සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබෙනවා.

බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායක මෂ්රෆ් මොර්ටාසා, ඊයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් වාර්තාගත ජයග්‍රහණයක් අත්පත් කරගෙන තිබෙනවා. බංග්ලාදේශ අගමැති ෂෙයික් හසීනා මහත්මියගේ අවාමි ලීගය නියෝජනය කරමින් මොර්ටාසා බංග්ලාදේශ මැතිවරණයට ඉදිරිපත් වූයේ ක්‍රියාකාරී ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කරමින් සිටියදීය.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb