සංහිඳියාව වෙනුවෙන් මහින්ද මුස්ලිම් විවාහයක් කරගනී ? - Lanka News Web (LNW)

සංහිඳියාව වෙනුවෙන් මහින්ද මුස්ලිම් විවාහයක් කරගනී ?

මහින්ද රාජපක්ෂ මහතා විවාහ උත්සවයකට සහභාගී වී සිටින ආකාරය ඉහත ඡයාරූපයෙන් දැක්වේ.

 

සාමාන්‍යයෙන් සම්ප්‍රදායානුකූලව මේ ආකාරයෙන් මනාලිය සමඟ අසුන්ගෙන සිටින්නේ මනාලයාය. මහින්ද රාජපක්ෂ මහතා ද සැමවිටම සම්ප්‍රදාය ගරු කරන නායකයකු බැවින් මෙහිදී අපට පෙනී යන්නේ ඒ මහතා මුස්ලිම් විවාහයක් කරගෙන ඇති ආකාරයකි.

එය හුදෙක් හාස්‍ය තකා කීවත් සැබෑ කතාව වන්නේත් පාර්ලිමේන්තු බහුතර බලය අහිමිව නන්නත්තාර වී සිටින මහින්ද රාජපක්ෂ මහතා මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහාය ලැබේ නම් මුස්ලිම් විවාහයක් හෝ කරගැනීමට සූදානම් මට්ටමේපසුවන බවයි. වරෙක ජමියතුල් උලමා සභාව හමුවීමට දුවන්නේත් තවත් වරෙක මුස්ලිම් විවාහ උත්සවයක මනාලයාගේ තැනට පනින්නේත් තමන් මුස්ලිම් විරෝධියකු නොවන බව මවා පෑම සඳහාය. එහෙත් ඔහු මුස්ලිම් ජනතාවට සැබැවින්ම දෙන්නේ මොනවාද යන්න අලුත්ගමදී ඔප්පු කර පෙන්නූ බව රටට අමතක නැත. පසුගියදා මහනුවර දිගන ප්‍රදේශයේදී මුස්ලිම් ජාතිකයින්ට පහරදීම සම්බන්ධයෙන් ද මහින්ද මහතාගේ පොහොට්ටු පක්ෂයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් අත් අඩංගුවට හසුවීමෙන් පැහැදිලි කෙරුණේ මහින්දගේ අලුත්ගම ප්‍රතිපත්තිය බිඳක්වත් වෙනස්වී නොමැති බවය.

මහින්ද රාජපක්ෂ මහතාට තවත් අඩුවී ඇත්තේ දෙමළ ජනතාවගේ සහාය ලබා ගැනීම සඳහා දෙමළ විවාහයක් කරගැනීම පමණි. ඉදිරි මැතිවරණයේ ද බලපොරොත්තුවෙන් සිටින ජයග්‍රහණය හෙලත්තාඩුවට ගොස් ඇති බැවින් හෙට අනිද්දාට ඒ මහතා එවන් විවාහයක් කරගත්ත ද පුදුම වන්නට දෙයකුත් නැත.

ඡන්දය ගැනීම උදෙසා මහ ජාතියේ ස්වෝත්තමවාදය අවුස්සන අතර තමන්ගේ අතින් කන සුළු ජාතීන් කිහිපදෙනෙකුටත් ටොපී චොකලට් බෙදන මහින්ද රාජපක්ෂ මහතාගේ නව දේශපාලන දීගයත් රටට ඛේදවාචක සහ ප්‍රහසන දෙකම ගෙනෙනු ඇත. අවසානයේ රාජපක්ෂලා සිනාසුනොත් රටේ ඉදිරි පරම්පරා ගණනාවකට හඬන්නට වැඩ සිද්ධ වෙනු ඇත.

නවතම පුවත්

මැයි 23, 2019

පාප් වහන්සේගේ නියෝජිත කාදිනල් ෆිනෝලි හිමිපාණන් සහ අගමැතිවරයා අතර හමුවක්

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ නියෝජිත වතිකානයේ ප්‍රනාන්දු කාදිනල් ෆිනෝලි හිමිපාණන් සහ…

මැයි 23, 2019

පිලිපීනයේ කැනේඩියානු කුණු කන්ද ඉවතට!

වසර ගණනක් මුළුල්ලේ පිලිපීනයේ ගොඩගැසී තිබූ කැනේඩියානු කුණුකන්ද නැව් සමාගමක් හරහා ඉවත් කර දැමීමට…

මැයි 23, 2019

මම බෞද්ධ විරෝධියෙක් නෙවෙයි - හැබැයි මේක ශ්‍රී ලාංකිකයන්ගේ රට

ඇතැමුන් තමන් බෞද්ධ විරෝධියෙක් ලෙස පෙන්වීමට උත්සහ දරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (23)…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb