අනේ ජනාධිපති තුමනි, පූජිත්ව නම් පැන්ශන් යවන්න එපෝ !! - Lanka News Web (LNW)

අනේ ජනාධිපති තුමනි, පූජිත්ව නම් පැන්ශන් යවන්න එපෝ !!

ගරු ජනාධිපති තුමනි, අපි මේ සූදානම් වෙන්නේ ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්නයි. මේක අපි ඉල්ලන්න හිටියේ රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන්. ඒත් දැන් ඔබතුමා තමයි නීතිය හා සාමය ඇමති.

 

ඇත්තටම ඕක රංජිත් මද්දුමබණ්ඩාරට නොදුන්න එක හොඳය. එතුමා තැන් තැන්වල කොච්චර නම් අපේ පූජිත්තුමාට බැන්නද ? එහෙම කරන්න වටිනවාද පූජිත්තුමා වගේ කෙනෙකුට ?

පූජිත්තුමා නිසා ලංකාවේ සතුටින්ම සිටින්නේ ඔබතුමාත් හොඳින්ම දන්නා කොට්ඨාශයක්. ඒ තමයි ලංකාවේ සමාජ මාධ්‍ය ජාල පාවිච්චි කරන උදවිය ! පොලිස්පති පූජිත් කියන්නේ කොච්චර නම් පුවත් මවන්නෙක්ද ?

ඒ නිසා ගරු ජනාධිපතිතුමනි, අපි ඔබතුමාගෙන් ගෞර්ව පුරශ්චාර්වකව ඉල්ලා සිටින්නේ පොලිස්පති පූජිත් සේනාධි බණ්ඩාර ජයසුන්දර තුමාව නම් පෙන්ශන් නොයවනා හැටියටය.

මිනිස්සුන්ට ඕනෑ දෙයක් කියන්නට පුළුවන්. උන් දැනටත් ඔබතුමාට නොකියන දෙයක් නෑනේ ... ඒත් කාටද පුළුවන් ජූජිත්තුමාට වගේ විහිළු සප්ලයි කරන්න ? පිස්සු පූසා කාටුන් එකේ සාජන් මහත්තයාටත් වඩා අපේ පොලිස්පති පූජිත්තුමා ජනප්‍රියය.

ඔබතුමා දෙසැම්බර් 16 ඓතිහාසික ප්‍රකාශයෙදිත් කිව්වේ ලංකාවේ දේශපාලන බලවේගවලට වඩා සඟිස්කෘතික බලවේග බලවත් කියලාය. ඕක මේ රටේ පූජිත්තුමා තරම් තේරුම් ගත්තු වෙන එක නිලධාරියෙක්වත් නැතිවීම ඔබතුමාගේ වගේම රටේම අවාසනාවක්. සමාජ මාධ්‍ය ජාල පාවිච්චි කරන අපේ ලොකුම අවාසනාවක්. ඔබතුමාට කීයටවත් පුළුවන් වෙයිද නුවර පෙරහැරේ නට නටා යන පොලිස්පති කෙනෙක් ආයෙ පත් කරන්න ? භාවනා පන්ති කරන පොලිස්පති කෙනෙක් ආයෙ පත් කරන්න ? හිතූ හිතූ වෙලාවට මීඩියා ඉස්සරහ අඬන පොලිස්පති කෙනෙක් ආයෙ හොයාගන්න ? බෑ නේ ... බෑ නේ ....

අන්නේනිසා ජනාධිපති තුමනි, ඔබතුමා පූජිත්තුමාව අයින් කළොත් අපි සෝෂල් මීඩියා පාවිච්චි කරලාත් වැඩක් නැතිවෙනවාය. ආතල් කැඩෙන්නේ අපේය. අනික, ඔබතුමා පූජිත්තුමාව පැන්ශන් යැව්වත් එතුමා යූඑන්පීයෙන් ඊළඟ ඡන්දයට එනවාය. ඒ නිසා පූජිත්තුමාව ඔය ඉන්නා තැනම තියන එක කාටත් හොඳය.

කොහොම වුණත් පූජිත්තුමා එළිපිට පිස්සු කෙළියාට ජරාව නොකන අවංක මනුස්සයෙක්ය. ඒකත් පිළිගන්න ඕනෑමය. පක්ෂපාතීත්වය බැලුවත් ඒ ඒ වෙලාවට එන එන කෙනාටය. ඉතිං වෙන වැදගැම්මකුත් නැති පොලිස්පති තනතුරට සුදුසුකම් ඕනෑවටත් වැඩිය.

- මීට,
කවදත් ඔබට හිතැති,
සමාජ මාධ්‍ය ජාල සෙට් එක.

 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

සමනලීගෙන් සිරසට සහ මව්බිමට පිළිතුරු

ජනවාරි 11, 2019

ඊයේ දින අප විසින් දියත් කළ සාමකාමී මාධ්‍ය විරෝධය විකෘති...

දොස්තරගේ වාහනයට ලක්ෂ 20ක් ගෙවනකල් රෝහල අරින්න බෑ - GMOA

ජනවාරි 13, 2019

දැනට වසා දමා ඇති ගලහ ප්‍රාදේශීය රෝහල යළි විවෘත කිරීමට...

මහින්දගේ මන්ත්‍රීකම බේරලා දුන්නේ අනුකම්පා කරලා - දුමින්ද

ජනවාරි 11, 2019

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටු සාමාජිකත්වය ලබාගත් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුර ආරක්ෂා...

ජනාධිපතිතුමා වෙත කණගාටුවෙන් ලියමි

ජනවාරි 15, 2019

ඔබතුමා ගැන මා සිත තුල ඇත්ත බලවත් කණගාටුවකි. ඔබතුමාට මෙවැනි...