රවීන්ද්‍ර සමරවීරට කැබිනට් ඇමතිකමක් නොලැබුණේ ඇයි ? - Lanka News Web (LNW)

රවීන්ද්‍ර සමරවීරට කැබිනට් ඇමතිකමක් නොලැබුණේ ඇයි ?

හිටපු කම්කරු හා වෘත්තීය සමිති සබඳතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාට මෙවර අමාත්‍ය මණ්ඩලය නම් කිරීමේදී ඇමති තනතුරක් හිමිවූයේ නැත. මේ අපට දැනගන්නට ලැබුණු එහි පසුබිම් කතාවයි.

 

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී පාර්ලිමේන්තු බහුතරය සකස් කරගැනීම සඳහා මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමේ මෙහෙයුම ආරම්භ කළ විට මුලින් ම තම රජයට එක්වන ලෙස ආරාධනා කර තිබුණේ රවීන්ද්‍ර සමරවීර මහතාටය.

මහින්දගේ ආරාධනය ලැබුණු පසු යහපත් පුද්ගලයකු වන රවීන්ද්‍ර සමරවීර මහතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අමතා ඒ බව දැනුම් දී තිබුණේ මෙලෙසය.

"සර්. මට අරගොල්ලෝ එන්න කිව්වා. මට යන්නම වෙන තත්වයක් තියෙන්නේ"

"ඇයි ? ඒ මොකද ?"

"සර් මං සෑහෙන්න ණය වෙච්චි මිනිහෙක්. ගෙවා ගන්න විදියක් නැතුව දැන් නඩු දාන්න ළං වෙලා තියෙන්නෙ"

"කීයක් විතරද ?"

"30ක් විතර සර්"

"ඔහොම ඉන්නවාකො. දැන් මලික් කතා කරයි"

එම දුරකථන සංවාදයෙන් මඳ වේලාවකට පසු මලික් සමරවික්‍රම මහතා රවීන්ද්‍ර සමරවීර මහතාට දැනුම් දී තිබුණේ කවුරුන් හෝ තම නිවසට එවන ලෙසය. එසේ ගෙන්වාගත් පුද්ගලයා අතේ රුපියල් මිලියන 30ක මුදලක් රවීන්ද්‍ර වෙත යවා තිබුණු අතර ඒ අනුව රවීන්ද්‍ර සමරවීර මහින්ද රාජපක්ෂ මහතාගේ රජයට එක්වූයේ නැත.

කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතා යළි අග්‍රාමාත්‍ය තනතුරට පත්වී කැබිනට් මණ්ඩලය සකස් කරන විට කවුරුන් හෝ රවීන්ද්‍ර සමරවීරගේ නම ද ඊට යෝජනා කර තිබිණි. ඊට රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්ෂණික පිළිතුර වී ඇත්තේ "ආහ්. එයාට ඕනෙ නෑ. අපි එයාට සල්ලි දීලා තියෙන්නේ" යන්නය.

පක්ෂ මාරු කිරීමට පමණක් නොව සමහරුන් ඉන්නා පක්ෂයේ හිඳීමට ද මුදල් ලබාගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පසුගියදා ප්‍රකාශ කර තිබිණි. මේත් එයින් එක් අයෙකි. ජවිපෙ නම් වශයෙන් කියන්නට නොගිය නමුත් අපට රකින්නට අමුතු සදාචාරයක් නොමැති නිසා අපි නම් වශයෙන් ම කියන්නෙමු.

මෙකී රවීන්ද්‍ර සමරවීර යනු 1977 යුගයේ එජාප ඌව වෙල්ලස්ස පතාක යෝධයකු වූ පර්සි සමරවීර මහතාගේ සුජාත පුතණුවන්ය. මුදල් ලබාගැනීම සඳහා මලික් සමරවික්‍රමගේ නිවසට ගොස් තිබුණේ රවීන්ද්‍ර සමරවීරගේ පුත්‍රයා නොහොත් පර්සි සමරවීරගේ මුණුපුරාය. 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

සමනලීගෙන් සිරසට සහ මව්බිමට පිළිතුරු

ජනවාරි 11, 2019

ඊයේ දින අප විසින් දියත් කළ සාමකාමී මාධ්‍ය විරෝධය විකෘති...

දොස්තරගේ වාහනයට ලක්ෂ 20ක් ගෙවනකල් රෝහල අරින්න බෑ - GMOA

ජනවාරි 13, 2019

දැනට වසා දමා ඇති ගලහ ප්‍රාදේශීය රෝහල යළි විවෘත කිරීමට...

මහින්දගේ මන්ත්‍රීකම බේරලා දුන්නේ අනුකම්පා කරලා - දුමින්ද

ජනවාරි 11, 2019

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටු සාමාජිකත්වය ලබාගත් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුර ආරක්ෂා...

ජනාධිපතිතුමා වෙත කණගාටුවෙන් ලියමි

ජනවාරි 15, 2019

ඔබතුමා ගැන මා සිත තුල ඇත්ත බලවත් කණගාටුවකි. ඔබතුමාට මෙවැනි...