නාමල් කුමාරට වාහනයක් වුවමනා ඇත්තම හේතුව

නාමල් කුමාරට වාහනයක් වුවමනා ඇත්තම හේතුව

28 December 2018 02:08 am

තමන්ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලබාදී ඇතත් ඔවුන් සමඟ ගමන් බිමන් යෑමට වාහනයක් ලබාදී නොමැති නිසා තම ආරක්ෂාවට එය තර්ජනයක් වී ඇති බවත් තමන්ට ආරක්ෂාව සැපයීම ශ්‍රී ලංකා රජයේ වගකීමක් බවත් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය.

 

පොලිස් නිලධාරීන් දෙදෙනාත් රැගෙන යන තැනක යාමට වාහනයක් නොමැති වීම නාමල් කුමාරගේ පුද්ගලික ආරක්ෂාවටත් එහා ගිය ප්‍රශ්නයක් ඔහුට මතුකර ඇති බවයි අපට වාර්තා වන්නේ.

ඔහුට ඇති ඇත්තම ප්‍රශ්නය නම් පොලිස් නිලධාරීන් දෙදෙනා ගෙදර දමා ගෙදරින් පිට කොහේවත් යන්නට නොහැකි වීමයි.

නාමල් කුමාර පොලිසිය ගැන හොඳින්ම දනී. ඉහළම පොලිස් නිලධාරියකු ජනාධිපති ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන බවට ඔත්තු සැපයීමට ඔහුට හැකිවුණේ ඔහු පොලිසිය හොඳින්ම හඳුනන නිසාය.

එහෙයින්, නියෝජ්‍ය පොලිස්පතිරයකුගෙන් ජනාධිපතිවරයකු ආරක්ෂා කරගන්නවාට වඩා කොස්තාපල්වරයකුගෙන් ගැහැණියක් ආරක්ෂා කරගැනීම අසීරු බව නාමල් කුමාර තරම් දන්නා වෙනෙකෙකු නොමැති වන්නටත් පුළුවන.

මේ පිළිබඳ අප මීට කලින්ම වාර්තා කළ පුවත පහතින්.

නාමල් කුමාරගේ බිරිඳට ආරක්ෂාව දෙන්න පොලිසියේ පොරයක්