ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා අද (18) මධ්‍යම පරිසර අධිකාරියේ වත්මන් සභාපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා මුණගැසී තිබේ. වත්මන් දේශපාලන තත්ත්වයන් පිළිබඳ දෙදෙනා සාකච්ජා කර ඇති අතර ඉදිරියේ සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳ දෙදෙනා කතාබහ කර ඇත.
මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කරමින් සිටි මුසම්මිල් මහතාට පසුගියදා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ධූරය ලබා දී තිබුණි.
කෙසේවෙතත් පසුගිය දිනවල වාර්තා පළවූයේ මුසම්මිල් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන ඇති බවටය. එහෙත් අප වෙතම විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු පැවසුවේ තවදුරටත් තමන් ජනාධිපතිවරයාගේ ලෙස නියෝජිතයෙකු ලෙස කටයුතු කරන බවයි. තමන් ජනාධිපතිවරයාගේ උපදෙස් මත තීන්දු තීරණ ගන්නා අතර ඉදිරි දේශපාලන තත්ත්වයන් සමඟ තීන්දුවක් ගනු ඇති බවයි.
මෙවැනි පසුබිමක් මත අද දිලිත් ජයවීර මහතා මුසම්මිල් මහතාව මුණගැසී ඇති අතර සිය දේශපාලන අනාගතය සම්බන්ධයෙන් මුසම්මිල් මහතා සමඟ කතාකර ඇති බව සඳහන්. ඒ අනුව මුසම්මිල් මහතාගේ අඩි පාරේ යෑමට දිලිත් ජයවීර මහතා සූදානමින් පසුවන බවයි වාර්තා වුණේ.
දිලිත් ජයවීර මහතා දේශපාලනයට පැමිණීම සම්බන්ධයෙන් යම් කතා බහක් මතුව තිබූ අතර ඔහු ගාල්ල හබරාදුව ආසනයෙන් දේශපාලනය පිවිසීමට නියමිතව ඇති බවද කියැවුණි.
අද දවසේදී දිලිත් ජයවීර සහ මුසම්මිල් මිත්‍රයන් දෙදෙනාගේ හමුව අතරතුර ගෙන ඇති මෙම ජායාරූප තුළින්ද පෙන්නුම් කරන්නේ දිලිත් ජයවීර මහතාගේ දේශපාලන පිටියට පිවිසීමේ බලාපොරොත්තුව නොවේද?
2019-12-15 16:40:00
2019-12-15 16:13:00
2019-12-15 15:00:00
2019-12-15 14:19:00
2019-12-15 13:54:00