නිල කාමරය තුළදීම කාන්තාවකට ලිංගික අතවර කිරීමට ගිය පොලිස් ලොක්කා කවුද ? - Lanka News Web (LNW)

නිල කාමරය තුළදීම කාන්තාවකට ලිංගික අතවර කිරීමට ගිය පොලිස් ලොක්කා කවුද ?

පැමිණිල්ලක් කිරීම සඳහා පැමිණි කාන්තාවකට සිය නිල කාමරය තුළදීම ලිංගික අතවර කිරීමට තැත් කළ ඉහළම පොලිස් නිලධාරියකු පිළිබඳ තොරතුරු වාර්තා වේ.

 

මොහු සිය නිල කාමරය තුළදීම අදාළ කාන්තාවට ලිංගික අතවර කිරීමට සූදානම් වෙමින් ඇඳුම් ගැළවීමට සැරසෙද්දී කාන්තාව කෙසේ හෝ මොහුගෙන් බේරී කාමරයෙන් පිටතට පැනගෙන තිබේ.

ඇය වහාම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හමුවීමට ගොස් මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති අතර පොලිස්පතිවරයා ද පැමිණිල්ල සටහන් කරවාගෙන මේ පිළිබඳ විමර්ශන සිදුකිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කර ඇත.

කෙසේවෙතත් කවර හෝ හේතුවක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධ පරීක්ෂණ ප්‍රමාද කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

යුරෝපයේ පදිංචි තැනැත්තියක් වන කාන්තාව පොලිස්පතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ තමන්ට දැනුම් දෙන ඕනෑම මොහොතක දින තුනක් තුළ ශ්‍රී ලංකාවට පැමිණ සාක්ෂි ලබාදීමට හැකි බවය.

එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වාත් මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වා නැත.

ඒ අනුව රටේ නීතිය ක්‍රියාත්මක කිරීම කෙසේවෙතත් පොලිසිය තුළම ලොක්කන්ට එකක් සහ සොක්කන්ට එකක් වශයෙන් නීති දෙකක් ඉතා පැහැදිලිවම ක්‍රියාත්මක වන බවයි පොලිසියේම පිරිස් පවසන්නේ.

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb