විමල්ටත් හිරු පායයි !! - Lanka News Web (LNW)

විමල්ටත් හිරු පායයි !!

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ දිනවල එක්තරා මහා පරිමාණ ගනුදෙනුවක් සම්බන්ධයෙන් මහත් උනන්දුවකින් කටයුතු කරමින් සිටී.

 

දැනට සිදුව ඇති ගනුදෙනුවක් ආපසු හැරවීම සඳහා විවිධ දේශප්‍රේමී තර්ක ඉදිරිපත් කරමින් ඒ මහතා වෙහෙසෙන්නේ ගනුදෙනුවට ඉදිරිපත්ව සිටි දේශීය ව්‍යාපාරිකයකුගේ වුවමනාව නිසා බව පැවසේ.

"නොදුටු දෙවියන්" ලෙස ඊයේ පෙරේදා නම් ලැබූ මේ දේශීය ව්‍යාපාරිකයා නිසා විමල්ට දැනටමත් හිරු පායා ඇති බවත් ගනුදෙනුව ගොඩදා ගැනීමට හැකි වුවහොත් වැඩි වැඩියෙන් හිරු පායනු ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කරයි.

ගනුදෙනුවට අදාළ වපසරිය පවා හරිහැටි නොදැන සහ ඉතිහාස කතා අදින්නට යාමේදී තමන්ගේම කඳවුරේ පරණ පව් පවා එළියට ඇදෙද්දීත් වීරවංශ මහතා මේ ක්‍රියාවේ නියැළෙන්නේ සෑහෙන බරක් බලාපොරොත්තුවෙන් බවත් වාර්තා වේ.

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb