ගොසිප් - Lanka News Web (LNW)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳ අපූරු ඉතිහාස කතාවක් පසුගියදා පැවති විශ්වාසභංග විවාදයේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය. වසර 2005 ජනාධිපතිවරණය සඳහා මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකත්වය ලැබෙන්නට පෙර ඔහු මංගල සමරවීර මහතා සමඟ "මංගල අපි මේක කොහොමහරි ගන්න ඕනේ. මොකද ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගත්තාම දිනුවත් දිනුම් පැරදුණත් දිනුම්" යැයි පැවසූ බව මංගල සමරවීර මහතා කීය. ඒ කෙසේදැයි විමසූ විට "නැහැ, ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයෙක් වුණාම පුදුම සල්ලි තොගයක් හම්බවෙන්නේ. පැරදුණත් ඡන්දෙන් පස්සේ පරම්පරා කිහිපයකට ඇතිවෙන්න සල්ලි අරන් යන්න පුළුවන්" යැයි ඔහු පිළිතුරු දුන් බව ද අමාත්‍යවරයා පැවසීය. ඒ, පරණ මහින්දය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය පරාජය කිරීමෙන් සුළු මොහොතකට පසුව ඊයේ රාත්‍රියේ සිරස මාධ්‍ය ජාලයේ කොළඹ බේබෲක් පෙදෙසේ පිහිටි කාර්යාලය වැටලූ පිරිසක් කළහකාරී ලෙස හැසිරුණු අන්දම මාධ්‍ය වාර්තා කර තිබිණි. එම පිරිසට නායකත්වය දී තිබුණේ කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ විසිනි. අගමැතිට එරෙහි විශ්වාසභංගය පරාජයට පත් කිරීම සඳහා එතරම් වෙහෙස මහන්සි වූ සිරස මාධ්‍ය ආයතනය අපහසුතාවට පත් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි ක්‍රියාවකි.

මේ දිනවල මෙරට දේශපාලනය අතිශය උණුසුම්ය. ඒ අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාස භංග යෝජනාව හේතුවෙනි. විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් විවිධ පක්ෂ විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටී.

ඒකාබද්ධ විපක්ෂය සමග ශ්‍රී.ල.නි.ප. ආණ්ඩුවක් සෑදීම සඳහා මේ වන විට කපුකම කරමින් සිටින දයාසිරි ජයසේකර සහ තිලංග සුමතිපාල විසින් නාමල් රාපක්ෂ, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිලව ජනාධිපතිවරයා ට මුණගස්වා තිබේ.

මේ දවස්වල හිටපු ජනාධිපති කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දකුණු අත වගේ ඉන්නෙ මහරගම උපාලි කොඩිකාර. මහින්දගේ වටේ ඉන්න අය එයාව හඳුන්වන්නෙ මහාචාර්ය චාලි චැප්ලින් කියලා.

2017 වසර අවසානය ආසන්නයේ දිනක පොලිස්පති පූජිත් ජයසූරිය ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සභාපති, කථානායක කරූ ජයසූරිය හමුවීමට ගොස් ඇත්තේ නව වසරට සුබපැතීම සඳහාය. එහිදී කරූ ජයසූරිය මහතා පොලිස්පතිවරයාට "මට තමුන්නාන්සේ ගැන පැමිණිලි දෙකක් ලැබිලා තියෙනවා. ඒ පැමිණිලි විභාග කරලා අපි තීරණයක් ගන්න කලින් දැන්වත් පොලීසිය ගැන හිතලා තමුන්නාන්සේ තීරණයක් ගන්න" යනුවෙන් පවසා ඇත.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb