දීප්තිගේ කිවිදා කොලම 31 - මිනිස් චින්තනයේ ගාමකය ලෙස ප්‍රතිවිරෝධය - Lanka News Web (LNW)

දීප්තිගේ කිවිදා කොලම 31 - මිනිස් චින්තනයේ ගාමකය ලෙස ප්‍රතිවිරෝධය

මිනිස් චින්තනය කළු ගලක් වැනි ස්ථිතික දෙයක් නොවේ. එය චලනය වන ප්‍රපංචයකි. චින්තනයේ ස්වභාවය වන්නේ එකතැන පල් නොවී චලනය වීමයි. මෙම තත්ත්වය අනන්‍යතා මූලධර්මයට පටහැනිය. යමකට අප තදින් අනන්‍ය වූ විට එහි ප්‍රතිපක්ෂය ගැන සිතීම අවසන් වෙයි. අමරසේකර ඇතුළුව බහුතර දේශීය චින්තකයන් (ජාතිකවාදීන් සහ සිංහල මාක්ස්වාදීන් ද ඇතුලත්ව) දැඩි ලෙස ‘ධනවාදය’ සමග අනන්‍ය වී ඇත්තේ එහි පාරභෞතික මූලයන් අමතක කිරීමෙන්ය. සමාජ විපර්යාසය සම්බන්ධයෙන් කතා කිරීමේදී එය සම්බන්ධයෙන් මූලධර්ම දෙකක් තහවුරු වී ඇත. එකක් පසමිතුරුතා (Antagonism) මූලධර්මයයි. අනෙක ප්‍රතිවිරෝධයන් (On Contradiction) පිළිබඳ මූලධර්මයයි.

2003 සිට 2004 අග දක්වා අපගේ සංවිධානය තුළ න්‍යායික වර්ධනයන් දෙකක් අධිනිශ්චය විය. යුරෝපයේ සමාජ වර්ධනය පිළිබඳ විප්ලවකාරී චින්තනය වූයේ ග්‍රාම්ස්චි මැදි කොටගෙන හටගත් ‘කැමැත්ත’ (Consent) මත පදනම් වූ පසමිතුරුතා මූලධර්මයයි. දෙවැන්න වූයේ ආසියාවේ සමාජ වර්ධනය පිළිබඳ න්‍යායයි. එය පදනම් වූයේ මාඕ සේතුං මූලික කොටගත් ‘ප්‍රතිවිරෝධයන්’ (Contradictions) මත පදනම් වූ මූලධර්මයෙනි. 2004 දක්වා අප අතර පැවති අභ්‍යන්තර න්‍යායික සංවාදය වූයේ ඉහත දෝලනයයි.

අපි මෙතැනදී මාඕගේ ‘ප්‍රතිවිරෝධය’ ගැන නම් ලිපියේ කොටසක් උපුටමු.

“මිනිස් දැනුම (ඥාන- විභාගය) පිළිබඳ ඉතිහාසයේ දිගටම, සමාජ වර්ධනය (තල්ලුව) පිළිබඳ න්‍යාය සම්බන්ධයෙන් මත දෙකක් තිබී ඇත. එනම් පාරභෞතික මතය සහ අපෝහවාදී මතයයි. මේවා එකිනෙකට පටහැනි ලෝක දෘෂ්ටිමාර්ග දෙකක් තනයි.

ලෙනින් මෙසේ කීවේය:

වර්ධනය (චලනය) පිළිබඳ මූලික මත දෙක (නැතහොත් දේවල් සිදුවිය හැකි ආකාරය හෝ ඉතිහාසය ලෙස පැවතිය හැකි මත දෙක) මෙසේය; අඩුවීම හෝ වැඩිවීම වශයෙන්, දෙයක් නැවත නැවත සිදුවීම, ප්‍රති පක්ෂයන්ගේ ඒකත්වය (හොඳ-නරක එකට පැවතීම) වශයෙන් වන වර්ධනය’’

ලෙනින්ගේ ඉහත අදහස තහවුරු කිරීම සඳහා 2004 වර්ෂයේ අගදී සංවිධානය තුළ මම අත්විඳි උදාහරණයක් සලකා බලමු. 97 වර්ෂයේ සිට 2004 දක්වා සංවිධානය පරිණාමය වන විට ඒ තුළ ප්‍රධාන පසමිතුරුභාවයන් දෙකක් දක්නට ලැබුණි. ඉන් එකක් වූයේ සංවිධාන අනන්‍යතාවයෙන් තරමක් පිට පැණ ස්ත්‍රී ශරීරය අධිනිශ්චය කරගත් ග්‍රාම්ස්චි කවයයි. ඔවුන්ට න්‍යාය සහ න්‍යායවේදීන්ගේ නම් අධිනිශ්චය විය. අනෙක් පැත්ත වූයේ භාවිතාවට වැඩි බර තබන ස්ත්‍රී ශරීරය අවනිශ්චය වූ අල්තූෂර් කණ්ඩායමයි.

2004 වර්ෂය අග වන විට සංවිධානයේ නායකත්වය අරබයා විවාදයක් ඇති වන විට මුඛ්‍ය පසමිතුරුභාව ලෙස මගේ විඥානය තුළ සටහන් වූයේ ඉහත කව දෙකයි. ඒ දක්වා පැවති තත්ත්වයට අනුව ග්‍රාම්ස්චි කවය සහ අල්තූෂර් කවය අතර දරුණු පසමිතුරුභාවයක් (සතුරු-මිතුරු භේදය) පැවතියේය. නමුත් සංවිධානයේ අනාගතය පිළිබඳ තීරණාත්මක ගැටුම ආරම්භ වූ මොහොතේදී මෙම කව දෙක එකට ඒකාබද්ධ විය. එනම් ප්‍රතිපක්ෂයන් දෙක (මේ මොහොතේ යහපාලනය සහ එහි ප්‍රතිපක්ෂය වූ මහින්ද පාර්ශ්වය එකතු වූ පරිදි) එක්සත් වීමක් බලාපොරොත්තු නොවූ මොහොතක එය සිදු විය. ‘ආදරයේ යථාර්ථය’ කෘතියේ සිට ‘රෝමියේ ජූලියට්’ දක්වා වූ ආදර පරාසයක පැවති කණ්ඩායම එක පැත්තක විය. අනෙක් පැත්තේ සිටියේ සංවිධානයේ පෙම්වතෙකුගේ පෙම්වතියක් හොරෙන් හෝටල් කාමරයකට ගෙන ගිය රස්පුටින් වර්ගයේ ත්‍රාසජනක මානසික තක්කඩින්ය. මෙම පැති දෙක තර්කයට අනුව එක්සත් විය නොහැක. නමුත් අප නොසිතූ දෙයම සිදු විය. මෙම පෙර නොසිතූ බද්ධ වීම නිසා අපූර්ව වර්ගයේ ග්‍රාම්ස්චි චින්තකයන් රැලක් පසුව බිහි විය.

2005 වර්ෂයේ දී මා විසින් මගෙන්ම අසන ලද ප්‍රශ්නය මෙසේය. චින්තනයේ ‘සැබෑ ක්‍රියාකාරීත්වය’ කුමක්ද? හේගල් මූලික වශයෙන් අත ගැසුයේ මෙම ප්‍රශ්නයටය. තමන්ට පූර්වගාමී වූ දර්ශනවාදීන්ගේ ආත්මීයවාදී ගම්‍යයන් දර්ශනවාදය තුළ දී ජය ගන්නේ කෙසේද? ලෝකය පිළිබඳව ආත්මීය අවබෝධය විචාරය කළ හැක්කේ කෙසේද? හේගල්ව පෙරට තල්ලු කරනු ලැබුවේ මේ ක්ෂණික ප්‍රශ්න විසිනි.

අපගේ ව්‍යාපාරය තුළම පැවති ප්‍රතිවිරෝධයන් කියවීම සම්බන්ධයෙන් මගේ දෝෂය කුමක්ද? ප්‍රතිවිරෝධයන් අතරෙන් සමහර ඒවා පසමිතුරුය. සමහර ඒවා පසමිතුරු නැත. සංවිධානය තුළ සිටි බඩුකාරයන් සහ ඔවුන්ට විරුද්ධව ක්‍රියාත්මක වූ පිරිස ‘යථාර්ථය’ නම් ෆැන්ටසි තිරය මත දී පසමිතුරන් වුවත්, එම කොට්ඨාස දෙකේම අභිලාෂය නාගරික ස්ත්‍රී ශරීරයයි. ඔවුන් කොට්ඨාස දෙකටම ආවේණිකව ස්ත්‍රිය තුළ යම් සාරයක් ඇත. අවසාන විග්‍රහයට අනුව ඔවුන් අතර යම් යම් ප්‍රතිවිරෝධය පැවතියත් ඔවුන් අතර මාරාන්තික පසමිතුරුභාවයක් (ධනේශ්වර නිෂ්පාදන මාදිලිය තුළ ධනපතියා සහ කම්කරුවා අතර පසමිතුරුතාවය මාරාන්තිකය) තිබී නැත. සරලව කිවහොත් ඔවුන් මගින් ප්‍රකාශ වී ඇත්තේ පන්ති අරගලය නොව අනන්‍යතා අර්බුදයකි. මෙම මාරාන්තික වැරැද්ද නිසා සංවිධානයට වූ හානිය තක්සේරු කළ නොහැකි විය. ලෙනින්වාදී අර්ථයෙන් ඉන්පසු අපට 1905 හමු විය.

‘මාඕ සේ තුංගේ’ විශිෂ්ට බුද්ධිය වූයේ ආසියාවේ සමාජ වර්ධනය පිළිබඳ නියාමය ‘ප්‍රතිවිරෝධයන් අධ්‍යයනය’ ලෙසින් වටහා ගැනීමයි. එය ලෙසින්ගේ අපෝහක චින්තනය ඉදිරියට රැගෙන යාමක් විය. (මේ අර්ථයෙන් ගත් විට සමකාලීන ජවිපෙ යනු ට්‍රොට්ස්කිවාදී ඥාන-විභාගයේම සිර වූවකි) මාඕට අනුව ආසියාව තුළ ප්‍රතිවිරෝධයන් සර්වව්‍යාපීය. පුරාණ යුරෝපය යනු ඉඩම් හිමියා සහ ප්‍රවේණිදාසයා අතර දයලෙක්තික සම්බන්ධයකි. එහි වර්ධනය මගින් වහල් හිමියා සහ වහලා අතර සංකල්පීය රූපකය වර්ධනය විය. එය පසමිතුරුභාවයේ අග්‍රඵලයයි. නමුත් ආසියාවේදී පරම හතුරන් සමග යළි මිත්‍ර විය හැක.

එංගල්ස් පටු ලෙස මෙසේ කීවේය. ‘චලනයම ප්‍රතිවිරෝධයකි’ ලෙනින් ප්‍රතිපක්ෂයන්ගේ ඒකත්වය (පරස්පර දේවල් එකට පැවතීම - චින්තනයේ පවතින මෙම අවස්ථාව බොහෝ දෙනෙකුට ජුගුප්සාජනකය. එනිසා ප්‍රතිපක්ෂ එකට සංසර්ගයේ යෙදීම පිළිබඳව මධ්‍යම පන්තියට ඇත්තේ අප්පිරියාවකි. මෙම අප්පිරියාව තම පාරභෞතික චින්තනයේ අග්‍රඵලයකි.) යනු සිත සහ සමාජය අතර පවතින ප්‍රතිපක්ෂ ප්‍රවණතාවයන් හඳුනා ගැනීමේ කැඩපත ලෙස සැලකුවේය. ප්‍රතිපක්ෂයන් එකට පැවතීම පිළිකුලක් සේ දැකීම (මා 2004 වර්ෂයේ කළ වැරැද්ද) මධ්‍යම පන්තික සදාචාරයක් මිස විප්ලවවාදී සදාචාරයක් නොවේ. මිනිසා අතර ගැටුම ආසියාවේදී අප සූත්‍රගත කළ යුත්තේ යුරෝපයේදී මෙන් පසමිතුරුභාවය තුළ නොවේ. ගම සහ නගරය අතර ඇත්තේ ප්‍රතිවිරෝධයක් මිස පසමිතුරුභාවයක් නොවේ. කොළඹ එන ගැමියා නාගරිකයාට වඩා සමකාලීන ධනවාදයට අනන්‍ය වන්නේ මේ නිසාය. ගමේ චිප්පන්සියකු වන පුද්ගලයා නගරයට විත් ග්‍රාම්ස්චියානු වහස් තෙපළන රොමෑන්තික ආදරවන්තයකු වීම අහම්බයක් නොවේ.

සමකාලීන ධනවාදී සිදුවීම් ලෝකය තුළ දී ප්‍රතිපක්ෂයන්ගේ එක්සත් වීම් පිළිබඳව මැදපන්තික තම මාධ්‍ය සංස්කෘතිය විභවය තුළ සිට තම අප්‍රසන්න සන්නිවේදන පණිවුඩය සමාජගත කරයි.

නමුත් ලෙනින් මෙසේ කියා ඇති වග (ජවිපෙ සහ පෙරටුගාමී සමාජවාදීන්ද ඇතුලත්ව) බහුතරයට අමතකය.
“අපෝහවාදය යනු ප්‍රතිපක්ෂ ඒකීය වී ඒවා සංසර්ගයේ යෙදෙන්නේ කෙසේද යන්න විග්‍රහ කරන විද්‍යාවයි. මෙම තත්ත්වය වටහා ගැනීමේදී මිනිස් සිත මිය එකක් ලෙස නොව ජීවමාන එකක් ලෙස සැලකිය යුතුය.’’

 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

රටේ තත්වය තේරෙණවා, හැකි ඉක්මනින් තීන්දුවක් දෙනවා - අගවිනිසුරු

දෙසැම්බර් 8, 2018

රට පත්ව ඇති තත්වය ගැන තමන්ට හැඟීමක් ඇති බවත් එහෙයින්...

යූඑන්පී යේ එකම කැමැත්ත රනිල් නම් අකමැත්තෙන් වුනත් මම කැමති වෙනවා!

දෙසැම්බර් 12, 2018

රනිල් වික්‍රමසිංහ මහතාව යළි අගමැති ධූරයට පත්කිරීමට ජනධිපතිවරයා එකඟතාව පළකර...

‘මහින්දගේ විනිසුරෝ‘, ‘මෛත්‍රිගේ විනිසුරෝ‘ සහ ‘යුක්තියේ විනිසුරෝ

දෙසැම්බර් 7, 2018

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ජෝන් රොබට්ස් (Chief Justice John Roberts)...

හැර යන්න සූදානම් පැරදුම දරන් - ගම්මන්පිල

දෙසැම්බර් 13, 2018

එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම ආණ්ඩුවේ භූමිකාවෙන් ඉවත්ව යාමට සූදානම්...