විත අස පත 33 - සිහිනවලට සිනා නොවන්න! - Lanka News Web (LNW)

විත අස පත 33 - සිහිනවලට සිනා නොවන්න!

"පොඩි පුතාත් දැන් කවි ලියන්න පටන් අරං." තාත්තා කීවේය.

ඔහු එසේ කීවේ අපේ නිවසට පැමිණි මාමාට ය. මාමා ගේ පිළිතුර ක්ෂණිකව ම අනෙක් පසින් නැඟුණි.

"කවි ලියල මොනව කරන්නද, බිස්නස් එකක්වත් පටන් ගන්න බලන්නෙ නැතුව?"

මාමා අපේ අම්මාගේ මල්ලී ය. ඔහු දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුවේ සහකාර කොමසාරිස්වරයෙකි. ආදායම් බදු නිලධාරියෙකු ලෙස වැඩ පටන් ගත් ඔහුට මෑතක දී සහකාර කොමසාරිස්වරයෙකු ලෙස උසස් වීමක් ලැබුණි. දැන් ඔහු අතේ යහමින් මුදල් ගැවසෙයි. හිත හොඳ මිනිහෙකි. නමුත් ඉඳ හිටෙක මෙසේ සිහිනවලට සිනාසෙයි.

සමහර දිනයක මාමා ඔහුගේ මිතුරු සහකාර කොමසාරිස්වරයෙකු හෝ දෙදෙනෙකු-තිදෙනෙකු කැටුව අපේ නිවසට පැමිණෙයි. එසේ පැමිණි එක් මිතුරෙකු සමඟ සුහද සංවාදයක පැටලුණු මොහොතක ඔහු මට දිගට හරහට ජීවිතය පිළිබඳ උපදෙස් දෙන්නට පටන් ගත්තේය. විභාගයක් ලියා රැකියාවෙන් ඉදිරියට යන හැටි, ඉතුරු කර ගත් මුදලකින් ඉඩමක් ගෙන එහි ගෙයක් හදන හැටි, නියමිත වයසේ දී කසාද බැඳීමේ ප්‍රයෝජන ආදී කාරණා රැසකින් ඔහුගේ උපදෙස් ගොන්න සමන්විත විය.

" හැමෝටම ඕනෙ ඔහොම ජීවිතයක් නෙවෙයි." මම නොසැලකිල්ලෙන් කීවෙමි.

"මේක තමයි ලෝකෙ යන විදිය." කියා මහ හඬින් සිනාසුණු ඔහු නැවතත් මට උපදෙස් දෙන්නට පටන් ගත්තේය.

මම අපහසුවෙන් ඔහුගෙන් ගැලවී කාමරයට රිංගා ගත්තෙමි. ඔහුත් නරක මිනිහෙක් නොවේ. අපේ පවුලට හිතවත් ය. එහෙම කතා කියන්නේ ලෙන්ගතුකමට බව හැඟෙයි. නමුත් ඔහුත් සිහිනවලට සිනාසෙයි.

කැමති අයෙකුට තමන් කැමති සිහිනයක් වෙත පාවී යන්නට නිදහස සහ අයිතිය තිබේ. නමුත් ඔහු කිසි විටෙකත් අනෙකා ගේ සිහිනවලට සිනාසීම නොකළ යුතු ය. මෝටර් රථයක් මිළ දී ගැනීම කෙනෙකුගේ සිහිනයක් වෙද්දී තව එකෙකුගේ සිහිනය නවකතාවක් ප්‍රකාශයට පත් කිරීම විය හැකිය. අයෙක් දොස්තර කෙනෙක් වෙද්දී වෙනකෙකු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන්නට පුළුවන. රැකියාවෙන් ඉහළ නඟින්නට වෙර දරන උන් රැසක් මැද ජීවිතය සොයා පහළ බසිමින් කවි ලියන්නට තතනන එකෙක් සිටිය නොහැකිද? මේ එක් සිහිනයක් අනෙක් සිහිනයට වඩා උසස් හෝ පහත් යැයි සලකන නිර්ණායකය කුමක්ද? එබැවින් කරුණාකර සිහිනවලට සිනා නොවන්න! සිහින දැකීම මිනිසා සතු අයිතියකි. එය සැබෑ කර ගැනීම ඔහුට ඇති අභියෝගයකි.

- කසුන් සමරතුංග

පෙර තීරු ලිපිය:
විත අස පත 32 - සිරා ගැන නොනිමි සටහන!

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

අල්ලසක් ලබාගත් බවට ගෝඨාභය රාජපක්ෂගෙන් පාපොච්චාරණයක්

අප්‍රේල් 18, 2019

පසුගියදා රාවය පුවත් පත සමග සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී හිටපු ආරක්ෂක...

දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක්

අප්‍රේල් 21, 2019

මීට සුළු මොහොතකට පෙර දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක් සිදුව...

බොරැල්ලේ තවත් පිපිරීමක් !

අප්‍රේල් 21, 2019

මීට සුළු මොහොතකට පෙර බොරැල්ල ඔරියන්ට් සිටි අසල පිපිරීමක් සිදුව...

‘ඇමරිකාව වෙනුවෙන් අවි දැරීමට මම දිව්රා පොරොන්දු වෙමි’: නන්දසේන ගෝඨාභය රාජපක්ෂ

අප්‍රේල් 19, 2019

මගේ ආශාව වන්නේ, කිසි රටක පුරවැසියෙකු නොවී සිටීම ය.