පුවත් - Lanka News Web (LNW)

වත්මන් ආණ්ඩුව බැංකු මංකොල්ල කෑ බවට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ බවත් එසේ ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේම නියෝජ්‍ය නායකයා බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. "ඉතිං ඊටත් වඩා තවත් මොනවද ?" යනුවෙන් ඒ මහතා ප්‍රශ්න කර සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ මහින්ද රාජපක්ෂ මහතාට පසුව සිටින ජ්‍යේෂ්ඨතම පුද්ගලයා තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නියමිත ක්‍රමවේදයට පිටින් පස්සා දොරින් පැමිණ තනතුරු ලබාගැනීමට උත්සාහ දරන්නේ නම් තමන්ටත් ඊට එරෙහි වීමට සිද්ධ වන බව එජාප පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ පසුගිය පාලන සමය තුළ එම රජයට බොහෝ දූෂණ චෝදනා එල්ල වූ බවත් එය නිවැරදි කරගත යුතු තත්වයක් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මහජන මතය අනුව සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව පළ වන්නේ නම් ජනාධිපතිවරණ සටන සඳහා ඉදිරිපත් වීමට තමන් සූදානම් බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

වසර 24 කට පසු රටම දිනවන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. එම අපේක්ෂකයා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගෙන් පසු ඉතිහාසයේ ඉහළම ජය ලබනු ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියි. 

ගෝලීය සමුද්‍ර දූෂණයට වගකිව යුතු ප්‍රධාන රටවල් 08 ට ශ්‍රී ලංකාව ද අයත් වන බව ජාත්‍යන්තර සඟරාවක් විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ ලෝ ප්‍රකට බ්ලුම්බර්ග් සඟරාව මගිනුයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30 ක් සපිරීම නිමිත්තෙන් මාතර නගරය කේන්ද්‍ර කර ගනිමින් උත්සවය කිහිපයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

අල්ලසක් ලබාගත් බවට ගෝඨාභය රාජපක්ෂගෙන් පාපොච්චාරණයක්

අප්‍රේල් 18, 2019

පසුගියදා රාවය පුවත් පත සමග සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී හිටපු ආරක්ෂක...

‘ඇමරිකාව වෙනුවෙන් අවි දැරීමට මම දිව්රා පොරොන්දු වෙමි’: නන්දසේන ගෝඨාභය රාජපක්ෂ

අප්‍රේල් 19, 2019

මගේ ආශාව වන්නේ, කිසි රටක පුරවැසියෙකු නොවී සිටීම ය.

"සජිත්ට අපි උදව් කළ යුතුයි" - ජනාධිපතිගේ අවුරුදු පැතුම

අප්‍රේල් 15, 2019

සිංහල දෙමළ අළුත් අවුරුද්දෙන් පසු දේශපාලනයේ තීරණාත්මක වෙනසක් සිදුවනු ඇති...

අවුරුද්දට ලාබ කළා - ජනපති නීතීඥවරු තොග පිටින් එළියට!

අප්‍රේල් 18, 2019

සාමාන්‍යයෙන් ලංකාවේ නීති ක්ෂේත්‍රයේ පවතින වෘත්තිමය සම්ප්‍රදාය අනුව ‘ජනාධිපති නීතීඥවරුන්‘...