Huawei සමාගම P30Pro ජංගම දුරකථනය මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙයි - Lanka News Web (LNW)

Huawei සමාගම P30Pro ජංගම දුරකථනය මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙයි

ලොව තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT) යටිතල පහසුකම් සම්පාදනයේ ප්‍රමුඛතම සමාගම වන Huawei, පසුගියදා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී පැවති වර්ණවත් උළෙලකදී Huawei P30 Pro ජංගම දුරකථනය මෙරටට හඳුන්වා දුන්නේය.

ස්මාර්ට් ජංගම දුරකථන ඡායාරූප අත්දැකීම නැවුම් වෙනසකට ලක්කරමින් වෙළඳපළට පිවිසෙන මෙම දුරකථනය ලොව ප්‍රථම Leica Quad කැමරා පද්ධතියෙන් සමන්විත වේ. HUAWEI සමාගමේ ලොව ප්‍රථම Super Spectrum සෙන්සරයෙන් යුතු 40MP කැමරාවකින්ද, 20MP Ultra-Wide angle කැමරාවකින්ද, 8MP Telephoto කැමරාවකින්ද මෙම කැමරා පද්ධතිය සවිබල ගන්වා ඇති අතර HUAWEI ToF කැමරාවෙන් සහ 32MP ඉදිරිපස කැමරාවෙන් සෙල්ෆි ඡායාරූප සඳහා උපරිම ගුණාත්මක බවක් හිමිකර දෙයි.

HUAWEI P30Pro යනු නිරන්තරයෙන් අපූර්ව ඡායාරූප සහ වීඩියෝ හිමිකර දෙන ජංගම දුරකථනයක් ලෙස හඳුන්වා දිය හැකියි අඟල් 1/1.7 ක HUAWEI Super Spectrum සෙන්සරය මගින් ඉතා අඩු ආලෝක තත්ත්වවලදී පවා ඉතා සුපැහැදිලි ඡායාරූප හිමිකර දෙයි.

මෙහි ඇති Super Zoom කාචය 5 ගුණයක Optical Zoom පහසුකමද, 10 ගුණයක Hybrid Zoom පහසුකමද, 50 ගුණයක Digital Zoom පහසුකමද හිමිකර දෙයි. HUAWEI P30 Pro ජංගම දුරකථනයටම සුවිශේෂී වූ HUAWEI ToF (Time of Flight) කැමරාව හරහා වඩාත් නිරවද්‍ය ඡායාරූප ඛණ්ඩනයක් ලබාදීම සඳහා ක්ෂේත්‍ර ගැඹුර (Depth-of-Field) ලබාදෙයි. මෙහි ඇති Super Portrait පහසුකම හරහා දර්ශනවල ඇති ඉතා සියුම් තොරතුරු පවා ග්‍රහණය කර ගැනීමට හැකි වේ.

HUAWEI Dual-View Video පහසුකම නිසා එකවර කැමරා කිහිපයක් භාවිත කරමින් එකම දර්ශනයේ දෘෂ්ඨිකෝණ දෙකක් හසුකර ගැනීමට පාරිභෝගිකයාට හැකි වේ.

අඟල් 6.47 ක දර්ශන තිරයකින් යුතු P30 Pro ජංගම දුරකථන Breathing Crystal, Aurora Blue සහ Black යන වර්ණවලින් මිලදී ගත හැකිය. ඉතා කුඩා notch එකකින් සමන්විත FHD+ (2340x1080) Dewdrop දර්ශන තිරය උපරිම දර්ශන තිර අත්දැකීමක් පාරිභෝගිකයාට හිමිකර දී ඇත.

මෙහි ඉදිරිපස නැමුම්වලින් තොර වීදුරු මුහුණත In-Screen Fingerprint තාක්ෂණයෙන් යුතුවන අතර ඒ හරහා වඩාත් කඩිනමින් සහ ආරක්ෂිතව ජංගම දුරකථනය ක්‍රියාත්මක කිරීමට හැකි වේ. මෙහි ඇති HUAWEI Acoustic Display තාක්ෂණය හරහා ගුණාත්මක බවින් ඉහල ශ්‍රවණ අත්දැකීමක් පාරිභෝගිකයාට හිමිකර දෙයි.

huawei 01

huawei 06

huawei 06

huawei 06

huawei 06

huawei 06

huawei 12

huawei 12

huawei 12

huawei 12

huawei 12

huawei 12

 

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in