සුන්දර නුවරඑළිය සැළලිහිණි වසන්තය ඇරඹෙයි - Lanka News Web (LNW)

සුන්දර නුවරඑළිය සැළලිහිණි වසන්තය ඇරඹෙයි

 සුන්දර නුවරඑළිය සැළලිහිණි වසන්තය ආරම්භ වී තිබේ. සැළලිහිණි වසන්තයේ 2019 මල් ප්‍රදර්ශනය නුවරඑළිය වික්ටෝරියා උද්‍යානයේදී වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) දින විවෘත විය. නගරාධිපතිවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් එම අවස්ථාවට එක්ව සිටියේය. 

විවිධ හැඩයෙන් වර්ණයෙන් සමන්විත විසිතුරු මල්වලින් කර ඇති නිර්මාණ මල් ප්‍රදර්ශනය වර්ණවත් කර තිබේ.

නුවරඑළිය වසන්ත සමයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා වැඩසටහන් රැසක් සංවිධාන කර ඇති අතර තුරඟ තරඟ, මෝටර් රථ ධාවන තරඟ සහ ජල ක්‍රීඩා ඉන් වැඩි අවධානයක් දිනා ගෙන ඇත.

පොලිතින් හා ජල බෝතල් සුදුසු ස්ථානවල පමණක් බැහැර කර, නගරයේ සුන්දරත්වය ආරක්‍ෂා කරන මෙන්, නුවරඑළිය මහනගර සභාව සංචාරකයන්ගෙන් ඉල්ලා සිටියි.

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in