හැටන් සිංගිමලේ දුම්රිය උමං මාර්ගයේ වැහිලිහිණි කූඩු කැඩිමේ ජාවාරම ජයටම! - Lanka News Web (LNW)

හැටන් සිංගිමලේ දුම්රිය උමං මාර්ගයේ වැහිලිහිණි කූඩු කැඩිමේ ජාවාරම ජයටම!

හැටන් සිංගිමලේ දුම්රිය උමං මාර්ගයේ බැද තිබෙන වැහිලිහිණි කූඩු කඩා දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි ඇතැම් සුපිරි සංචාරක හෝටල්වලට අලෙවි කිරිමේ ජාවරම සිදු කරගෙන යන බවඅනාවරණය වෙයි.

 

උඩරට දුම්රිය මාර්ගයේ හැටන් දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දෙසට කිලෝමිටර ½ පමණ එපිටන් පිහිටි දැනට ලංකාවේ දිගම දුම්රිය උමං මාර්ගය වන්නේ සිංගිමලේ දුම්රිය උමං මාර්ගයයි.එය දුර කිලෝ ම්ටර් 1 කට ආසන්නය.

එම දුම්රිය උමං මාර්ගය හරහා දිනකට විශාල පිරිසක් ගමන් කරන අතර උමං මාර්ගයෙන් එපිට පිහිටි තේ වතු යායවල් වලට පිවිසිමට ඇති කෙටිම මාර්ගය මෙම දුම්රිය උමං මාර්ගය හරහා පිහිටා ඇත.

දිවා කාලයේ වුවද පන්දම් හා ටෝච් දල්වාගෙන එම දුම්රිය උමං මාර්ගය තුළින් විශාල පිරිසක් ගමන් කිරිම හමුවේ රාත්‍රි කාලයේ ජාවාරම්කරුවන් එම උමගේ බැද තිබෙන වැහිලිණි කුඩු කඩා අලෙවි කිරිමේ ජාවාරමක් ආරක්ෂක අංශවල පවා අසු නොවි සිදු කරන බවයි එම දුම්රිය උමං මාර්ගයෙන් දිනපතා ගමන් කරන ජනතාව කියා සිටින්නේ.

lihini 03

සිංගිමලේ රක්ෂිතය හරහා ඉදි කර තිබෙන මෙම උමං මාර්ගයේ ලක්ෂ ගණනින් වැහිලිහිණි කූඩු බැද තිබෙන අතර , එම වැහිලිහිණි කූඩු වල රාත්‍රි කාලයේ වැහිලිහිණියන් ගත කරයි.

ඇතැම් කූඩු වල වැහිලිහිණි පැටවුන්ද විශාල වශයෙන් සිටින අතර එම ජාවාරම්කරුවන් රාත්‍රි කාලයේ දුම්රිය ධාවනය නොවන අවස්ථාවල වැහිලිහිණි කූඩු කැඩිමේ ජාවාරම ජයටම සිදු කරගෙන යන බවයි එම දුම්රිය මාර්ගය හරහා ගමන් ගන්නා ජනතාව පවසයි.

lihini 01

වැහිලිහිණි කූඩු කැඩිම සදහා උණ බට වලින් සකස් කර ගන්නා ලද ඉණිමං සදා උමං මාර්ගයේ ගල මුදුණේ පවා බැද තිබෙන වැහිලිහිණි කූඩු තියුණු ආයුධයක් යොදා හුරා කඩා ගෙන ඇති බව එහි යන එන ඕනෑම කෙනෙකුට නිරීක්ෂණය කළ හැකිය.

එම කූඩුවල සිටින වැහිලිහිණි පැටවුන් සහ බිත්තර දුම්රිය මාර්ගයට දමා කූඩු පමණක් ජාවාරම්කරුවන් රැගෙන යන බවත්, එසේ කඩා ගන්නා වැහිලිහිණි කූඩු අධික මිලකට රැගෙන යාමට පිටතින් ජාවාරම්කරුවන් හැටන් ප්‍රදේශයට පැමිණෙන බවත් එම ප්‍රදේශයට දැන් රහසක් නොවේ.

සිංගිමලේ පමණක් නොව උඩරට දුම්රිය මාර්ගයේ වැහිලිහිණි කූඩු බැද ඇති සෑම දුම්රිය උමං මාර්ගයකම වැහිලිහිණි කූඩු කැඩිමේ ජාවාරම සිදු කරන බව අනාවරණ වී තිබේ.

ඇතැම් සුපිරි සංචාරක හෝටල් වල මෙම වැහිලිහිණි කූඩු වලින් විශේෂ සුප් වර්ගයක් පිළියෙල කරන බවත්, එම සුප් කොප්පයක් විශාල මුදලකට අලෙවි කරන බවත් , එම සුප් බීම සදහා සංචාරකයන්ගෙන් විශාල ඉල්ලුමක් පවතින බවත් පැවසෙයි.

lihini 02

වැහිලිහිණියා ආරක්ෂිත පක්ෂියෙකු ලෙස වනජීවි හා තුරුලතා අඥා පනතෙන් නම් කර ඇති අතර ,වැහිලිහිණි වර්ග කිහිපයක් ශ්‍රි ලංකා තුළ වෙසෙන බවයි වනජීවි නිලධාරින්ද කියා සිටින්නේ.

වැහිලිහිණියාගේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලියට අනුව බිත්තර දැමීම සදහා ඛේටය යොදාගෙන වසරකට එක් වතාවක් කුඩුව බැගින් බදින බවත්,එම කුඩුවල එකවරකට බිත්තර 1 සිට 3 දක්වා දැමීමත් සිදුකරයි.

lihini 04

ඉතා අහිංසක පක්ෂියෙකු ලෙස හැදින්වෙන වැහිලිහිණියා ඉතා උස් තැන්වල කුඩු බැඳීම සිදුකරයි.

දිගින් දිගටම සිදුවන මෙම වැහිළිහිණි කූඩු කැඩිමේ ජාවාරම්කරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනිමට අවශ්‍ය කටයුතු කරන ලෙස ආරක්ෂක අංශවලින් එම ප්‍රදේශවාසීන් ඉල්ලා සිටියද ඒ පිළිබඳ වගකිව යුතු අංශ මුනිවත් රකිමින් සිටින බවද මෙහිදී සඳහන් කළ යුතුය.

චමත් කාවින්ද - හැටන්

lihini 06

lihini 05

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

නීතීඥවරියන් අධිකරණයේදී කලිසම් සහ ගවුම් ඇඳීම අනුමතයි!

ඔක්තෝබර් 10, 2018

කාන්තා නීතීඥවරියන් අධිකරණ පරිශ්‍රය තුළ ඇඳිය යුතු ඇඳුම පිළිබඳ සංශෝධන ඇතුළත් ගැසට්...

ටිකට් කලු කඩ ජාවාරමට ක්‍රිකට් ආයතනයෙන් අලුත් විසඳුමක් !

ඔක්තෝබර් 14, 2018

ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිවලදී ක්‍රීඩාංගන අසල වැඩි...

දුමින්ද සිල්වාගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි 

ඔක්තෝබර් 11, 2018

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන්...

භාරකාර ආණ්ඩුවෙන් ඒකාබද්ධයේ කචල්

ඔක්තෝබර් 14, 2018

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ...