උඩවලව ජාතික උද්‍යානය තුලදී තවත් දළ ඇතෙකු වෙඩි උණ්ඩයට බිලි ! (ඡායාරූප) - Lanka News Web (LNW)

උඩවලව ජාතික උද්‍යානය තුලදී තවත් දළ ඇතෙකු වෙඩි උණ්ඩයට බිලි ! (ඡායාරූප)

උඩවලව ජාතික උද්‍යානයේ තණමල්විල උඩවලව මාර්ගයට ආසන්නව උඩවල ජලාශයේ පිටවාන අසලදී අද (01) අළුයම වයස වුරුදු 08 ක පමණ දළ ඇතෙකු වෙඩි තබා ඝාතන කර තිබේ. වෙඩි වැදී මියගිය දළ ඇතා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.
මෙසේ ඝාතනයට ලක්වූ දළ ඇතා පසුගිය 30 වනදා පස්වරු 02.30 ට පමණ උඩවලව ජාතික උද්‍යානයෙන් පිටත රැඳී සිටියදී වනජීවී නිලධාරින් නැවත උඩවලව ජාතික උද්‍යානය තුළට පලවා හැරි බව වනජීවී නිලධාරීහු පවසා සිටිති.
 
එමෙන්ම අද අළුයම 1.30 ට පමණද වනජීවී නිලධාරින් ඇතා වෙඩි වැදී මියගිය ස්ථානයෙන් ප්‍රද්ශයේ නිරීක්ෂණය කරමින් ගිය බවත් එම අවස්ථාවේද මෙම දළ ඇතා මෙම ස්ථානයේ නොසිටි බව වනජීවී නිලධාරීන් පවසා සිටී. ඒ අනුව ඔවුන් නිගමනය කරන්නේ අළුයම 1.30 න් පසු කිසිවෙකු දළ ඇතාට වෙඩි තබා ඇති බවයි.
 
මේ සම්බන්ධයෙන් අදහස් පලකළ වනජීවී පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් මාලක අබේවර්ධන මහතා කියා සිටියේ උඩවලව ජාතික උද්‍යානයේ සිටි අලි ඇතුන් කීපදෙනෙකුම අවස්ථා කිහිපයකදීම ඝාතනයට ලක්වී ඇතත් අවාසනාවකට මෙම ඇතාට උඩවලව ජාතික උද්‍යානය තුලදීම වෙඩිතබා ඇති බවයි.
 
දළ ඇතා වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙතක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර උඩවලව වනජීවී කාර්යාලයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.
 
හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

අල්ලසක් ලබාගත් බවට ගෝඨාභය රාජපක්ෂගෙන් පාපොච්චාරණයක්

අප්‍රේල් 18, 2019

පසුගියදා රාවය පුවත් පත සමග සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී හිටපු ආරක්ෂක...

දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක්

අප්‍රේල් 21, 2019

මීට සුළු මොහොතකට පෙර දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක් සිදුව...

බොරැල්ලේ තවත් පිපිරීමක් !

අප්‍රේල් 21, 2019

මීට සුළු මොහොතකට පෙර බොරැල්ල ඔරියන්ට් සිටි අසල පිපිරීමක් සිදුව...

‘ඇමරිකාව වෙනුවෙන් අවි දැරීමට මම දිව්රා පොරොන්දු වෙමි’: නන්දසේන ගෝඨාභය රාජපක්ෂ

අප්‍රේල් 19, 2019

මගේ ආශාව වන්නේ, කිසි රටක පුරවැසියෙකු නොවී සිටීම ය.