සිංහරාජය වැනසීමට එරෙහිව පුරවැසියන් පාරට ( VIDEO)

සිංහරාජය වැනසීමට එරෙහිව පුරවැසියන් පාරට ( VIDEO)

25 January 2019 05:56 am

සිංහරාජය විනාශ කරමින් කුඩව ප්‍රදේශයේ මාර්ගයක් ඉදි කිරීමට විරෝධය දක්වමින් ඊයේ (24) වන දින කොළඔ කොටුව දුමිරියපොළ ඉදිරිපිටදී අත් පත්‍රිකා බෙදීමක් හා වීදී නාට්‍ය මගින් විරෝධය දැක්වීමක් සංවිධානය කර තිබූණි.

 මෙම සිංහරාජ වන විනාශය පිළිබඳ වගකිවයුතු සියලුම ආයතන දැනුවත් කිරීමට කටයුතු කර ඇති නමුත් බලධාරීන් ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොකරන බව සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී පූජ්‍ය වෑකඳවල රාහුල හිමියෝ පැවසූහ.

සියලුම පාරිසරික අණපනත් උල්ලංඝනය කරමින් කුඩව මාර්ගය ඉදිවන අතර මෙම ඉදිකිරිම සාධාරණීකරණය කිරීමට පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා මාධ්‍යවේදීන් කණ්ඩායමක්ද රැගෙන එම ප්‍රදේශයට ගොස් මාධ්‍ය හමුවේ අසත්‍ය ප්‍රචාර සිදුකළ බවයි උන්වහන්සේ චෝදනා කළේ.

මෙම මාර්ගය ඉදිකිරීමට පෙර මූලික පරිසර අධ්‍යයන තක්සේරුවක් හෝ සිදුකර ඇත්ද යන්න පිළිබඳව මෙහිදී රාහුල හිමියෝ බලධාරීන්ගෙන් ප්‍රශ්න කළහ.