හැටන් - කොටගල ගොවිපොලක මලපහ සහ අපද්‍රව්‍යය ඩෙවොන් ඇළට! (PHOTOS/VIDEO)

හැටන් - කොටගල ගොවිපොලක මලපහ සහ අපද්‍රව්‍යය ඩෙවොන් ඇළට! (PHOTOS/VIDEO)

31 January 2019 02:51 am

දෙස් විදෙස් සංචරකයන්ගේ ආකර්ෂණයට ලක් වි ඇති සුන්දර ඩෙවොන් දිය ඇල්ලට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා ඩෙවොන් ඇළට සත්ත්ව ගොවිපොලක මලපහ සහ අපද්‍රව්‍යය සෘජුවම මුදාහරින හැටන් කොටගල ප්‍රදේශයේ සත්ත්ව ගොවිපොල කළමණාකාරවරයාට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගැනීමට කටයුතු කළ බව කොටගල ප්‍රාදේශිය සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක සෞන්දර් රාගවන් මහතා පැවසීය.

 කොටගල සිට ඩෙවොන් දිය ඇල්ල දක්වා කිලෝමිටර 3 ක් පමණ ඩෙවොන් ඇළේ ජලය ගලා බසිනා අතර එම සත්ත්ව ගොවිපොලේ සතුන්ගේ මලපහ සහ අපද්‍රව්‍යය සෘජුවම ඇළට මුදා හැරීම නිසා ප්‍රදේශයේ විශාල පරිසර හානියක් සහ එම ඇළේ ජලය ප්‍රදේශවාසීන්ට පරිහරණය කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත විය.

ප්‍රදේශය පුරා දැඩි දුගන්ධයක් හැමිම සම්බන්ධයෙන් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යය මගින් හෙළිකිරිමත් සමග මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඊයේ (29) පස්වරුවේ එම සත්ත්ව ගොවිපොලේ නිරික්ෂණ චාරිකාවක නිරත වූයේය.

එම සත්ත්ව ගොවිපොල වසර කිහිපයක් තිස්සේ කිසිදු පරිසර ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් එම ගොවිපොලේ ගවයන්ගේ මලපහ සහ අපද්‍රව්‍යය සෘජුවම සුක්ෂම ලෙස ගොවිපොල අසලින් ගලා බසිනා ඩෙවොන් ඇළට මුදා හරින බව හදිසි නිරික්ෂණ චාරිකාවට එක් වු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට නිරීක්ෂණය විය.

එම සත්ත්ව ගොවිපොලේ මිය යන එළ ගවයන්ගේ සිරුරු පවා නිසි ක්‍රමවේදයකට මිහිදන් නොකරන බවටද මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට කරුණු අනාවරණය වු නිසා එම සත්ත්ව ගොවිපල නිසි පරිසර ක්‍රමවේදයක් යටතේ පවත්වාගෙන යන තෙක් තාවකාලිකව වසා දැමිමට අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගන්නා බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

ඩෙවොන් ඇළේ ගලා බසින ජලය කොටගල ප්‍රදේශයෙන් දෙස් විදෙස් සංචාරකයන්ද ස්නානය කරන අතර ප්‍රදේශයේ මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග ඇළේ ජල මට්ට්ම පහල බැසීම නිසා ගොවිපොලෙන් මුදා හරින සත්ත්ව මලපහ සහ අපද්‍රව්‍යය ඉතා ඝනත්වයකින් යුතුව ජලයේ ගලා බසියි.

චමත් කාවින්ද - හැටන්

kotagala 01

kotagala 02

kotagala 03

kotagala04

kotagala 05

kotagala 07

kotagala 08