ජාන මංකොල්ලයට සැරසුණු ස්ලෝවැකියානුවන්ගේ උත්සාහය වරදී!

ජාන මංකොල්ලයට සැරසුණු ස්ලෝවැකියානුවන්ගේ උත්සාහය වරදී!

3 February 2019 02:50 am

වඳවී යන සතුන් වර්ග, කෘමී සතුන් රැසක් හා ශාක කොටස් රැසක් සිංහරාජ වනාන්තරයෙන් පිටතට ගෙනයාමට උත්සහ කළ ස්ලෝවැකියානු ජාතිකයන් 5දෙනෙකු වන සංරක්ෂණ නිලධාරීන් විසින් සිංහරාජ කුඩව පිවිසුමේදී අත්අඩංගුවට ගැනුණි.

 

මේ වනවිටත් තර්ජනයට ලක්ව ඇති දුර්ලභ සමනලුන් විශේෂ 3ක් ඇතුලුව ගෝනුස්සන්, හැකරැල්ලන්, බඹරුන්, දෙබරුන්, කණාමැදිරියන් වැනි සතුන් දහස් ගණනක් ඔවුන් සන්තකයේ තිබූ බවයි වන සංරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ

විවිධ බීජවර්ග හා ශාක කොටස් විශාල ප්‍රමාණයක්ද ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන තිබේ. සතුන් අතර ජීවී සතුන් මෙන්ම මියගිය සතුන්ද ඉඳ ඇත. සිංහරාජ වනාන්තරයට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එකතු කරගත් ශාක හා සත්ව කොටස් ඒ අතර වූ බවයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

samanala 01

ශාක හා සතුන් මෙලෙස එකතු කරගත්තේ විනෝදයට බව එම විදේශිකයන් පවසා තිබේ. කෙසේවෙතත් ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කරමිත් සිටියි.

මීට දින 3කට පමණ පෙර මෙම විදේශිකයන් පස් දෙනා සිංහරාජ ප්‍රදේශයේ ලැගුම් හලකට පැමිණ ඇති අතර වාහන කුලියට දෙන ආයතනයකින් කුලී පදනම මත රියදුරු රහිතව වෑන් රථයක් කුලියට ලබාගෙන එහි පැමිණ ඇති බව සඳහන්.

samanala 02

ඔවුන් සිංහරාජ වනාන්තරයට ඇතුලුවීමට ප්‍රවේශපත් ලබාගැනීමේ දී මාර්ගෝපදේශකයෙකුගේ සහාය මුලින් ප්‍රතික්‍ෂේප කර ඇති අතර ඒ සම්බන්‍ධයෙන් සැක සිතූ ප්‍රවේශපත්‍ර නිකුත් කරන ස්ථානයේ සහ සිංහරාජ වනපාලක කාර්යාලයේ නිලධාරීන් මෙම විදේශිකයන් පිළිබඳව විශේෂ අවධානයකින් ඉඳ තිබේ.

ලැගුම්ගෙන සිටි ලැගුම්හලේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි තවත් ලැගුම්හලකට පසුගිය (01) රාත්‍රී ගොස් ඇති අතර ඔවුන් මත්පැන් සාදයක් එහි පවත්වන බවට වනසංරක්‍ෂණ නිලධාරීන්ට දැනගන්නට ලැබී ඇත.

samanala 03

මොවුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් සැකසිතූ වන සංරක්‍ෂණ නිලධාරීන් ඊයේ (02) ඔවුන් රැඳී සිටි ලැගුම්හල පරික්ෂා කර තිබේ.

ඒ අනුව මෙම සතුන් සහ ශාක සොයා ගැනීමට හැකි වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පරිසරවේදීන් පෙන්වාදෙන්නේ මෙලෙස සතුන් හා ශාක රැස්කරන්නේ ජාන පරීක්ෂණයන්ට බවයි. සිංහරාජයේ මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශ වල ආවේනික සතුන් හා ශාක රැසක් හඳුනා ගත හැකිය. ඒ අනුව මෙය ජාන මංකොල්ලයකට දැරූ උත්සාහයක බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

samanala 04

samanala05

samanala 06

samanala 07

samanala 08

samanala 09

samanala 10

samanala 11

samanala 12

samanala 13

samanala13

samanala 15

samanala 16

samanala 17

samanala 18

samanala 19