පුවත් නිවේදන - Lanka News Web (LNW)

මෙරට වෙසෙන ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් සංවාදශීලී ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් නිපදවීමට අදාල පියවර ගන්නැයි ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා විසින් තම අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දී තිබේ.

පිලිපීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (19) පෙරවරුවේ පිලිපීන පොලිස් මූලස්ථානය වෙත ගොස් එහි මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වී තිබුණි.

වලපනේ අධ්‍යාපන කලාපයට අයත් බෲක්සයිඩ් දෙමළ විදුහල 5 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන ප‍්‍රාථමික විදුහලකි. එම විදුහලේ දරුවන් 6 ශ්‍රේණියේ සිට අධ්‍යාපනය ලැබීම සඳහා වලපනේ සිල්ව කැන්ඩි දෙමළ විදුහලට ඇතුළත් විය යුතුය. එහෙත් බෲක්සයිඩ් වත්තේ පදිංචි දරුවන් 6 ශ්‍රේණිය සඳහා සිල්ව කැන්ඩි විදුහලට ඇතුළත් කර ගැනීමට පාසලෙන් ඉල්ලා සිටි රු.3000 ක මුදල නොගෙවීම මත එම දරුවන්ට සිල්ව කැන්ඩි විදුහලට යාමට වසර ගණනක් තිස්සේ අවස්ථාව ලැබී නොතිබුණි. මුදල් නොගෙවීම පදනම් කරගෙන දරුවන් පාසලට ඇතුළත් කර නොගැනීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය HRC/2747/18 අංකයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. 

තරුණයන් 11 දෙනෙකු අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම පිණිස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවීන්ද්‍ර ගුණරත්න මහතා, අධිකරණය මගින් කල නියෝගයට අනුව අද කොළඔ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාව ආවරණය කරමින් සිටි මාධ්‍යවේදීන්ට ඔහුගේ ආරක්ෂකයින් විසින් සිදුකරන ලද පහර දීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකියි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාලයේ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට සිදු වූ අකටයුතුකම් සම්බන්ධයෙන් ප්‍රධාන විමර්ශන රැසක් සිදු කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.

ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදු වූ අපරාධ සම්බන්ධ පරීක්ෂණ කටයුතු දැනටමත් මන්දගාමීව පවතින පසුබිමක් තුළ, ඊට ආදාළ විමර්ශන කටයුතු සිදු කරමින් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ සමුහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා මහතාට ස්ථාන මාරුවක් ලබා දීමෙන් එම පරීක්ෂණ කටයුතු තවදුරටත් අඩාල විය හැකි බවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විශ්වාස කරයි.

පසුගිය දින තුළ පාර්ලිමේන්තුවේ සිදුවීම් එක්සත් වාමාංශික පෙරමුණ පිළිකුලෙන් යුතුව තරයේ හෙලාදකින අතර, මෙම සිද්ධීන් වලට මග පෑදී ඇත්තේ ජනාධිපති හා මහින්ද රාජපක්ෂ අතර ඇති කරගන්නා ලද එකගතාවය අනුව සිදුකරන ලද ව්‍යවස්ථා විරෝධී හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවලිය බව ඉතා පැහැදිලිය. පසුගිය ඔක්තෝම්බර් 26 වන දින අගමැති ඉවත්කර මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්කිරීම තුළින් රාජපක්ෂ පවුලට විරුද්ධව ඇති නඩු යටපත්කර, එම නඩු විසදීම සඳහා පත්කරන ලද අධිකරණ වසාදමා FCID ය ඉවත් කිරීමේ අවශ්‍යතාවය ජයගැනීමට සහ නැවත වරක් ජනාධිපති ජනාධිපතිවරණයට තර`ග කිරීම සඳහා දෙදෙනා විසින් කරන ලද කුමන්ත‍්‍රණයක් බවද පැහැදිලිව පෙනෙන්නට ඇත. මෙම අවස්ථාවාදී පුද්ගල අභිලාෂයන් සඳහා මුලූ රටම අරාජික තත්ත්වයකට පත්කිරීම අපි තරයේ හෙළාදකිමු.

ඊයේ (26) රටතුළ ඇති වූ දේශපාලන ව්‍යාකූලත්වය සම්බන්ධයෙන් කතානායකවරයා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පැනනැගී ඇති තත්වයට අදාලව කතානායකවරයා ලෙස පූර්ණ අපක්ෂපාතී ලෙස සහ නීතියට අනුව තමන් කටයුතු කරන බවයි ජයසූරිය මහතා සිය නිවේදනයෙන් කියා සිටින්නේ.

පවතින අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රය අවට ඇති වූ ගංවතුර තත්වය වැලැක්වීම සඳහා ආරක්ෂක සේනා මුලස්ථානය බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ 12 වන ගජබා රෙජිමේන්තුවේ සහ 4 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භට පිරිස් ඉරිදා (7) දින අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේ.

 ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර ව්‍යාපාර කටයුතුවල නියැලී සිටින ව්‍යාපාරිකයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සුහද හමුවක් 03 වැනිදා සන්ධ්‍යාවේ ඔස්ලෝ නුවර මෙෂ් ශාලාවේ දී පැවැත්විණි.

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

නිරෝශන්ගේ ප්‍රකාශය ; ලංකා බැංකුවේ සභාපතිට පැමිණිල්ලක්

පෙබරවාරි 10, 2019

පසුගිය 08 වනදා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝශන්...

අරුන් ‘ආවා-ගියා‘ වේවිද?

පෙබරවාරි 12, 2019

උතුරේ තරුව - අරුන් වෙත ආදරයෙන් ලියමි!

මධුෂ් අඳුනන්නෙ නෑ කියන්න බෑ. හැබැයි වැරදි වැඩට අපි සම්බන්ධ නෑ - ලක්ෂ්මන් යාපා

පෙබරවාරි 13, 2019

පාතාල නායක මධුෂ් පදිංචිව සිටියේ මාකඳුරේ බැවින් තමන් ඔහුව නොහඳුනනා...

පොලිස්පති තුමනි, මධුෂ්ට එරෙහිව කුඩු චෝදනාවක විස්තර දෙන්න !

පෙබරවාරි 10, 2019

පසුගිය 05 වනදා ඩුබායිහිදී අත් අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ...