නොර්වේ - ශ්‍රී ලංකා ව්‍යාපාරික හමුවක් අගමැති ප්‍රධානත්වයෙන් - නොර්වේ රොබෝ තාක්ෂණය ශ්‍රී ලංකාවට - Lanka News Web (LNW)

නොර්වේ - ශ්‍රී ලංකා ව්‍යාපාරික හමුවක් අගමැති ප්‍රධානත්වයෙන් - නොර්වේ රොබෝ තාක්ෂණය ශ්‍රී ලංකාවට

 ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර ව්‍යාපාර කටයුතුවල නියැලී සිටින ව්‍යාපාරිකයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සුහද හමුවක් 03 වැනිදා සන්ධ්‍යාවේ ඔස්ලෝ නුවර මෙෂ් ශාලාවේ දී පැවැත්විණි.

 මෙම සුහද හමුව ශ්‍රී ලංකාව සහ නෝර්වේ ව්‍යාපාරිකයින් විසින් සංවිධානය කර තිබූ අතර දෙරටේ ව්‍යාපාර කටයුතු තවදුරටත් පුළුල්ව හා විධිමත්ව පවත්වා ගෙන යා යුතු ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

දෙරට අතර ව්‍යාපාර කටයුතු සිදුකිරීමේ දී පැනනැගී ඇති ගැටලූ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කරවු ව්‍යාපාරිකයින් ඒ සම්බන්ධයෙන් ගත හැකි කඩිනම් විසඳුම් පිලිබඳව සාකච්ඡා කළේය.

මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ හේෂා විතානගේ, නෝර්වේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය අරුෂා කුරේ යන මහත්ම මහත්මීහු ඇතුළු දෙරටේ ව්‍යාපාරිකයින් විශාල පිරිසක් සහභාගි වූහ.

මේ අතර ඔස්ලෝ නුවර එක්ස් එක්ස් එල් ගබඩා සංකීර්ණයේ රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක ගබඩාවක් නිරීක්ෂණය කිරිමටඩ් අගමැතිවරයා සහභාගී වී තිබේ.

එහි ඇඟලුම්,එළවළු, පළතුරු, මත්සයින් සහත තවත් නිෂ්පාදන රොබෝ තාක්ෂණයෙන් ගබඩා කිරීම සහ ඇසුරුම් කිරීම සිදුවන බව සඳහන්.

ඒ අනුව මෙරට ධීවර කරනතයේ දියුණුව සඳහා එවැනි ගබඩාවක් ඉදිකිරීමට අදාළ නොර්වේ සමාගම සමඟ සාකච්ජා ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

( අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය)

ranil n 01

ranil n 02

ranil n 03

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ජනාධිපතිතුමා වෙත කණගාටුවෙන් ලියමි

ජනවාරි 15, 2019

ඔබතුමා ගැන මා සිත තුල ඇත්ත බලවත් කණගාටුවකි. ඔබතුමාට මෙවැනි...

සිරස වර්ජනය - තවත් පියවරක්

ජනවාරි 17, 2019

සිරස වැනි ආයතනයකින් මුදලක් උපයන, සීමිත ආදායම් මූලාශ්‍ර ඇති කෙනෙකුට...

අනේ දුවේ නිශාන්ත අයියව චෙයාමන් කරන්න මාමිට කියන්න !

ජනවාරි 20, 2019

මහින්ද රාජපක්ෂ මහතාගේ දින 51 ආණ්ඩු සමයේදී ශ්‍රී ලංකන් ගුවන්...

අලුත් ජනාධිපති කොමිසමේ පළමු විමර්ශන : සිරස සංඛ්‍යාත සහ රුසියානු යුද නැව ගැන ?

ජනවාරි 18, 2019

යහපාලන සමයේ සිදුව ඇති වංචා සහ දුෂණ ඇතුළු අක්‍රමිකතා සම්බන්ධව...