පාර්ලිමේන්තු පරිශ්‍රයට ගංවතුර වැලැක්වීම සඳහා භට පිරිස්හි සහාය - Lanka News Web (LNW)

පාර්ලිමේන්තු පරිශ්‍රයට ගංවතුර වැලැක්වීම සඳහා භට පිරිස්හි සහාය

පවතින අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රය අවට ඇති වූ ගංවතුර තත්වය වැලැක්වීම සඳහා ආරක්ෂක සේනා මුලස්ථානය බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ 12 වන ගජබා රෙජිමේන්තුවේ සහ 4 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භට පිරිස් ඉරිදා (7) දින අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේ.

 

ආරක්ෂක සේනා මුලස්ථානය බටහිර ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ උපදෙස් මත 14 වන සේනාංකයේ භට පිරිස් ඉරු දින (7) අළුයම 3.00 ට පමණ අධික වැසි සහිත තත්වය හේතුවෙන් හදිසියේ ඇතිවූ ගංවතුර තත්වය පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රයට පිවිසෙන මාර්ගය දෙපස වැලි පිරවූ බෑග් තැන්පත් කරමින් එම පරිශ්‍රයට පිසෙන මාර්ගයට ජලය ගලා යාම වැලැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත. තවද, ඒ සදහා යුද්ධ හමුදා සාමාජිකයින් 63 ගෙන් යුත් පිරිසක් සහභාගී වී තිබේ.

මේ අතර, ආරක්ෂක සේනා මුලස්ථානය බටහිර යටතේ ස්ථාපිත 58 වන සේනාංකයේ 8 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ 61 වන සැතපුම් කණුව පිහිටා ඇති ස්ථානයේ විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට අවහිර සිදු වීම හේතුවෙන් එය ඉවත් කිරීම සඳහා 8 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ 27 ගෙන් යුත් භට පිරිසක් සහභාගී වූ අතර, පැය කිහිපයක් තුළ ඔවුන් එම ප්‍රදේශයේ ඇතිව තිබු ගමනාගමන දුෂ්කරතා මගහරවාලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබීය.

par 01

par 02

par 03

par 04

par 05

 

 

 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ජනාධිපතිතුමා වෙත කණගාටුවෙන් ලියමි

ජනවාරි 15, 2019

ඔබතුමා ගැන මා සිත තුල ඇත්ත බලවත් කණගාටුවකි. ඔබතුමාට මෙවැනි...

සිරස වර්ජනය - තවත් පියවරක්

ජනවාරි 17, 2019

සිරස වැනි ආයතනයකින් මුදලක් උපයන, සීමිත ආදායම් මූලාශ්‍ර ඇති කෙනෙකුට...

අනේ දුවේ නිශාන්ත අයියව චෙයාමන් කරන්න මාමිට කියන්න !

ජනවාරි 20, 2019

මහින්ද රාජපක්ෂ මහතාගේ දින 51 ආණ්ඩු සමයේදී ශ්‍රී ලංකන් ගුවන්...

අලුත් ජනාධිපති කොමිසමේ පළමු විමර්ශන : සිරස සංඛ්‍යාත සහ රුසියානු යුද නැව ගැන ?

ජනවාරි 18, 2019

යහපාලන සමයේ සිදුව ඇති වංචා සහ දුෂණ ඇතුළු අක්‍රමිකතා සම්බන්ධව...