පිලිපීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (19) පෙරවරුවේ පිලිපීන පොලිස් මූලස්ථානය වෙත ගොස් එහි මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වී තිබුණි.
පොලිස් මූලස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ පිලිපීන ජාතික පොලිස් සේවාවේ ප්‍රධානි Oscar D Albayalde මහතා සහ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති Catalino S cuy යන මහත්වරුන් විසිනි.
පිලිපීන රජය විසින් ගෙන යනු ලබන නිතී විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ ප්‍රදර්ශනයක් නැරඹීමට ද ජනාධිපතිවරයා එහිදී එක්විය.
අනතුරුව පොලිස් ප්‍රධානී ඇතුළු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග සාකච්ඡාවකට එක් විය.
ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය වැටලීම් කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.
( ජනාධිපති මාධ්‍ය ඒකකය)
2019-12-15 16:13:00
2019-12-15 15:00:00
2019-12-15 14:19:00
2019-12-15 13:54:00
2019-12-15 12:46:00