ලංකාවේ ශ්‍රව්‍යාබාධිතයන් සදහා ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් - Lanka News Web (LNW)

ලංකාවේ ශ්‍රව්‍යාබාධිතයන් සදහා ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක්

මෙරට වෙසෙන ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් සංවාදශීලී ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් නිපදවීමට අදාල පියවර ගන්නැයි ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා විසින් තම අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දී තිබේ.

 

මෙම මෘදුකාංගය ශ්‍රව්‍යාබාධිත පුද්ගලයකු සහ සාමාන්‍ය පුද්ගලයකු අතර සන්නිවේදනය පහසු කරලීම වෙනුවෙන් නිපදවනු ලබයි.

ශ්‍රව්‍යාබාධිත පුද්ගලයාට පැවසීමට අවශ්‍ය වචන, අකුරු වාක්‍ය බවට පරිවර්තනය කිරීම මෙමගින් සිදුවේ.

මේ හරහා දෙපිරිස අතර විධිමත් සංවාදයකට මුල පිරෙන බව අමාත්‍යවරයා පවසයි.

ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන් කෘෂිකර්මාන්තයට උනන්දු කරලීම වෙනුවෙන් ඊට අදාල ශබ්දකෝෂ ද මෙම මෘදුකාංගයට එක් කිරිමට පියවර ගන්නා බව රජය පවසයි.

මෘදුකාංගය භාවිතා කරමින් කෘෂි උපදෙස් හා වගා විධි අධ්‍යනය කිරීමට ද අවස්ථාව සැලසේ.

ස්මාට් ජංගම දුරකථන හරහා ශ්‍රව්‍යාබාධිතයන්ට කඩිනමින් මෙම සේවාව ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

මෙම ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය නිපදවනු ලබන්නේ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයකු වීම ද විශේෂත්වයකි.

2012 වසරේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කොට ඇති වාර්තා අනුව ලංකාවේ වෙසෙන ශ්‍රව්‍යාබාධිත හා අර්ධ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවයි.

CR

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

අල්ලසක් ලබාගත් බවට ගෝඨාභය රාජපක්ෂගෙන් පාපොච්චාරණයක්

අප්‍රේල් 18, 2019

පසුගියදා රාවය පුවත් පත සමග සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී හිටපු ආරක්ෂක...

දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක්

අප්‍රේල් 21, 2019

මීට සුළු මොහොතකට පෙර දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක් සිදුව...

බොරැල්ලේ තවත් පිපිරීමක් !

අප්‍රේල් 21, 2019

මීට සුළු මොහොතකට පෙර බොරැල්ල ඔරියන්ට් සිටි අසල පිපිරීමක් සිදුව...

‘ඇමරිකාව වෙනුවෙන් අවි දැරීමට මම දිව්රා පොරොන්දු වෙමි’: නන්දසේන ගෝඨාභය රාජපක්ෂ

අප්‍රේල් 19, 2019

මගේ ආශාව වන්නේ, කිසි රටක පුරවැසියෙකු නොවී සිටීම ය.