මෙවර අයවැය පාසල් 3000 ක් වැසීමයාම තහවුරු කරමින් පෞද්ගලික අධ්‍යාපනය ශක්තිමත් කරන්නකි - Lanka News Web (LNW)

මෙවර අයවැය පාසල් 3000 ක් වැසීමයාම තහවුරු කරමින් පෞද්ගලික අධ්‍යාපනය ශක්තිමත් කරන්නකි

මෙවර අයවැයෙන් ගුරු වැටුප් දෙගුණ වන බව ප‍්‍රකාශ වුවද එය සම්පූර්ණයෙන්ම අසත්‍යයකි. 2016 වසරේ සිට රාජ්‍ය සේවකයන්ගේ දීමනාව මූලික වැටුපට එකතු කිරීම පදනම් කරගෙන නිකුත් කරන ලද 3/2016 චක‍්‍රලේඛයේ ඉතිරි වැටුප් වැඩිවීම මේ ආකාරයට වැටුප් වැඩිවීමක් ලෙස හුවා දක්වා ගුරුවරු රැවටීමට ලක්කර ඇත.
 
එසේම අයවැය යෝජනා තුළ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ලක්ෂ තුනකින් 30,000 ක් පමණක් රජයේ විහ්ව විද්‍යාලවලට ඇතුළත් කරන බැවින් ඉතිරි පිරිසට පෞද්ගලික විශ්ව විද්‍යාලවලට යාමට ණය ක‍්‍රමයක් ලබාදීමට රුපියල් මිලියන 200 ක් වෙන්කර තිබීම තුළින් පෞද්ගලික අධ්‍යාපනය ශක්තිමත් කිරීමට අප දැඩි විරෝධය පළ කරමු. 
 
එම මුදලින් රාජ්‍ය විශ්ව විද්‍යාල ශක්තිමත් කොට බඳවා ගැනීම් පුළුල් කිරීම වෙනුවට මේ ආකාරයෙන් පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුන් යොමු කිරීම නිදහස් අධ්‍යාපනය වලපල්ලට යොමු කිරීමකි. උසස් පෙළ ඉහළින් සමත් වන සිසුන් 14 ක් ලෝකයේ ප‍්‍රධාන විශ්ව විද්‍යාලවලට යොමු කිරීම අයවැය යෝජනාවක් බවට පත් කිරීම ඡන්ද ගුණ්ඩුවකි. විය යුත්තේ සමස්ත සිසුන්ට අවශ්‍ය ප‍්‍රතිලාභ හිමිකර දීමයි. 
 
2018 වසරේ පාසල් 101 ක් වැසීගොස් ඇති අතර, සිසුන් 50 ට අඩු පාසල් 1226 ක් මෙම වසරේ වසා දමන බව අධ්‍යාපන ඇමතිවරයා ප‍්‍රකාශ කර ඇත. එසේම ළමුන් 100 ට අඩු පාසල් 3000 කට ආසන්න ප‍්‍රමාණයක් වැසීයාමේ අන්තරාවකට පත්කර ඇත. රජයේ පාසල් වැසීයෑම වැලැක්වීම සඳහා අයවැය තුළින් වැඩපිළිවෙලක් සකස් කොට ඒ සඳහා මුදල් වෙන් කිරීම වෙනුවට පාසල් වසා පෞද්ගලික අධ්‍යාපනය දිරි ගැන්වීමේ රජයේ අයවැය නිදහස් අධ්‍යාපනයට එල්ල කරන ලද මරු පහරකි. 
 
පසුගිය අයවැයෙන් ඉදිරිපත් කරන ලද යෝජනා පවා ක්‍රියාත්මක නොවුණ පසුබිමක මෙවර අයවැයෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කර නැති අතර, මේ වන විට ආණ්ඩුව මීට වසර දෙකකට පෙර ආරම්භ කළ 13 න් වසරක අධ්‍යාපනය හා බලාපොරොත්තු වූ අරමුණුවලට ළඟා නොවූ ‘ළඟම පාසල හොඳම පාසල’ අසාර්ථක ව්‍යාපෘතිය අධ්‍යාපනයට වෙන් කරන මුදල් යොදවා මහා පරිමාණ ප‍්‍රචාරක ව්‍යාපෘතියක් බවට පත් කර ඇත. මේ තත්වය තුළ සමස්ත අධ්‍යාපනයට පුද්ගලීකරණය කිරීමට එරෙහිවත්, නිදහස් අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙනුත් ජනතාව පෙරට පැමිණිය යුතු බව ලංකා ගුරු සංගමය ප‍්‍රකාශ කර සිටී. 

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb