පුවත් නිවේදන - Lanka News Web (LNW)

පවතින අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රය අවට ඇති වූ ගංවතුර තත්වය වැලැක්වීම සඳහා ආරක්ෂක සේනා මුලස්ථානය බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ 12 වන ගජබා රෙජිමේන්තුවේ සහ 4 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භට පිරිස් ඉරිදා (7) දින අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේ.

 ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර ව්‍යාපාර කටයුතුවල නියැලී සිටින ව්‍යාපාරිකයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සුහද හමුවක් 03 වැනිදා සන්ධ්‍යාවේ ඔස්ලෝ නුවර මෙෂ් ශාලාවේ දී පැවැත්විණි.

නැගෙනහිර පළාත් සභාව ප්‍රථම වරට සංවිධානය කරන අන්තර්ජාතික ආයුර්වේද ප්‍රදර්ශනය ඔක්තෝබර් මස 04, 05, 06 යන තෙදින ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අධ්‍යාපන අමාත්‍යවරයා සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග දෙසැම්බර් මාසයේ එකවර පත්වන බව ප‍්‍රකාශ කර ඇත. විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සඳහා කාලය ගතවීම ඊට එක් හේතුවක් බව දක්වා ඇත. නමුත් 2017 දෙසැම්බර් 28 වන විට උසස් පෙළ ප‍්‍රතිඵල නිකුත් කළ ද එම ප‍්‍රතිඵලවලට අදාළව විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම මේ දක්වා විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කර නොතිබීම ඉහත යෝජනාවට පෙර සොයා බැලිය යුතු තත්වයකි. මෙවැනි ප‍්‍රමාදයන්ට විසඳුම් සෙවීම වෙනුවට මේ ආකාරයෙන් විභාග වෙනස් කිරීමට යෝජනා කිරීම විහිළුවකි. 

ශ්‍රී ලංකාවේ මිලියන 20 කට අධික සමස්ත ජනගහනය නියෝජනය කිරීම සඳහා මෙන්ම ඔවුන්ගේ අභිලාෂ ඉටුකිරීම, ජනතාවට තනි තනිව ඉටු කර ගත නොහැකි අවශ්‍යතාවන් ඉටු කරගැනීම සඳහා දූරදර්ශීව සහ වර්තමානයේ පමණක් නොව අනාගත තත්වයන්ද සැලකිල්ලට ගනිමින් ලංකාවේ සහ එහි පුරවැසියන්ගේ සුභසිද්ධිය පතා කටයුතු කිරීමට අප උත්තරීතර පාර්ලිමේන්තුව සඳහා 225 දෙනෙකුද, පළාත් සභා සඳහා 455 දෙනෙකුද සහ පළාත් පාලන ආයතන සඳහාද 8535 දෙනෙකු වශයෙන් ජනතා නියෝජිතයන් 9215 ක ප්‍රමාණයක් පත්කරගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කෙසුයුකි නකානේ මහතා ඇතුළු දූත පිරිස ඔවුන්ගේ පළමු රාජ්‍ය තාන්ත්‍රික හමුව වශයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය සහ වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමඟ අද(29) විශේෂ සාකච්ජාවක් පවත්වා තිබුණි.

ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය පිළිබඳ කැපී පෙනෙන භූමිකාවක් ඉටු කරමින් සිටින නෙළුම්යාය පදනම, අද දින (අගෝස්තු 03) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඇතැම් කණ්ඩායම් හෝ පුද්ගලයන් විසින් හිතාමතාම හෝ නොසැලකිලිමත් ලෙස සිය ආයතනයට විරුද්ධව ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කරන බව සඳහන් කරයි.

ජාතික විභාග පැවැත්වීමේදී විභාග ශාලාවල විශ‍්‍රාමික හමුදා නිලධාරියෙකු යෙදවීමට මේ වනවිට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී. එළඹෙන අගෝස්තු මස පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගයේදී විභාග වංචා වැලැක්වීමට යැයි කියමින් මෙසේ විභාග ශාලාවලට විශ‍්‍රාමික හමුදා නිලධාරීන් යෙදවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන බව විභාග කොමසාරිස්වරයා, විභාග කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවලදී ප‍්‍රකාශ කර ඇති අතර මේ වනවිට එම නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු ද සිදුවෙමින් පවතී.

බ්‍රිතාන්‍ය පාලනයෙන් පසු පැවති සිංහල මූලික ආණ්ඩු දිගින් දිගටම දෙමළ ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සහ සමානාත්මතාවය නිරුවත් ලෙස මගහරිමින්, පාගා දමමින්, ඊට එරෙහිව ජාතිවාදී ප‍්‍රචන්ඩත්වය මුදාහළහ. වසර 1956, 58 හා 77 හිදී මුදාහළ සිංහල බෞද්ධ අධිපති මතවාදයේ ජාතිවාදී ප‍්‍රචන්ඩත්වයේ ගින්නෙන් දෙමළ ජනයා දැවුනද, එම ඉතිහාසයේ අඳුරුතම සලකුණ වන්නේ 1983 ජූලි 23 වන දිනයයි.

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb